IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


ප්‍රතිගාමී දෘෂ්ටිවාදීන්ට මාක්ස්වාදය අතුගාන්න බැහැ

සාමීචිය

මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞරවාදරයට පත් කීර්තිමත් මහාචාර්යවරියකි. අපෝහක භෞතිකවාදී විත්තාව ඔස්සේ සිය විචාර මංජුසාව කලතමින් ලාංකේය කලා කෘති අරඹයා දැල් වූ ඇසින් මෙන්ම අවධි මනසකින් ද සිංහල සාහිත්‍ය කලා විචාර වේදිකාවේ ප්‍රබල භූමිකාවක් හිරූපණය කළ ඇය පරිවර්තිකාවක් ලෙස ද ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපයක්ම සම්පාදනය කළාය. නූතන සාහිත්‍යයේ හා විචාර කලාවේ රුවගුණ විමර්ශනය කරමින්, මාක්ස්වාදී විචාර කලාවේ සාධනීයතා අරබයා මහාචාර්ය පියසීලි විජේගුණසිංහ සමගින් මා එකල රාවය පුවත්පතට කළ කතා බහකි මේ.මහාචාර්ය පියසීලි විජේගුණසිංහ අවුරුදු 67ක් ආයූ වළඳා 2010 වසරේදී සිය කාබනික සිරුර හැර ගියාය.

 

මම 

ලාංකේය සාහිත්‍ය කලා ක්ෂේත්‍රයට අදාළව විචාරය නම් වූ ප්‍රපංචය අපට මුණ ගැසෙන්නේ එක්තරා ආකෘතික ස්වරූපයකින්, ඕනෑම විචාරකයකු තුළ මේ ආකෘතිය සැකසී තිබෙන්නේ ඔහු දරන විවිධ මතවාද, ආකල්ප හා වේෂ්ටාවන් එකතුවෙන්. ඔබේ විචාර කලාවත් බොහෝ දුරට රඳා පවතිනුයේ මාක්ස්වාදී විචාර සිද්ධාන්ත මත නේද?

පියසීලි

මගේ සාහිත්‍ය කලා විචාරය, මුළුමනින්ම රඳා පවතින්නේ මාක්ස්වාදී විචාර සිද්ධාන්ත මත. ආරම්භක වශයෙනුත් මූලික වශයෙනුත් මට ගැටලුවක් වූයේ උපතින් උරුම වූ විඥානවාදී ලෝක දෘෂ්ටියයි. එම ලෝක දෘෂ්ටියෙන් කලාවත් සැලකෙනුයේ පීඩිත යථාර්ථයට අනුගතව දිවි ගෙවීමේ මහඵල මහානිසංස කියාපාන කෘතීන් හැටියට. නමුත් කලාව, මානව වර්ගයා එදා මෙදා තුර නිමග්නව සිටින මානව සමාජ ඇතුළු ස්වභාව ධර්මය ජයගැනීමේ අරගලයෙහි වෛෂයික විප්ලවකාරි භාවිතයෙහි අන්තර් සම්බන්ධිත කොටසක් හැටියට ගිණිය හැකියි. යථාර්ථය අවබෝධ කරගැනීමට විඥානවාදයෙන් නොලැබුණු ආලෝකය මට මාක්ස්වාදයෙන් හා මාක්ස්වාදී කලා විචාරයෙන් ලැබුණා.

 

මම

පශ්චාත් විප්ලවීය රුසියාවේ ඇතැම් සුළු ධනේශ්වර කල්ලි, කලාව යථාර්ථය ඥානනය කිරීමේ විධියක්ය යන මාක්ස්වාදී විචාර ප්‍රවාදයට එරෙහිව මතවාද ඉදිරිපත් කළා. මේ පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

