මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි.
මහකන්ද පාමුල නමැති නවකතාව රචනා කරමින් සාහිත්‍ය ක්ෂේත්‍රයට පිළිපන් අමරකීර්ති සිය අටවක පුත්තු නවකතාව වෙනුවෙන් 2008 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනා ගත්තේය.ඉන්පසු ඔහු නවකතා,කෙටිකතා,විචාර කෘති රැසකට ම ස්වර්ණ පුස්තක ඇතුළු සම්මාන කිහිපයක් ම දිනා ගෙන ඇත. කුරුණෑගල දෙමටගොල්ල රජයේ විදුහලෙන් සහ වැල්ලව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලබා 1994 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියද, ඉන් අනතුරුව වර්ෂ 2000 දී ඇමෙරිකා එක්සත් ජනපදයේ විස්කොන්සින් විශ්වවිද්‍යාලයෙන්(University of Wisconsin) ශාස්ත්‍රපති හා අාචාර්ය උපාධිය ද හිමි කරගත් අමරකීර්ති සරසවි ඇදුරකු ලෙස වත්මන් සාහිත්‍ය ක්ෂෙත්‍රයේ නිර්මාණ මෙන්ම විචාරය අරබයා ද ඉගැඹුරු වූත් ඉසියුම් වූත් ශක්‍යතා සුවිශද කරමින් සාහිත්‍ය කෘති රාශියක් ම පළ කළේය.
අද්‍යතන ඇල්මැරුණු සාහිත්‍ය සම්භාෂණය හා ඉරිතැලුණු සමාජය පිළිබඳ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සමග ලංකාදීප මතුමහල වෙනුවෙන් කළ විවෘත සංවාදයකි මෙි.
මම
මහකන්ද පාමුල නවකතාවෙන් ඇරඹෙන ඔබගේ ප්‍රබන්ධකරණය අටවක පුත්තු,අහම්බකාරක,කුරුලු හදවත,රතු ඉරි අඳින අත, කැළලිකාරයෝ දක්වා ගමන් කරනවා. නවකතාකරුවකු,කෙටිකතාකරුවකු,කවියකු,පරිවර්තකයකු,විචාරකයකු,සරසවි ඇදුරකු ලෙස විවිධ භූමිකා නිරූපණය කරන ඔබ සීරියස් ලියන්නකු හැටියටයි මා දකින්නේ.එහෙත් ඔබ ඇතුළු අතළොස්සක් තරම් ලේඛකයන් සාහිත්‍ය කලාව ඔස්සේ සංවෙිදී සමාජයක්,සංස්කෘතික ජීවියෙක් ගොඩනැංවීමට වෙහෙස මහහන්සි වෙද්දී පාලකයන් සෞන්දර්ය විෂය පෙළ පොතෙන් ගලවා දමන්නට නරුම උත්සාහයක නිරත වෙනවා.මෙයට පෙර සිටි පාලකයන් ද සාහිත්‍ය විෂය කප්පාදු කළා.මෙි ගැන ඔබට මොකද හිතන්නේ ?
අමරකීර්ති
සෞන්දර්ය විෂය පෙළපොතින් අයින් කිරීම කෙසේ වෙතත් පාසල් විෂය මාලාව තුළ දෙවැනි පෙළ විෂයයක් බවට එය පත් කිරීමට කාලෙක සිට සිදුවෙමින් පවතිනවා. මේක පුදුමයක් නෙමෙයි. අපේ රටේ අධ්‍යාපනය දැඩි උපයෝගිතා තර්කනයකට යටවෙලා තියෙන්නෙ. ඒ කියන්නෙ පාසලෙන් හෝ විශ්වවිද්‍යාලෙන් ඉවත් වූ වහාම දැනට තියෙන ආර්ථික පද්ධතියේ කොහෙහරි තැනක ඉක්මන් රැකියාවක් ලබාගත හැකිද කියන එක තමයි අධ්‍යාපනයේදී බැලෙන්නෙ. උපයෝගීතා තර්කනය කියන්නෙ වහා පෙනෙන ප්‍රයෝජනය පිළිබඳ තර්කනයක්. අධ්‍යාපනය අවසන් වූ වහාම ආර්ථිකය තුළ මොනවා හෝ කරන්න පුළුවන් නම් ‘ප්‍රයෝජන’ තියෙනවා.
හැබැයි සැබෑ අධ්‍යාපනය තුළ තිබෙන සෑම විෂයධාරාවක්ම එවැනි සෘජු හෝ හදිසි ප්‍රයෝජන සහිත දේවල් නෙවෙයි. අධ්‍යාපනයක තිබිය යුතු දර්ශනය, ඉතිහාසය, ආචාරධර්ම, කලා රසඥතාව ආදිය එවැනි හදිසි ප්‍රයෝජන සහිත දේවල් නෙවෙයි.ඒ විෂයවල ප්‍රතිඵල ජීවිතයේ පසු කලෙක හෝ මනුෂ්‍ය විඥානය වෙනස් කරන තීරණාත්මක අන්තර්ගතයක් අධ්‍යාපනයට සපයනවා. නමුත් ඒක වෙන්නෙ ඒ විෂයයන් ගැන හොඳ අවබෝධයකින් නිර්මාණශීලි විදියට ඉගෙනීමෙන්. විභාගයකට ඒවා ඉගෙනීමට වඩා කළ යුත්තේ අධ්‍යාපනයෙහි අත්‍යවශ්‍ය අංගයක් සේ ඒවා ඉගෙනීම. ලංකාවේ හෝඩියේ සිට විශ්වවිද්‍යාලය දක්වා තියෙන්නෙ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මවුපියෝ සහ දරුවෝ දෙගොල්ලම දන්නෙ එවැනි අධ්‍යාපන සංස්කෘතියක්. ඒ වගේ පසුබිමකදී නිල අධ්‍යාපන පද්ධතිය තුළ සෞන්දර්ය විෂයයන් අනිවාර්ය නොවේ යැයි කීම සිද්ධ වෙන්න පුළුවන්, එතකොට වෙන්නේ ඒවා විසිවෙලාම යන එක. කොහොමත් මේ ගැන හොඳ සාකච්ඡාවක් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ තියෙන්න ඕනෑ.
