උපුල් ශාන්ත සන්නස්ගල බොහෝ දෙනා හඳුන්වන්නේ කවුරුන් හැටියටද?සිංහල ගුරුවරයකු හැටියටද? බොළඳ ප්‍රේමවෘතාන්ත ප්‍රබන්ධකරුවකු හැටියටද?සිනමා නිෂ්පාදකයකු හැටියටද? පෞද්ගලික න්‍යායපත්‍රයකට වැඩ කරන ඩබල් ගේම්කාරයකු හැටියටද?එසේත් නැති නම් සමාජ මාධ්‍යයේ කුණුහබ්බ වපුරන්නකු හැටියටද? මේ සියලු අර්ථනාමයන්,අන්වර්ථ නාමයන් තුළ උපුල් ශාන්ත සන්නස්ගල මෙරට ජනප්‍රිය සාහිත්‍ය කතිකාවේ විවාදාත්මක චරිතයකි.සන්නස්ගලගේ නිර්මාණ කතිකාව ඇරඹෙන්නේ සරසවි ජීවිතයේදීය.එදා සිට අද දක්වා ප්‍රේමණීය නවකතාකරණයේ යෙදෙන ඔහුට එල්ල වූ ගල් මුල් අනන්තය,අප්‍රමාණය. සරසවි දියණියෝ,වස්සානේ සිහිනය,නේත්‍රා,අපේ ආදර කතාව වැනි නවකතා ඔහුගේ නිර්මාණ කෘති අතර මුල්තැන්හිලා ගිණිය හැකිය.කලක් ග්‍රන්ථ ප්‍රකාශකයකු හැටියට ද ජනප්‍රිය වු සන්නස්ගල සමග කලකට පෙර කරන ලද සම්මුඛ සාකච්ඡාවකි මෙි.
මම
ඔබ මෙරට ජනප්‍රිය සාහිත්‍ය කතිකාව තුළ විවාදාත්මක චරිතයක්. ඒත් අද දවසේ ජනප්‍රියවාදී පාරිභෝගික සමාජය සමග අත්වැල් බැඳගෙන යන ඔබ ඇතුළු සාහිත්‍යකරුවන් ඇතැමුන් පතුරු ගහනවා.මෙි පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?
සන්නස්ගල
මම ජනප්‍රිය සාහිත්‍ය කතිකාව තුළ විවාදාත්මක චරිතයක් කියලා ඔබ කියනවා නම් ඒ මම මේ ලෝකයට සන්නිවේදනය වෙච්ච විදිය. දඹදෙණි යුගයේ ධර්මසේන හාමුදුරුවෝ සද්ධර්ම රත්නාවලිය ලියපු දා ඉඳලා ලංකාවේ ජනප්‍රිය ලක්ෂණය ප්‍රබුද්ධ ලේඛකයන් විසින් බැහැර කළා.ජනප්‍රිය හෝ ප්‍රබුද්ධ සාහිත්‍යය පතපොත වෙළෙඳපොළ සඳහා නෙවෙයි කියන එක හැත්තෑව දශකයට පෙර සත්‍යයක්. 80'දශකය වන විට ඒක අර්ධ සත්‍යයක්. ඒත් අනුව දශකයේදී එය බොරුවක්. අනුව දශකයේදී නව ආර්ථික වෙළෙඳ රටාවක් සමග තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. වළෙඳපොළේ ස්වභාවය අනුව නවකතාවල පිටකවරය නිමාව ආදී විවිධ අංශ පිළිබඳ සියල්ලන්ම සැලකිලිමත් වෙනවා.ප්‍රබුද්ධ සහ ජනප්‍රිය රැල්ලේ සිටි හැමෝම භේදයකින් තොරව මේ වෙළෙඳපොළ සමඟ ගනුදෙනු කරනවා.නමුත් සාහිත්‍ය කලාව ජනප්‍රිය හා ප්‍රබුද්ධ යනුවෙන් වර්ග කරන එකට මම විරුද්ධයි.මේ රටේ ප්‍රබුද්ධ යැයි කියාගන්නා හුඟදෙනෙක් ඩබල් ගේම් කාරයෝ.ඒත් අපේ පරම්පරාව විවෘතයි. සෘජුව අදහස් ප්‍රකාශ කරනවා. මම දකින විදිහට මේක සාධනීය ගුණයක්. ඔය මහලොකු සිවිල් චරිතවල සියලු ඩබල් ගේම් දැන් හෙළිදරව් වෙමින් පවතිනවා.