පියසීලි

සංස්කෘතියේ කොටසක් හැටියට කලාව යථාර්ථය ජය ගැනීමේ අරගලයෙන් ගොඩනංවනු ලබන්නක්. එමෙන්ම
කලව විද්‍යාව සේ ම ජීවිතය ඥානනය කිරීමේ විධියක්ද යන්න අවධාරණය කළ යුතුයි. කලාකරුවා යථාර්ථය ඥානනය කරනුයේ පරිකල්පක රූප මාලාවක් මගින් සංක්ෂිප්තව පැවසුවොත් කලාකරුවාගේ නිර්මාණාත්මක විධික්‍රමය පරිකල්පන රූප නිර්මාණයයි. කලා නිර්මාණය, මානව සංස්කෘතියේ කොටසක් හැටියට යථාර්ථය ජය ගැනීමේ භාවිතයකැ'යි යන ප්‍රවාදයක් කලාව ජීවිතය ඥානනය කිරීමේ විධියක්ය යන ප්‍රවාදයක් අතර කිසිදු පරස්පර විරෝධී භාවයක් ඇත්තේ නැහැ. එම ප්‍රවාද දෙකම කලාවේ ස්වභාවය අවබෝධ කරගැනුමට ආධාරක වෙනවා. කලාකරුවා ජීවිතය ඥානනය කරනුයේම පවතින යථාර්ථය ඔහුට කටුක වන හෙයින්, එය වෙනස් කරලීමේ ප්‍රේරණයකින් කලාකරුවා හා යථාර්ථය අතර පවතින නොපැහීම හා ගැටුම නොතකා හරින්නන් කලාකරුවාගේ අධ්‍යාශය යථාර්ථය ඥානනය කිරීමකට පමණක් සීමා කරනවා.

 

මම

කලා කෘතියකින් ජනනය කෙරෙන අග්‍රඵලය කුමක්ද?

පියසීලි

සහෘදයා කලා කෘතිය ඇසුරෙන් විඳ ගන්නා ගැඹුරු සන්තුෂ්ටියි. මේ ගැඹුරු සන්තුෂ්ටියට මුලික හේතුව සහෘදයා කලා කෘතිය ඇසුරු කිරීමට පූර්වයෙන් යථාර්ථය සමග පවත්වා ගෙන ආ සම්බන්ධයට වඩා තමන්ට වාසිදායක වන හා සහනශීලී වන නව සම්බන්ධයක් කලා කෘතිය ඇසුරෙන් ප්‍රතිෂ්ඨාපනය කර ගැනුමට සමර්ථ වීමයි. කලාවට සම්බන්ධිතව අප යථාර්ථය ජය ගැනුම යන්නෙන් අදහස් කරන්නේ මේ සමර්ථතාවයි. පශ්චාත් විප්ලවීය රුසියාවේ ඇතැම් සුළු ධනේශ්වර කල්ලි කණ්ඩායම් කලාව යථාර්ථය ඥානනය කිරීමේ විධියක්ය යන මාක්ස්වාදී විචාර ප්‍රවාදය නිෂ්ප්‍රභ කිරීමේ ප්‍රතිගාමී උත්සාහයක නිරත වූ බව සත්‍යයක්. ඔවුනට අනුව පශ්චාත් විප්ලවීය රුසියාව තුළ, කලාව ගොඩ නැගීමක් හෙවත් සාධනය කිරීමක් බවට පත්විය යුතු වුණා. ඒ අනුව ඔවුන් සාධනකවාදීන් හැටියට හැඳින් වෙනවා සාධනවාදීන්ට අනුව කලාව යථාර්ථ ඥානනය කිරීමක් හැටියට පැවතුණේ වැඩවසම් යුගයේදීයි පශ්චාත් විප්ලවීය රුසියාවේ යථාර්ථය ඥානනය කිරීමේ විධියක් හැටියට නිර්මාණය කෙරෙන කලාව යල්පැන ගොස් ඇති හෙයින්, කලාව යථාර්ථය සාධනය කිරීමක්ය යන්න මගින් එය විස්ථාපනය කළ යුතුය යන්න ඔහුන්ගේ අදහස වුණා. මේ නිසා සාධනකවාදීන් පැරණි කලාවට විශාල සතුරුකමක් දැක්වූවා. එහෙත් කලාව යථාර්ථය ජයගැනීමේ භාවිතයක්ය. එසේම කලා නිර්මාණය පරිකල්පන රූප පද්ධතියක් මගින් යථාර්ථය ඥානනය සිරීමේ විධියක්ය යන ප්‍රවාද ද්වයම කලාව ඇතුළු සංස්කෘතිය පිළිබඳ අපෝහක භෞතිකවාදී අවබෝධය මත පදනම් කෙරී ඇති බව මෙහිදී අවධාරණය කළ යුතුයි.
ඊට පටහැනිව කලාව සාධනය කිරීමකැ'යි යන සංකල්පය කලාවට ආඥා පැනවීමේ සුළු ධනේශ්වර අරමුණකින් මෙහෙය වන නිලධාරිවාදී කල්ලි කණ්ඩායම්වල ප්‍රතිවිප්ලවවාදී අවශ්‍යතා ප්‍රකට කරනවා. සාධනකවාදීන්ගේ ඇතැමකු කම්කරු පන්තික සංස්කෘතිය පිළිබඳ සංකල්පයට පක්ෂපාතී වූ බව ද යථාර්ථය ඥානනය කිරීමේ විධියක්ය යන ප්‍රවාදය ප්‍රාග් විප්ලවීය රුසියාවේ බෙලින්ස්කි, ෂර්නිවිස්කි, යන සෞන්දර්යවේදීන් විසින් ද ප්‍රකාශයට පත් කෙරුණා. පසු කලෙක මාක්ස්වාදී ව්‍යාපාරයේ ජෝර්ජ් ප්ලෙකා නොව් හා ලියොන් ට්‍රොට්ස්කි එම ප්‍රවාදය පුළුල්ව විස්තාරණය කළා. පශ්චාත් විප්ලවීය රුසියාවේ ජීවත් වූ මාක්ස්වාදියකු වන ඇලෙක්සැන්ඩර් වොරන්ස්කි සාධනකවාදීන්ගේ ප්‍රතිගාමී පීලිපැනීම්වලට එරෙහිව 'ජීවිතය ඥානනය කිරීමේ විදියක් හැටියට කලාව' යන මා හැඟී රචනය සම්පාදනය කළා. ලියොන් ට්‍රොට්ස්කි පශ්චාත් විප්ලවීය රුසියාවේ පහළ වූ විවිධ සුළු ධනේශ්වර ගුරුකුල කෙරෙහි විවේචනාත්මක වුද අතිශයෙන්ම ඉවසිලි සහගත වූ ද ආකල්පයක් පෙන්නුම් කළ බවත් මෙහිදී මතක් කළ යුතුයි.
කලාව මානව වර්ගයා විසින් යථාර්ථය ජය ගැනීමේ වෛෂයික විප්ලවකාරී භාවිතයෙන් ගොඩ නගන්නක් වන්නේය යන ප්‍රකාශයටත් කලාව සාධනය කිරීමක් යන සාධනකවාදීන්ගේ කියමනටත් පොදු වන කිසිවක්ම නොමැති බව මෙහිදී අවධාරණය කළ යුතුයි.