මම
සාහිත්‍ය කෘතියක් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් බවට පත්වන්නේ ඒ කෙරෙන් සමාජ දේශපාලන විවරණයක් පිළිබිඹු වුණොත් පමණයි.ඇන්ටන් චෙකොෆ්ගේ හයේ වට්ටුව(ward no 6) සහ ඇල්බෙයා කැමුගේ පිටස්තරයා (The outsider ) වැනි කෙටි නවකතා තුළින් යටකී සමාජ දේශපාලන විවරණය දක්නට ලැබෙනවා.චෙකොෆ්ගේ හයේ වාට්ටුවෙන් එකල සාර් පාලන සමයේ මුළු රුසියාව ම පිස්සන් කොටුවක් වූ හැටිත් කැමුගේ පිටස්තරයා නවකතාවෙන් සම්ප්‍රදාය අධිකරණය හා මිනිසාගේ ජීවත් වීමෙි නිදහස පිළිබඳ කතිකාවක් විද්‍යමාන වෙනවා.මට අනුව අපේ රටත් සමාජයත් අද එවැනි පීඩනයකට නතු වී තිබෙනවා.පාලකයන් සීරුවෙන් සිටගෙන අපට පහසුවෙන් සිටින්නට සලස්වා තිබෙන මොහොතකයි මා මෙි ප්‍රශ්නය ඔබෙන් අහන්නෙ? සාහිත්‍ය කෘතියකට දේශපාලන දෘෂ්ටියක් තිබිය යුතු ද?
අමරකීර්ති
ඔබ අහන්නෙ ඉතා වැදගත් ප්‍රශ්නයක්. හොඳ සාහිත්‍ය කෘතියකට දේශපාලන අර්ථකථන ජනිත කිරීමේ විභවතාව තියෙන්න ඕනෑ.දැන් බලන්න මම භාවිත කරපු යෙදුම. දේශපාලන අර්ථකථක ජනිත කිරීමේ විභවතාව. හොඳ සාහිත්‍ය කෘතියක් දේශපාලන අදහස් ප්‍රචාරය කරන්නෙ නෑ. නමුත් හොඳ සාහිත්‍ය කෘතියක් ලියැවෙන අවස්ථාවේ සමාජ-දේශපාලන වාතාවරණය වෙත ප්‍රතිචාර දක්වනවා. ජර්මන් නවකතාකරු ගුන්තර් ග්‍රාස් ( Gunter Wilhelm Grass was a German novelist and poet ) හා දේශපාලනය කියල පවත්වපු දේශනයකදී මෙහෙම දෙයක් කිව්වා: ‘ලියන මම විතරක් නෙමේ කියවන පාඨකයනුත් දේශපාලනයෙන් වටකරනු ලැබ ඉන්නෙ. ඒ නිසා දේශපාලනයෙන් තොර සාහිත්යික යුටෝපියාවක් තවදුරත් අපිට නෑ.’ හැබැයි එක වැදගත් දෙයක් ඔහු කියනවා. දේශපාලනය කියන්නෙ යමක් ගැන ස්ථිර විශ්වාසය පිළිබඳ කතිකාවක් සාහිත්‍යය කියන්නේ සෑම දේම සැක කිරීමේ හා යළි විමසීමේ කතිකාවක්.’ මම හිතන මේක ඇත්ත කියලා. සාහිත්‍යකාරයාට පුළුවන් නම් තමන්ම දේශපාලනයේදී විශ්වාස කරන දෘෂ්ටිවාද යළි පරීක්ෂා කිරීමේ භාවනාවක සාහිත්‍යයේදී යෙදෙන්න. එතකොට ඒ සාහිත්‍ය කෘතිය අර දේශපාලන දෘෂ්ටිවාදයේ ප්‍රචාරණ උපකරණය වෙන්නෙ නෑ.
අර ක්ලබ් වසන්ත සිද්ධිය හා "රතු ඉරි අඳින අත" සැසඳීම ගැන ස්තුතියි. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල කියල තිබුණා කල්බ් වසන්ත සහ දයාසිරි ජයසේකර අමරදේවගේ සින්දු කියන වීඩියෝව දකිනකොට රතු ඉරි අඳින අත මතක් වුණා කියලා.ඒ නවකතාවෙන් පෙන්නුව වගේ අපේ රටේ පාතාලේ තියෙන්නෙ සාමාන්‍ය සමාජයෙන් හුඟක් ඈත අගාධයක නෙවෙයි.
මම
ඔබෙි "රතු ඉරි අඳින අත" නමැති නවකතාව මෙි රටෙි ජීවන රිද්මය හඳුනාගෙන ලියපු අපූරු ප්‍රබන්ධයක්.දේශපාලනඥයන්ගේ සහ ආර්ථික ඔස්තාර්ලාගේ ඊනියා විදග්ධභාවය ඔබ මෙි නවකතාව තුළින් උත්ප්‍රාසයට නගනවා.මෙි නවකතාව හරහා මිනීමරු දේශපාලනඥයා,පාතාලයා,කුප්‍රකට ව්‍යාපාරිකයා හා සරසවි ඇදුරාගේ හැසිරීම ඉතා සූක්ෂම කතා වින්‍යාසයක් ලෙස ඔබ ගොඩනගනවා.එමෙන්ම මෙහි යටිපෙළෙන් මතුකරන කළු හාස්‍ය (Black Humor ) අතිශය ප්‍රබලයි.විශේෂයෙන් ම පසුගියදා පාතල වෙඩි වරුසාවකින් මියගිය ක්ලබ් වසන්තලා වැනි දේශපාලන ඇම්බැට්යන්ගේ ඇතුළාන්තය ඔබ මෙි නවකතාවෙන් විනිවිද දකිනවා.එහෙත් මෙි නවකතාව එතරම් පාඨක විචාරක අවධානයට නතු වී නැහැ නේද?