මම
ප්‍රමිතියක් නැති බාල බොළඳ පෙම්කතා ලියන ඇතැම් ලේඛකයන් ඔවුන්ගේ නවකතා ගැන පාඨකයන්ට පාරම්බානවා. ගඩොල් බානවා වගේ නවකතා ලියන මේ ලේඛකයන් පිළිබඳ ඔබේ ආකල්පය පැහැදිලි කළොත්?
සන්නස්ගල
ඔබ ඔය ඉලක්ක කරන්නේ මාවද නැත්නම් වෙන කාවහරිද?
මම
මේක පොදු ප්‍රශ්නයක්?
සන්නස්ගල
ඔය ප්‍රශ්නය මට අදාළ නැහැ. මම ගඩොල් බානවා වගේ පොත් ලියල නැහැ. හැබැයි මට එහෙම පොත් ලියන්න අමුද්‍රව්‍ය නැතුව නෙවෙයි.මට මුද්‍රණාලයක් තියෙනවා. ප්‍රකාශන අංශයකුත් තියෙනවා. මගේ වෙළෙඳපොළ කඩා වැටිලත් නැහැ. ඒත් පසුගිය අවුරුදු 20 ඇතුළත දී මම ලියා පළ කරලා තියෙන්නේ නවකතා පොත් පහයි.නමුත් මේ ගඩොල් බානවා වගේ පොත් ලියන එක දිහා මම බලන්නේ වෙනත් දෘෂ්ටියකින්. රුචිවාදී සාහිත්‍ය සහ විදග්ධ සාහිත්‍ය කියලා සාහිත්‍ය වර්ග කිරීමට මම පෙළඹෙන්නේ නැහැ. සුජීව ප්‍රසන්නආරච්චි වගේ ලේඛකයන් පසුගිය කාලයේ විශාල නවකතා ප්‍රමාණයක් ලියමින් වෙළෙඳපොළ පුළුල් කළා. මේ වෙළෙඳපොළ නිසා මගේ නවකතා පවා විශාල වශයෙන් අලෙවි වුණා.මෙයින් විශාල පාඨක සමාජයක් ඇතිවුණු බවයි මට හිතෙන්නේ.
මම
අද බොහෝ රොමෑන්ටික් කතා ලියවෙන්නේ වෙළෙඳ කලාපය හා මැද පෙරදිග ශ්‍රමිකයන් අරමුණු කරගෙන. මේ විශේෂිත මාකට් එක ඇල්ලුවේ නැත්නම් ජනප්‍රිය පෙම් කතාකරුවකු වෙන්න බැහැ නේද?
සන්නස්ගල
වෙළඳ කලාපයේ හෝ මැදපෙරදිග හෝ ඉන්න පාඨකයන් පොත් කියවන්නේ ප්‍රධාන සමාජ න්‍යායන් තුනක් උඩ. තමන්ගේ ස්වයං වින්දනයට,හුදෙකලාව පාළුව කාන්සිය මකා ගන්නත් ඇතැමුන් පොත් කියවනවා.නමුත් මේ පාඨකයන් සදාතනික පාඨකයන් නෙවෙයි. මම කලින් කියපු හේතු බිඳ වැටුණු ගමන් ඔය පාඨකයන් ලේඛකයන් අත්හරිනවා.උදාහරණයක් විදිහට ගත්තොත් ලක්ෂයකට අධික ප්‍රමාණයක් අලෙවි වුණු අරලිය පුවත්පත බිඳ වැටීම දක්වන්න පුළුවන්. ඒත් අරුන්දති රෝයිගේ පාඨකයන් කවදාවත් ඇය අතහරින්නේ නැහැ.ජනප්‍රියත්වය පොත් කඩ දාලා හදාගන්න බැහැ. මේ ළඟකදී පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක් වසරේ ජනප්‍රියම සාහිත්‍යකරුවා තේරුවා. මේක දැනගත්ත මොහොතේ මම ඒ එෆ්.එම් නාලිකාවට වැඩසටහන නවත්තන්නැයි කිව්වා.මට මේකට විරුද්ධ වෙන්න හේතුවක් තිබුණා. මගේ ටියුෂන් පන්තිවල ළමයි ලවා පෝස්ට් කාඩ් යවලා ලංකාවේ ජනප්‍රියම සාහිත්‍යකරුවා වෙන්න මටත් පුළුවන්. නමුත් මම තාම ඒ තත්වයට වැටිලා නැහැ.