 

මම

සාහිත්‍ය කලා විචාරයෙහි අභිප්‍රාය වනුයේ සාහිත්‍ය කලා නිර්මාපකයා හා යථාර්ථය අතර පවතින අපෝහකාත්මක අන්තර් සම්බන්ධය අනාවරණය කිරීම යැයි ඇතැමුන් පවසනවා. ඔබත් අපෝහක භෞතිකවාදී විචාර ක්‍රමය උපයෝගී කරගන්නා විචාරිකාවක්. මේ පිළිබඳ ඔබේ ආකල්පය කෙබඳුද?

පියසීලි

මාක්ස්වාදී කලා විචාරයට අනුව කලා කෘතියකට මූලාශ්‍රය වනුයේ කලාකරුවා හා යථාර්ථය අතර අන්තර් සම්බන්ධතාවයි. මෙය තවත් විදිහකට පවසතොත්, කලා කෘතියකට මූලාශ්‍රය වනුයේ කලාකරුවාගේ අත්දැකීමක්. මේ අත්දැකීම කලා කෘතියේ පරිකල්පන රූප පද්ධතිය තුළ සැඟවී පවතිනවා. එය කල එළියට රැගෙන ඒමෙන් කලා කෘතිය අවබෝධ කර ගැනීමට ඉමහත් ආලෝකයක් සම්පාදනය වෙනවා. එමගින් කලා කෘතිය නිර්මාණය කිරීමෙහිලා කලාකරුවා දැරූ පරිශ්‍රමය කෙබඳු වීද යන්නත් සහෘදයාට අවබෝධ වෙනවා. කලාකරුවාගේ එම පරිශ්‍රමය සහෘදයා තමන්ගේ අධ්‍යාත්මයට ගෝචර කර ගන්නවා. එසේ කිරීමෙන් කලා කෘතියේ අඳුරු අහුමුළු පවා සහෘදයා වෙනුවෙන් ආලෝකමත් වෙනවා.