අමරකීර්ති
පාඨක අවධානවයට ලක් නොවුණා කියන්න අමාරුයි. විචාරකයන්ට තමයි ඒක මිස් වුණේ. ඒකට එක හේතුවක් අර පාතාල දාමරිකයාට පවා සහභාගි විය හැකි කලා කතිකාවෙම තමයි විචාරකයත් ඉන්නෙ. තමන් ප්‍රබුද්ධ යැයි කියා සිතාගෙන සහභාගි වෙන රස වින්දන කතිකාවෙි සියලුම අංග ඉතා ශූර පාතාල සාමාජිකයෙක් විසින් කොල්ල කනු ලැබීම තමයි කතාවෙ තියෙන්නෙ.
අනික උත්ප්‍රාසාත්මක රචනයේදී භාෂාවේ යෙදුම්වල තියෙන උඩින් එකක් යටින් තව එකක් කීමේ කලාව අතැරුණොත් පාඨකයා දේවල් ගන්නෙ වාච්‍යාර්ථයෙන්.
මේ හැම ගද්‍ය ඡේදයක්ම වගේ වාච්‍යාර්ථයට යටින් යන උත්ප්‍රාසයක් තියෙනවා. පේරාදෙණියෙ විශ්වවිද්‍යාලේ එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන ඇතැම් උත්සව පවා විස්තර වෙන්නෙ සාමාන්‍යයෙන් ඒවා විස්තර කරන්න භාවිත කෙරෙන ආලංකාරික භාෂාවෙන් වුණත් ඒ විස්තරවල එන්නෙ උත්ප්‍රාසයක්.
අනික මේ නවකතාව මැර රංචු නවකතා හෙවත් අපරාධ නවකතාවල එන ක්‍රියාදාම ස්වරූපය භාවිත කරනවා. පාතාල චරිත ඉන්න නවකතාවක් මන්දගාමී හා භාවනාත්මක වින්‍යාසයක් තියෙන්න බැහැනෙ. අපේ රටේ අපරාධ නවකතා වගේ ජනප්‍රිය ශානරීය ලක්ෂණ භාවිත කළාම ඒක කලාත්මක වශයෙන් අඩු දෙයක් විදියට තමයි සැලකෙන්නෙ. මේ නවකතාවෙි එන චරිත හා ඔවුන්ගේ විෂය ලෝකය ගැන විරාගය හෝ චරිත තුනක් වගේ ලියන්න බැහැනෙ.
අර ක්ලබ් වසන්ත සිද්ධිය හා "රතු ඉරි අඳින අත" සැසඳීම ගැන ස්තුතියි. බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යවල කියල තිබුණා කල්බ් වසන්ත සහ දයාසිරි ජයසේකර අමරදේවගේ සින්දු කියන වීඩියෝව දකිනකොට රතු ඉරි අඳින අත මතක් වුණා කියලා.ඒ නවකතාවෙන් පෙන්නුව වගේ අපේ රටේ පාතාලේ තියෙන්නෙ සාමාන්‍ය සමාජයෙන් හුඟක් ඈත අගාධයක නෙවෙයි. අමරදේවගේ සින්දුවලදි විතරක් නෙමේ සරච්චන්ද්‍රගේ නාට්‍ය වගේ සම්භාව්‍ය දේවල් තියෙන අඩවියේ පවා සාමාන්‍ය ජීවිතය හා පාතාලය එකට එකතු වෙනවා. දයාසිරිලා ඉන්න අඩවිය හා වසන්තලා ඉන්න අඩවිය අතර ලොකු අගාධයක් නෑ. මේක නවකතාවෙන් සෑහෙන තරම් හොඳින් කියවිලා තියෙනවා කියල මම හිතනවා.
මම
අටවක පුත්තු,රතු ඉරි අඳින අත,අහම්බකාරක වැනි නවකතා එක්ක සංසන්දනය කරන විට ඔබගේ "කුරුලු හදවත " නවකතාව මට අනුව තරමක් අසාර්ථක නිර්මාණයක්.එහි ආකෘතිය සහ අඛ්‍යානය පවා ව්‍යාජ වට්ටෝරුවක්.මෙහි කථානායක දිනසිරි ජීවත් වන්නේ වළංගංගොඩ කියන කුලහීන කුඹල් ගමෙි.එහෙත් දිනසිරි කුලීනයකු වීමට අහිංසක උත්සාහයක් ගන්නවා.ඔහු රේඩියෝව හරහා ගමෙි නමත් තමන්ගේ නමත් වෙනස්කර ගන්නවා.ඔහු ඉන් ලබන්නේ අප්‍රමාණ මානසික සතුටක්.එහෙත් ඔබ මෙි ගොඩනගන චරිත මහපොළොවෙි සමාජ ආර්ථික දේශපාලන සන්දර්භය මත සරුසාරව මුල් ඇදී ගොඩනැගුණු චරිත නෙවෙයි.දිනසිරි ගොඩනගන ව්‍යාජ අනන්‍යතාව ( False Identity ) ජනප්‍රිය සංස්කෘතිය හඹා යෑමක්.මෙයින් කතාවෙි සාරයට කරන්නේ බරපතළ හානියක්.මෙි ගැන යම් අදහසක් පළ කළ හැකිද?