මම
ඔබ අනේකවිධ සෞන්දර්යවාදී හීනවලින් පීඩා විඳින ප්‍රේමාතුරයකු හැටියටයි මට පෙනෙන්නේ. ඔබ කලින් කලට දකින හීන වෙනස්. එහෙත් අවුරුද්දකට සැරයක් කොහොමහරි ඔබ දකින ඒ හීන සැබෑ කරගන්නවා. නවකතා ලියනවා. විචාරය කරනවා. ගීත රචනා කරනවා. චිත්‍රපට නිෂ්පාදනය කරනවා. පෙම්වතුන් වෙනුවෙන් රත්තරන් වැසි වස්සනවා. ඇත්තටම ඔබ දකින හීන සමාජයට කොතරම් හිතකරද?
සන්නස්ගල
මා දකින හීන සමාජයට හිතකරද? නැද්ද? කියන කාරණය මට ශතපහකට වැඩක් නෑ. මම විවිධ හීන දකිනවා. එහෙත් මගේ හීනවලින් සමාජයට උපදෙස් දෙන්න බණ කියන්න යන්නේ නැහැ. අපි හැමෝටම තියෙන්නේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව දකින හීන.එහෙත් කිසිවකු මේ තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවල තියෙන හීන කියා සමාජයට විවෘතව කියන්නේ නැහැ.මට තියෙන්නේ පෞද්ගලික න්‍යාය පත්‍රයකට අනුව දකින හීන විතරයි. සමාජයට බණ කියන්න දේශනා කරන්න ගිහින් තමන්ගේ හීන විකෘති කරගන්න කොට්ඨාසයකුත් මේ අතර ඉන්නවා. මොවුන් තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රවල තියෙන හීන ව්‍යාජ ප්‍රකාශන හැටියට එළිදක්වනවා. වත්මන් මාධ්‍ය සහ දේශපාලන ක්ෂේත්‍ර වල මෙි කාරණය වඩාත් හොඳින් දැක ගන්න පුළුවන්.එහෙත් මේවා තක්කඩි කතන්දර.පුංචි කාලේ ඉඳන්ම ඕනෑම ළමයකුගේ හිතේ මෝරන හීන කන්දරාවක් තියෙනවා. ඒත් මේ හීන දකින හැමෝම මුවන්පැලැස්සේ කදිරා වෙන්න දඟලනවා මිසක් පිනා වෙන්න උත්සාහ කරන්නේ නැහැ. අපි හැමෝම දකින්නේ සමාජයේ වීරයෙක් වීමේ හීනයක්, සිනමාකරුවෙක්, ගායකයෙක් සාහිත්‍යකරුවෙක් ,නළුවෙක් වෙන්න අපි කවුරුත් හීන දකිනවා. මට මේ වගේ හීන ගබඩාවක් තියෙනවා.එහෙත් මේ හීන පුංචි කාලේ ඉඳලා මගේ ළමා මනසේ ක්‍රමයෙන් මෝරපු අතිශය පෞද්ගලික ඒවා මිසක් සමාජ හීන නෙවෙයි.
මම
ඔබ කියන ආකාරයට ඔබ දකින හීන වලින් සමාජයට යහපතක් වෙන්නේ නැහැ. එහෙත් ඔබ මේ සමාජයේම සාමාජිකයෙක්. ඔබට සමාජයෙන් වියුක්ත වෙන්න පුළුවන්ද?