 

මම

නව්‍යවාදය, පශ්චාත් නූතනවාදය, පශ්චාත් මාක්ස්වාදය වැනි මතවාද පිළිබඳ අද කතා කරන්නේ විශ්ව විද්‍යාලවල සිටින ආචාර්ය මහාචාර්යවරු නොවෙයි. මේ ප්‍රවණතා ගැන අද කතා කරන්නේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් පරිබාහිරව ගොඩනැගුණු ස්වයං අධ්‍යයන කව සහ කණ්ඩායම්. මොවුන් තමයි අද අලුත් දැනුම සමාජගත කරන්නේ. එහෙත් සාම්ප්‍රදායික බුද්ධිමතුන් මේ නව දැනුමට බියෙන් කලබල කරනවා. මාක්ස්, එංගලස්, ලෙනින්, ට්‍රොට්ස්කි ගැන කතා කරන ඔබ වැනි විචාරකයන් එම කණ්ඩායම් විසින් ඉදිරිපත් කරන ශාස්ත්‍රීය අභියෝගවලින් ලිස්සා යන්නේ ඇයි?

පියසීලි

නව්‍යවාදය, පශ්චාත් නූතනවාදය හා ව්‍යුහවාදය පිළිබඳ කතා කරන්නේ විශ්ව විද්‍යාල වලට පරබාහිරව සිටින අධ්‍යයන කව සහ කණ්ඩායම් යනුවෙන් පැවසීමෙන් ඔබ එකී මතවාදවලට ජනතාවාදී භාවයක් අත්පත් කරදීමට ක්‍රියා කරනවා. නමුත් ජනතාවාදී බව හෝ ජනප්‍රිය භාවය නිසා මතවාදයක් යථාර්ථයක් බවට පත්වන්නේ නැහැ. නව්‍යවාදය, පශ්චාත් නූතනවාදය හා ව්‍යුහවාදය පිළිබඳ විශ්ව විද්‍යාල වල සිටින ආචාර්ය, මහාචාර්යවරු කතා කළත් විශ්ව විද්‍යාල වලට පරිබාහිරව සිටින අධ්‍යයන කව සහ කල්ලි කතා කළත් එයින් සිදු වනුයේ සංස්කෘතික පරිහානිය ගැඹුරු වීමයි. ඔබ මේ කල්ලි කණ්ඩායම් විසින් නව දැනුම සමාජගත කෙරෙන බව සඳහන් කළත් එම මතවාද විසින් සැබැවින්ම කෙරෙනුයේ පුනරුද සමයේ පටන් ප්‍රගතිශීලී චින්තනයෙහි ඇති වූ අභිවර්ධනය ප්‍රතික්ෂේප කිරීම හා ඊට වැට කඩුලු බැඳීමයි. ඔවුන් මේ සියල්ල කරන්නේ මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමනයක් මානව සමාජය මුහුණ දෙන ඓතිහාසික  අර්බුදය විසඳාලීමෙහිලා කම්කරු පන්තිය ප්‍රමුඛ මහජනතාවට පැවරෙන ආත්මීය කාර්යභාරයත් ප්‍රතික්ෂේප කිරීමෙන්.නිරාකූල චින්තනයක් නොමැති වීම නිසාම ඔවුන්ගේ ලියකියැවිලි තේරුම් ගත නොහැකියි. එබඳු ලියවිලි විචාරයට හසු කර ගන්නේ කෙසේද? යන්න අපට නම් ප්‍රශ්නයක්. එරික් ඉලයප්ආරච්චි වැනි බුද්ධිමතකු පශ්චාත් නූතනවාදයේ බලපෑමට හසු වීම මෙහිදී නිදසුන් කොට ගිණිය හැකියි. මෙය ඉතා කනගාටුවට කරුණක්. ඉලයප්ආරච්චි කෙරෙහි පශ්චාත් නූතනවාදයේ බලපෑම කෙතරම් විනාශකාරී ද යන්න එන්න එන්නම වැඩි වැඩියෙන් ආකූල හා අර්ථ විරහිත වන ඔහුගේ ලියකියවිලිවලින් පෙන්නුම් කෙරෙනවා.

 

මම

මහාචාර්ය සුචරිත ගම්ලත්, කීර්ති බාලසූරිය හා ඔබ ඇතුළු කණ්ඩායම මෙරට කලා විචාරය ක්ෂේත්‍රයේ ස්වර්ණමය යුගයක් උදා කළා. ඔබලාගේ දෘෂ්ටිවාදීමය අරගලය සාහිත්‍ය කලාවේ ප්‍රබෝධයකට විශාල දායකත්වයක් සැපයූවා. මේ ස්වර්ණමය යුගය දෙස ආපසු හැරී බලන විට ඔබට මොකද හිතෙන්නෙ?