අමරකීර්ති
ඒක සාර්ථකද අසාර්ථකද කියන එකට උත්තර දෙන්න මම කැමති නෑ. ඒක විශාල වශයෙන් ජනප්‍රිය වුණ නවකතාවක්. ඒකෙ දිනසිරි ඉතා අහිංසක විදියට කරන්නෙ රතු ඉරි නවකතාවෙ බඩී කරන දේම තමයි.දිනසිරි කියන්නෙ ඉතා සරලමතික අහිංසක කෙනෙක්. එයා ඒ කාලේ රේඩියෝවල තිබුණ අසන්නන්ගෙ ඉල්ලීම් වැනි වැඩ සටහන්වලට අවුරුදු හතක් එක දිගට පෝස්කාඩ් යවනවා. වළංගංගොඩ කියල හැඳින්වුණු තමන්ගේ පොඩි ගමේ නම කුරුලුගංගොඩ කියල නම් කරල ඒ ගමේ කුල අනන්‍යතාව මකලා දානවා. ඒක පෝස්ට් කාඩ් එකකින් කරපු එක්තරා විප්ලවයක්. නමුත් ඔහු වානිජ මාධ්‍ය ලෝකෙට අහුවුණා ඔහුම තනිව ජයගත් විප්ලවය පාවා දෙනවා. තමන්ගේ ගමේ මැකුණු කුල අනන්‍යතාව යළි ස්ථාපිත කරලා ලංකාවෙම ප්‍රචාරය කරනවා.
මේකත් එක්තරා රූපකයක්. ක්ෂුද්‍ර අවකාශවල වැදගත් විප්ලව ජයගත් මිනිස්සු මහේක්ෂ අවකාශවලදි ඒ විප්ලව පාවාදීලා අකාලේ මැරෙනවා. නවකතාවෙ දිනසිරි තමන්ගෙ විවාහයෙ ෆ්‍රීෂූට් එක කරද්දි තමයි මැරෙන්නෙ. ඒ මරණය තථ්‍ය මරණයක් වගේම එක්තරා ආධ්‍යාත්මික මරණයක්.
මම
අටවක පුත්තු සහ කුරුලු හදවත වැනි නවකතා ඔස්සේ ඔබ ඉදිරිපත් කළේ ඔබෙි ස්වයං චරිතාපදානය ද?
අමරකීර්ති
අය්යෝ නෑ. ඒවා ස්වයං චරිතාපදානමය නවකතා නෙමෙයි. අටවක පුත්තු එකේ අපේ විශ්වවිද්‍යාල ජීවිතේ ඇතැම් කරුණු භාවිත වෙනවා. මගේ විඥානමය ලෝකයට කිට්ටු චරිත නවකතාවක තියෙන කොට ඒක ස්වයං චරිතාපදානමය කියල කියනවා නම් මගේ විඥානයට ගොඩක් කිට්ටු තැන් කැළලිකාරයෝ නවකතාවෙ දීපිකා තුළ තියෙනවා. කුරුලු හදවතේ දිනසිරිට වඩා. ඕවා ප්‍රබන්ධ කතා.
මම
ලාංකේය සාහිත්‍ය සම්භාෂණය තුළ පේරාදෙණි සාහිත්‍යයට ප්‍රබල ආස්ථානයක් ලැබී තිබුණා. නූතනවාදය සහ පේරාදෙණි සාහිත්‍ය අතර පවතිනුයේද අවියෝජනීය බැඳීමක්. එහෙත් එදා නූතන මිනිසාගේ ආධ්‍යාත්මික යථාව ගැඹුරින් නිරූපණය කළ පෙරාදෙණි ගුරුකුලයට ගුණදාස අමරසේකර පළමු බෝම්බය ගසන්නේ එය එක්ටැම් ගෙවල්වල මනස් පුතුන්ගේ සාහිත්‍යයක් ලෙස ලේබල් කරමින්.මෙහිදී අමරසේකර එල්ල කළ චෝදනාවට ඔබ එකඟද?
අමරකීර්ති
ඉතාම හොඳ නිරීක්ෂණයක්. අමරසේකර ඒ පහරදීම කළා සැර වැඩියි. අනික ඒ පහරදීම හරිම ඒකමානීයයි. සිරි ගුණසිංහ වගේ අය නූතනවාදයේ හරය හොඳට දැනගෙන තමයි ලිව්වෙ. හෙවනැල්ල නවකතාව ඒ යුගයේ මාස්ටර් පීස් එකක් හෙවත් පරිපූර්ණ කෘතියක්. ඒක හුදෙක් මනස් පුතුන් වැදීමක් නෙමෙයි. සිංහල ගැමි සම්ප්‍රදාය හා යටත් විජිත නූතනත්වය අතරට මැදි වී හැදී වැඩෙන තරුණයකුගේ අභ්‍යන්තරයට ඒ නවකතාවෙන් රිංගනවා. ඒ තරුණයාගේ ආත්මීයතාවේ තියෙන පැල්ම කතුවරයාගේ මනසේ ඇති වුණු මතිභ්‍රමයක් නෙමෙයි. ඒ පැල්ම පශ්චාත් යටත් විජිත රටවල ජනවිඥානය තුළ ඇති වන්නේ ඓතිහාසිකව. ඇත්තටම බැලුවොත් අමරසේකරගෙම යළි උපන්නෙමි වගේ පොතක් හෙවනැල්ලට වඩා දුර්වලයි. අමරසේකර තමන් එක්කම තියෙක තරහට තමන්ගෙ පරම්පරාවටම පහර දෙනවා. හැබැයි සිරි ගුනසිංහ වගේ දැනුම්වත්ව නූතනවාදී සාහිත්‍යකරණයේ නොයෙදුන අය ඉන්න ඇති. ඒ අයට අනුකාරකයෝ කියල කියපු එක ඇත්ත වෙන්න පුළුවන්. අනික තමයි ඒ මනස් පුතුන්ට පහර දෙමින් අමරසේකර ලියපු කෙටිකතා සිංහල භාෂාවෙන් ලියවුණු විශිෂ්ටතම කතා. එක්ටැමෙන් පොළොවට, එකම කතාව, කතා පහක් වගේ පොත්වල ආපු ඒ අගනා කෙටිකතා නිසා අමරසේකර මනස් පුතුන් යනුවෙන් පේරාදෙණියට කරපු පහරදීම හරි කියලත් සමහරුන්ට ඒ කාලේ හිතුණා. මම හිතන්නෙ ඒ යුගයේ සිරි ගුනසිංහයි ඒ යුගයේ අමරසේකරයි දෙන්නම අපිට ඕනෑ. අවාසනාවකට ගුණසිංහ ලිව්වා මදි. ඔහු තමන් සොයා පාදාගත් ධාරාවෙි තව ටිකක් වැඩ කරන්න තිබුණා.අනික තමයි අමරසේකර පහර දුන්නෙ පේරාදෙණි නූතනවාදයට විතරක් නෙවෙයි.70 දශකයේ මතුවුණු අතිසරල ජනතාවාදයටත් ඔහු පහර දුන්නා. මං හිතන්නෙ ඒක හොඳ දෙයක්.