සන්නස්ගල
මේ සමාජය සම්බන්ධයෙන් මට පැහැදිලි විවේචනයක් තියෙනවා. ඇත්තටම මේ සමාජය ඊර්ෂ්‍යාව සහ කුහකකමින් අන්තයටම පිරිහිලා.හීරෝස්ලාට එන්න දෙන්නේ නැහැ. මෙි සමාජය වීරයන් මරනවා.මෙවැනි කුහක සමාජයක සාහිත්‍ය කලාව, ක්‍රීඩාව වපුරන්න අමාරුයි.එහෙත් මේ සියල්ල විඳ දරාගෙන අපි වගේ එවුන් නැගිටිනවා. අපි වගේ එවුන්ගේ හීන සැබෑ කරගන්න මේ දූපත ඇතුළේ විධිමත් වැඩපිළිවෙලක් නැහැ. මේ රටේ කවුරු හරි සිනමාකරුවෙක් ගායකයෙක් රංගන ශිල්පියෙක් පත්තරකාරයෙක් වුණා නම් ඒ එක එකාගේ පස්සේ ගිහින් පෞද්ගලිකව ගිය ගමනක් හැටියටයි මා දකින්නේ. මගේ හීන සැබෑ කර ගැනීමට අවකාශයක් නැති හැම විටම මා විසින්ම ඒ හීන සැබෑ කරගන්නවා. මගේ හීන සියල්ල මං සැබෑ කරගෙන තියෙන්නේ තනිකරම මගේ පෞද්ගලික ක්‍රියාවලියක් තුළයි.උදාහරණයක් විදිහට මට ඉර පායන්නේ නැත්නම් මම ඉර පුප්ප ගන්නවා. මගේ හීන සියල්ල මං සැබෑ කරගන්නේ බලහත්කාරයෙන්.මේ නිසා සමාජයට වැදගත් යැයි කියන හීන දකින හැමෝම මට පෙනෙන්නේ තක්කඩි රැලක් විදියට.
මම
ඔබ වැඩවසම් චින්තනය සහ ධනේශ්වර චින්තනය එකම ඔළුවක් තුළ නඩත්තු කරන පුද්ගලයකු හැටියටයි මට පෙනෙන්නේ. ඔබ ඩබල් ගේම්කාරයෙක්ද?
සන්නස්ගල
ඔබෙි කතාවට මම එකඟයි.මගේ ඔළුවෙි මෙි දෙන්නම ක්‍රියාත්මක වෙනවා.එහෙත් මම ගම සහ නගරය අතර දෝලනය වන ගන්ධබ්බයෙක්. ඇත්තටම මට තියෙන්නේ ධනේශ්වර සිරුරක් සහ වැඩවසම් හෘද සාක්ෂියක්.එහෙත් මම මේ දෙකේම game ගහලා නිශ්චිත ටාගට් එකකට යන පුද්ගලයෙක් නෙවෙයි. සන්නස්ගල කියන්නේ දෙබිඩි චරිතයක්. ඒත් තමන්ගේ ගන්ධබ්බකම බය නැතුව කියන මිනිහෙක්.
මම හද්ද පිටිසර ගමක පොඩි කාලේ මන්දපෝෂණය හැදිච්ච ගොයියෙක්ගෙ බයියෙක්. ඒත් දැන් පත්තරවලට මම දෙයියෙක්. ඒ තමයි මගේ වැඩවසම් අර්ධ මූලය. අනෙක් අතින් මේ කොළඹ සමාජය කොළඹ සිවිල් චරිත මට බයිලා වගේ. මට කොළඹ කියන්නේ නගරයක් නෙවේ. කඩමණ්ඩියක්. මට කොළඹ හරියට ඇමරිකාවේ දෙහිඅත්තකණ්ඩිය වගේ. ඒ තමයි මගේ ධනේශ්වර අර්ධය.මේ දෙක තුළ මම ගන්ධබ්බයෙක් වගේ දෝලනය වෙනවා.
මම
යම් දිනක ඔබ තුළ සිටින ධනේශ්වර වැඩවසම් මිනිසා අභාවයට පත් වුණොත් ?
සන්නස්ගල
නැහැ. කවදාවත් මැරෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි වගේ එවුන් මරන්න බෑ. මානසිකව මැරෙනවා නම් මෙලහකටත් දස දාස් වාරයක් විතර මැරිලා. දැන් මරනවානම් මරන්න වෙන්නේ කායිකව විතරයි.
මම
ඔබේ වෙළෙඳපොළ බිඳ වැටුණොත් මොකද වෙන්නේ?
සන්නස්ගල
මම නුගේගොඩ පේව්මන්ට් එකේ තලගුලි විකුණනවා.සිංහල සන්නස්ගලට තලගුලි සන්නස්ගල වෙන්න අපහසු නැහැ. ඊට පස්සේ ඒ තලගුලි විකුණලා මම සුපර් මාර්කැට්ටුවක් හදනවා.
මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර
ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි
මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා
විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
මෙි රටෙි ප්‍රබුද්ධයෝ ඩබල් ගේම්කාරයෝ