පියසීලි

මේ රටේ මාක්ස්වාදී කලා විචාරයේ ස්වර්ණමය යුගයක් ගැන කතා කළ හැකිය කියා හෝ කළ යුතුය කියා මා නම් සිතන්නේ නැහැ. මාක්ස්වාදී කලා විචාරය ජාත්‍යන්තර පරිමාණව සිද්ධ කෙරෙන්නක්. ඒ අනුව බලන විට මාක්ස්වාදී කලා විචාරයේ ස්වර්ණමය යුගයක් සේ ඔබ හඳුන්වන යුගයේ ඇති නොවූ විරූ ප්‍රගමනයක් පසුගිය කාලය තුළ මාක්ස්වාදී කලා විචාරය ක්ෂේත්‍රයේ ඇති වී තිබෙනවා. දැන් මාක්ස්වාදී කලා විචාරයට යානය වනුයේ ලෝක සමාජවාදී වෙබ් අඩවියයි. එමෙන්ම පසුගිය කාලය තුළ පළ වූ සාම්ප්‍රදායික පෙරටුගාමී කලාකරුවෝ (කර්තෘ ඩේවිඩ් වොල්ෂ් සමාජ වාදයේ සෞන්දර්ය විද්‍යාමය අංශය ( ඩේවිඩ් වොල්ෂ්) ' කලාව ජීවිතය ඥානනය කිරීමක් හැටියට (කර්තෘ: ඇලෙක්සැන්ඩර් වොරන්ස්කි) යන කෘති මෙම ප්‍රගමනයේ උත්කර්ෂවත් මං සලකුණු හැටියට හැඳින් විය යුතුයි.
කීර්ති බාලසූරිය සහෝදරයාගේ මගපෙන්වීම ඇතිව මහාචාර්ය සුචරිත ගම්ලත් පරිවර්තනය කළ සංස්කෘතික හා සමාජවාදය ස්වාධීන විප්ලවවාදී කලාවක් කරා යන කෘති කුඩා වුවත් ලංකාවේ නූතන මාක්ස්වාදී කලා විචාර ක්ෂේත්‍ර ආලෝකමත් කරන ප්‍රදීපස්ථම්භ හැටියට පවතිනවා. ආධුනිකයන්ට මාක්ස්වාදී සාහිත්‍ය විචාරය පිළිබඳ මූලධර්මික ප්‍රාථමික දැනුමක් ඇති කර ගැනුමට එම කෘති ආධාරක වෙනවා. මවිසින් රචනා කෙරුණු මාක්ස්වාදී සාහිත්‍ය විචාර කෘති වන සාහිත්‍යය භෞතිකවාදී අධ්‍යයනයක්, නූතන සිංහල සාහිත්‍ය විචාරය මාක්ස්වාදී අධ්‍යයනයක්' සුචරිත ගම්ලත්ට එරෙහිව කලා විචාරයේ මාක්ස්වාදී මූලධර්ම, අරුන්දතී රෝයිගේ ද ගෝඩ් ඔෆ් ස්මෝල් තිංග්ස් විචාරයක් හා පිළිතුරක් යන කෘති පිළිබඳ ද මෙහිදී නිහතමානීව සඳහන් කළ යුතුයි. එම කෘති කෙරෙන් මේ සංවාදයේදී මා මතු කළ මූලික කරුණු සවිස්තරව ගෙන හැර දැක්වෙනවා.



අදහස් (0)

ප්‍රතිගාමී දෘෂ්ටිවාදීන්ට මාක්ස්වාදය අතුගාන්න බැහැ

ඔබේ අදහස් එවන්න

සාමීචිය

ප්‍රතිගාමී දෘෂ්ටිවාදීන්ට මාක්ස්වාදය අතුගාන්න බැහැ
2024 නොවැම්බර් මස 05 1022 0

මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර


ජාතිවාදියෝ ’’ශක්ති ’’ විනාශ කළා
2024 ඔක්තෝබර් මස 29 1283 1

ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි


අද විශ්වවිද්‍යාලවල බුද්ධිමතුන් නැහැ
2024 ඔක්තෝබර් මස 15 1144 0

මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.


මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි
2024 ජුලි මස 23 891 0

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා


මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 1035 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 1162 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 445 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 687 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1949 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site