විභාගයකට ඒවා ඉගෙනීමට වඩා කළ යුත්තේ අධ්‍යාපනයෙහි අත්‍යවශ්‍ය අංගයක් සේ ඒවා ඉගෙනීම. ලංකාවේ හෝඩියේ සිට විශ්වවිද්‍යාලය දක්වා තියෙන්නෙ විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්.
මම
නවකතාව,කෙටිකතාව මෙන්ම නාට්‍යය ද කැපවුණු සාහිත්‍යාංගයක් ලෙස ගිණිය හැකියි. බටහිර නවකතාකරුවන් විවිධ ඉසව් සොයාගෙන ගියත් අපේ නවකතාකරුවන් තවම අයාලේ යන බවක් දකින්නට ලැබෙනවා.ජේම්ස් ජොයිස්,ෆ්රාන්ස් කෆ්කා වැනි නූතනවාදී ලේඛකයන්ගේ ආභාසය ලැබුවත් අපේ ලේඛකයන් තවමත් පසුගාමීයි. විශේෂයෙන්ම සාහිත්‍ය ක්ෂේත්‍රය කෙරෙන් විවිධ න්‍යාය සහ මතවාද බිහිවූවත් එහි ව්‍යුහය අද බිඳ වැටී තිබෙනවා. අද්භූතවාදය, ස්වභාවිකවාදය, යථාර්ථවාදය අධියථාර්ථවාදය,ඉන්ද්‍රජාලික යථාර්ථවාදය,නූතනවාදය, පශ්චාත් නූතනවාදය ආදී මෙකී නොකී න්‍යායික මතවාද මෙරට නවකතාවට කිසියම් බලපෑමක් ඇති කළා යැයි ඔබ සිතනවාද?
අමරකීර්ති
මම හිතන්නෙ ඔව්. දැන් ලියන සැලකිය යුතු පිරිසක් විවිධාකාර ප්‍රතිනිර්මාණ විධි ගැන අවබෝධයකින් ඉන්න බව පේනවා. විශේෂයෙන්ම ප්‍රවීණ පිරිස. ඉලයප්ආරච්චි, පී බී ජයසේකර, කපිල කුමාර කාලිංග, මංජුල වෙඩිවර්ධන, බටුවන්ගල රාහුල හිමි වගේ අය විවිධ මට්ටම්වලින් අර කියපු න්‍යායික ධාරාවලින් එළිය ලබන බව පේනවා.
නමුත් දැන් නැවතත් සරල වානිජ නවකතාවේ නැග්මක් තියෙනවා. මෙවර මහනුවර පොත් ප්‍රදර්ශනයෙදි එහෙම එවැනි පොත්වලට විශාල ප්‍රචාරයක් ලැබෙනවා දැක්කා. ඒකට එක හේතුවක් තමයි අලුත් ප්‍රකාශකයෝ කීපදෙනෙක් මතු වෙලා ව්‍යාපාරයක් විදියට මුල් ඇදගන්න හදනකොට ජනප්‍රිය වානිජ නවකතා පළ කිරීම අවශ්‍යයයි. පොඩි පාඨක පිරිසක් බෙදා ගන්න ඒ එකිනෙකා අතර තරගයක් තියෙන කොට එක සමාන නවකතා රාශියක් මතු වෙනවා.
ඒත් ඒ අලුත් නවකතා ලියන අයට ඒ කලාව ගැන අධ්‍යයනය කරන්න තියෙන සම්පත් මදි. විශේෂයෙන් සිංහලෙන් මදි. 2005 වර්ෂයේ ""අමුතු කතාව" පොතත් 2007 වර්ෂයේ "තරුණ නවකතාකරුවෙකු වෙත" පොතත් ආවට පස්සෙ පොතක් නෑ. දැන් කවුරු හරි හොඳ අධ්‍යයනයක් කරන්න ඕනෑ.වෙන භාෂාවලින් ලියන අය කතා කියන ආකාරය ගැන අත්හදා බැලීම් කරන බව ඇත්ත. බලන්නකො මුරකමි, ජෝර්ජ් සෝන්ඩර්ස්, ඉෂිගුරෝ වගේ අයගෙ පොත්. සෝන්ඩර්ස්ගේ ලින්කන් ඉන්ද බාර්ඩෝ පොතේ තියෙන්නෙ විවිධාකාර චරිත ගණනාවක් මරණයෙන් පස්සෙ ගත කරන ගන්ධබ්බ අවස්ථාවෙ සිතිවිලි. ඒ කටහඬවල් අපිට ඇහෙන්නෙ කතුවරයෙක් නැතිව ඒවා ඇහෙනවා වගේ. අපි තමයි ඒවා එකට අමුණ ගන්න ඕනෑ. ශොහාන් කරුණාතිලකගේ සෙවන් මූන් නවකතාවත් ඊට සමාන ශිල්ප ක්‍රමයක් භාවිත කරනවා.
මම
ලාංකේය සාහිත්‍ය කලා ක්ෂෙත්‍රයට අදාළව විචාරය නම් වූ ප්‍රපංචය අපට මුණගැසෙන්නේ එක්තරා ආකෘතික ස්වරූපයකින්. ඕනෑම විචාරකයකු තුළ මේ ආකෘතිය සැකසී තිබෙන්නේ ඔහු දරන විවිධ මතවාද ආකල්ප හා චෙිෂ්ටාවන් එකතුවෙන්. ඔබ විචාර කලාව ගොඩනගනනේ කුමන විචාර සිද්ධාන්ත මතද?
අමරකීර්ති
මම එම්.ඒ සහා පී.එච්.ඩී වැනි පශ්චාත් උපාධි සඳහා තුලනාත්මක සාහිත්‍යය පුහුණුවක් ලබපු කෙනෙක්. ඒ පුහුණුවෙි අංගයක් විදියටම මම එක් දෘෂ්ටිවාදී කඳවුරක දැඩිව ස්ථානගත වෙලා විචාර වැඩ කරන කෙනෙක් නෙමේ. අනික මම ප්‍රායෝගික විචාරවලදි වුණත් පොතක හොඳ නරක ගැන සෞන්දර්ය විනිශ්චය කරන්නෙ ඉතාම කලාතුරකින්. ඒ නිසා මම ප්‍රායෝගික විචාරකයකුත් නොවෙයි. කොහොම වුණත් මෙහෙම කියන්න පුළුවන්. සාහිත්‍යය කියන්නෙ විවිධ ශානරවලින් විවිධ උපශානරවලින් විවිධ ශෛලිවලින් බොහෝ දෙනෙක් යෙදෙන කතිකාවක්. ඒ ඒ තනි කෘතිය කියන්නේ ඉතා සංකීර්ණ සුවිශාල කතිකාවක එක් ක්ෂුද්‍ර ප්‍රකාශවීමක්. මේ නිසා අපට සිද්ධ වෙනවා ඒ තනි තනි කෘතිය පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න. ඒ නිසා මගේ පුහුණුවෙි කොටසක් තමයි අපි යම් නිශ්චිත මොහොතක අපේ අතේ තියෙන කෘතියට වඩාම සාධාරණය ඉෂ්ට වන ආකාරයෙන් ඒක අගය කරන්න හොඳම න්‍යායික ප්‍රවේශය හොයාගන්න එක. එක් කෘතියකදි ස්ත්‍රිවාදී ප්‍රවේශයත් තව කෘතියකදි පශ්චාත් යටත් විජිත ප්‍රවේශයත් තව කෘතියකදි මනෝවිශ්ලේෂණීය ප්‍රවේශයත් භාවිත වෙන්න පුළුවන්. මේ අවුරුද්දෙ මුලදි මම ලියපු රචනයකදි මාර්ටින් වික්‍රමසිංහගේ "ගැහැනියක්" කෙටිකතාව පශ්චාත් යටත් විජිත න්‍යායික ප්‍රවේශයකින් කියවන්න තැත් කළා. ඒක ඒ කතාව ගැන කලින් අරන් තිබුණු ප්‍රවේශයක් නෙමෙයි. ඒ ප්‍රවේශය නිසා ඒ කෙටිකතාවෙ යම් නව අර්ථ මානයක් මතු වුණා.
පොදුවේ ගත්තම අද සාහිත්‍ය විචාරයේදී කළ යුතු දෙයක් තමයි යම් කෘතියක ව්‍යූහමය සැකැස්ම අගය කිරීම. ඒ කියන්නෙ ඒ කෘතියෙහි ව්‍යූහය සැකසී ඇත්තේ කෙසේද කියන එක. ඒ කියන්නෙ සාහිත්‍යකරුවා කියන්නේ මොකක්ද කියන එක නෙමේ කියන්නේ කොහොමද කියන එක. අන්න ඒ කාරණයේදී ව්‍යූහවාදයෙන් පස්සෙ ඇති වුණු න්‍යායික වර්ධනවල එළිය ඕනෑ.ඊ ළඟට කියන්නේ කුමක්ද කියන. ඒ කියන්නෙ තේමාත්මකය කියන්නේ කුමක්ද කියන එක ගැන විශේෂ අවධානය යොමු කරන න්‍යායික ධාරා තියෙනවා.තව දෙයක් තමයි යම් කෘතියක කියවෙන දේ එය කියන සුවිශේෂ ආකාරය නිසා පාඨකයා වෙතින් අපේක්ෂා කරන්නේ කුමන ක්‍රියාකාරිත්වයක්ද කියන එක. එනම් යම් කෘතියකින් අපේක්ෂා කෙරෙන්නේ කවර පාඨක සහභාගිත්වයක් ද කියන එක. දැන් සාහිත්‍යකරණයේ යෙදෙන අය ඉතා සක්‍රීය පාඨකයෙක් අපේක්ෂා කරනවා. කෘතිය සහ පාඨකයා අතර සිද්ධ වන සෞන්දර්ය ගනුදෙනුව පිළිබඳ න්‍යායික ධාරා තියෙනවා. පාඨක ප්‍රතිචාර න්‍යාය වගේ.
ඒ නිසා අද යම් ශාස්ත්‍රාලයීය පසුබිමක සිට විචාර කාර්යයේ යෙදෙන අයට මෙන්න මෙතන තමයි මම ඉන්නෙ කියල කේවල දෘෂ්ටිවාදයකින් සාහිත්‍යය දිහා බලන්න බෑ.
මම
ඔබ කවිත් ලියනවා.විවිධ තරුණ කවීන්ගේ උසස් නිර්මාණ මුහුණු පොතේ ඇගයුමටත් ලක් කරනවා.එහෙත් අද දවසේ කවි කියවන අයට වඩා ලියන අය වැඩියි.කාව්‍ය බීජයක් පහළ වීම සහ කාව්‍යයක් නිර්මාණය වීම අතර කලාත්මක ශ්‍රම වෙනස හඳුනා නොගත් කවියකුට සිය නිමැවුම් කෙරෙන් නව්‍ය වින්දනයක් සහ චින්තනයක් සුවිශද කිරීමට අපහසුයි.එමෙන්ම උසස් ගණයේ කාව්‍ය නිමැවුමක් කිරීම සඳහා දැඩි කාව්‍ය සාංකාවක් ( Poetical Anxiety ) තිබිය යුතුයි.එහෙත් අද ලියැවෙන බොහෝ කවිවල කාව්‍ය පරිශ්‍රමය නැහැ.අද තියෙන්නේ හිතට බලකර මනසින් ගැට ගහන කවි නේද?
අමරකීර්ති
ඒක හොඳ ප්‍රශ්නයක්. එක්තරා ආභාසයක පිළිබඳ කාංසාවක් (Anxiety of Influence) ගැන වෙන්න ඕනෙ ඔබ කතා කරන්නෙ. ඒ කියන්නෙ කාව්‍ය සම්ප්‍රදායක උරුමය ගන්නවද නැද්ද කියන දෙගිඩියාව. සම්ප්‍රදායේ ආනුභාවය ලැබෙන්නත් ඕනෙ ලැබුණොත් මගේ ඒකපුද්ගල ප්‍රතිභා ශක්තියට මොකද වෙන්නෙ කියන දෙගිඩියාව. කවිය හොඳින් හදාරමින් වැඩ කරන කවීන් තුළ මේක තියෙන්න ඕනෑ. හැබැයි ඉතින් එ් තත්වයේ හිඳිමින් හොඳින් වැඩ කරන කවියෝ අද ඉන්නවා. ඉලයප්ආරච්චි, රණවීර, නන්දන වගේ පැරණි අය පොඩ්ඩක් පැත්තකින් තිබ්බත් ලක්ශාන්ත අතුකෝරළ, මංජුල වෙඩිවර්ධන, ඉසුරු චාමර සෝමවීර, ප්‍රගීතිකා ජයසේකර, නඳුන් යසිත දසනායක. රුවන් බන්දුජීව, ධනුෂ්කා නිෂාදි කුලරත්න, ළහිරු කරුණාරත්න වගේ අයගෙ නිර්මාණ බැලුවොත් ඒ අය වැඩ කරන විදිය නරක නෑ. ඉවෙන් මෙන් මේ අවබෝධය තියෙන නමුත් විශාල වශයෙන් හැදෑරීම් නොකරන තව කවියෝ පිරිසකුත් ඉන්නවා. ඒ අය ප්‍රතිභා ශක්තියෙන් දිදුලන නමුත් හැදෑරීමේ කැපවීමෙන් අඩුයි. ඒ සමහර අයගේ සීමාව එකයි. එහෙම පිරිස වැඩි වෙන්න පුළුවන්. ඒකම කමක් නෑ. ඕනෑම පරම්පරාවක කවි ලියන විශාල පිරිසක් උන්නට පූර්ණ ප්‍රවීණත්වය සහිත අය හැටියට මතු වෙන්නෙ කීපදෙනෙක් විතරයි. ලක්ශාන්ත අතුකෝරල වගේ කෙනෙක් ඒ පරම්පරාවෙ ඉදිරියෙන්ම යන බව පේනවා.අනික කාව්‍ය සම්ප්‍රදාය පිළිබඳ අපි අර කියපු කාංසාව හෙවත් ඇන්සයටි ඔෆ් ඉන්ෆ්ලුවෙන්ස් ((Anxiety of Influence) හුදෙක් ඒක භාෂා සම්ප්‍රදායක් තුළ තියෙන්න ඕනෙ නැහැනෙ. අපි අද ජීවත් වන සමාජයේ සාහිත්‍ය සංස්කෘති අතර අන්තර්ක්‍රියා වැඩියි. සම්භාව්‍ය සංස්කෘත සාහිත්‍යය ඒ කාලේ ග්‍රීක සාහිත්‍යය එක්ක කරපු අන්තර්ක්‍රියා නැති තරම්. අද එහෙම නෙමේ. සිංහල වගේ කුඩා සාහිත්‍ය සංස්කෘතියක් පවා නොයෙක් විදේශීය සාහිත්‍ය සංස්කෘතිවල අංග සමග අන්තර්ක්‍රියා කරනවා. ඒ නිසා අපේ හොඳම කවීන්ගේ ආභාසය පිළිබඳ කාංසාව හුදෙක් ශ්‍රී රාහුල හිමියන් සම්බන්ධයෙන් පමණක් නෙමෙයි ඇති වෙන්නෙ.ඒත් අලුත් පරම්පරාව අඩු තරමින් ඉංග්‍රීසියෙන් වත් ලෝකයේ හොඳම කවි තව හොඳට අධ්‍යයනය කරනවා නම් හොඳයි. අනික තමයි අපිට හිටියා නම් තව ඉන්දියානු භාෂාවක්වත් හොඳින් දන්න තරුණ කවියො. ඒක හරි වටිනවා. යම් ප්‍රතිභාවක් පෙන්වන තරුණ කවියො වංග, උර්දු, දෙමළ, මලයාලම් වගේ එක් භාෂාවක් තෝරගෙන හොඳට ඉගෙනගන්නවා නම් හරි වටිනවා.
විශ්වවිද්‍යාල හා සම්බන්ධ සාහිත්‍යකාර තරුණ කථිකාචාර්යවරු මේ වැඩේ කරන්න ඕනෑ. මොකද එයාලටනෙ ශිෂ්‍යත්ව ආදිය තියෙන්නෙ.
නමුත් අපි පිළිගන්න ඕනෙ අද ඉන්න ප්‍රවීණ කවියෝ හා සාහිත්‍යකාරයෝ සියලු දෙනාම පාහේ විශ්වවිද්‍යාලවලට පිටින් ඉන්නෙ.පරාක්‍රම කොඩිතුවක්කු, ඉලයප්ආරච්චි, රණවීර, නන්දන, රත්න ශ්‍රී, වෙඩිවර්ධන, ලක්ශාන්ත. ඔක්කොම වගේ ඉන්නෙ පිට. ඒ නිසා ඒ වගේ උසස් අධ්‍යාපන පද්ධතියට පිටින් ඉන්න දක්ෂ අයට වැඩිදුර අධ්‍යාපනයට අවශ්‍ය පහසුකම් හදන්න වටිනවා. උදාහරණයකට ඔය ටිම්රාන් කීර්ති හෝ ළහිරු කරුණාරත්න වගේ කෙනෙක් අවුරුදු දෙකක ශිෂ්‍යත්වයක් දීල කේරළේට හෝ බෙංගාලෙට යැව්වොත් ඒ භාෂා සාහිත්‍ය ඉගෙනගන්න කියල ඒක හොඳ ආයෝජනයක් වෙයි. එවැනි උසස් අධ්‍යාපන අවස්ථා විශ්වවිද්‍යාලවලට විතරක් ලබාදීමෙන් ඒ පරම්පරාවෙ හොඳම සාහිත්‍යකාරයන්ට ඒ අවස්ථාව නොලැබෙන්න පුළුවන්.
සාහිත්‍ය විචාරයෙන් විතරක් යම් සමාජයක මුල් ඇදුණු ස්ථාපිතයේ න්‍යෂ්ටිය මුණ ගැහෙන්නෙ නැැහැනෙ. මුල් ඇදුණු ස්ථාපිතයේ න්‍යෂ්ටියට අපි ‘යථ’ කියල කිව්වොත් ඒ වෙත අභියෝග කිරීමේ කාර්ය දේශපාලනයේ කාර්යයක්.
මම
අපේ සමාජය තුළ තවමත් පවතිනුයේ සංකේතීය නොවන පරිකල්පනාත්මක ව්‍යුහයක්. න්‍යායෙන් හෝ විචාරයෙන් බිඳ දැමිය හැකි සංකේතීය ලෝකයක් අපට නැහැ.ලාංකේය දේශපාලන සම්භාෂණය තුළ පවා භාවිත වන න්‍යායික මතවාද හා විචාර පෙරළා ප්‍රතිවිචාරයට ලක් නොවීමත් දැනුම කෙරෙන් අපට "යථ" හමු නොවීමත් විශාල උභතෝකෝටිකයක්. ලංකාව තුළ විචාරය ප්‍රතිවිචාරයට ලක් නොවන්නේ ඇයි?
අමරකීර්ති
ඒක එහෙමමද කියල මට විශ්වාස නෑ. සාහිත්‍ය විචාරයෙන් විතරක් යම් සමාජයක මුල් ඇදුණු ස්ථාපිතයේ න්‍යෂ්ටිය මුණ ගැහෙන්නෙ නැැහැනෙ. මුල් ඇදුණු ස්ථාපිතයේ න්‍යෂ්ටියට අපි ‘යථ’ කියල කිව්වොත් ඒ වෙත අභියෝග කිරීමේ කාර්ය දේශපාලනයේ කාර්යයක්. මම නම් සංස්කෘතික දේශපාලනය තුළ තැත් කරන්නෙ ඒකට.ඒ ඇත්තටම ඉන්න මිනිස් සමූහය සමග ඉඳිමින් කළ හැකි වැඩක්. අතින්‍යායික හුදෙකලාවක හිඳිමින් ශූන්‍යතාවාදීව කළ හැකි වැඩක් නෙමෙයි. සමූහය සමග සිදුවන සංකීර්ණ සංවාදයකින් තමයි ඒක වෙන්නෙ. අනික ඒක ඉතාම මන්දගාමී වැඩක්. අර අපි ‘යථ’ කියල කියපු දේ රැඩිකල් වෙනසකට ලක් කරනවා නම් දරුණු ක්ෂණික හිංසක වැඩකින් ඒක වෙන්න ඕනෑ. හැබැයි එවැනි හිංසක වෙනස්කම්වලින් තවත් යථක් හැදෙනවා අර වගේම ස්ථාපිතයක න්‍යෂ්ටිය සේ වැඩ කරන. ඒ නිසා නිරන්තරයෙන් පවත්නා සජීවී විවාර සංස්කෘතියකින් ඒ ‘යථ’ පහළ කරන දෘෂ්ටිවාද හා ආර්ථික කොන්දේසි එක්ක ගැටෙන එක තමයි කළ හැක්කෙ. මමත් කරන්න තැත් කරන්නෙ ඒක.
මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර
ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි
මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා
විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි