IMG-LOGO

2025 පෙබරවාරි මස 05 වන බදාදා


ඩෝල්ටන් සසර වසනතුරු ලිව්වෙ මහ පාන්දර හීනෙන් බය වෙලා

සාහිත රස කතා


 ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් සසර වසනතුරු නිවන් දකිනතුරු ගීතය ලියු හැටි ද හරිම අපූරුය. 
එම ගීතය ලියැවුණු ආකාරය ගැන ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන්ගේ දයාබර බිරිඳ ආරියවතී සේනානායක මහත්මිය 2015.08.13 සරසවිය පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබා දෙමින් සඳහන් කරන්නේ මෙවැන්නක්.

ඩෝල්ටන් අතින් ලියැවුණු සසර වසන තුරු ගීතය ඔබේ ජීවිතයට අනුස්මරණීය ගීතයක් බව කිව්වේ ඇයි?

ඩෝල්ටන් කීප වරක් මට කියා තිබුණා එයා අතින් ලියැවුණු ගීත අතුරින් වඩාත්ම කැමැති ගීතය ලෙස එයා කිව්වේ ක්ෂණිකව එයා අතින් ලියැවුණු පිරිත් සජ්ජායනාවක දෝංකරයෙන් මතුවලා ආපු මේ ගීතය කියලා.
මේ ගීතය ලියුවේ ගෙදරදී. මට මතක හැටියට 1972 වසරේදී විතර. එදා පසළොස්වක පෝය දිනයක්. එදා රෑ දොළහට විතර ඇති. රේඩියෝ එකේ මහ පිරිත විකාශය වෙනවා. මගේ අම්මත් ඩෝල්ටනුත් පිරිත් අසමින් හිටියා. ඔය අතරේ ඩෝල්ටන් නිදිමතයි කියලා අම්මාට පිරිත් අහන්න රේඩියෝව දාලා එයා නිදාගන්න ගියා. මමත් නිදාගන්න ගියා. කොහොම හරි පැය කීපයක නින්දෙන් පසු මා හදිසියේ ඇහැරවුණේ කාමරයේ මහත්තයා ඇහැරගෙන කරන ලියන කියන දේවල් නිසා. මම ඇයි මේ රෑ ඇහැරගෙන කියලා මහත්තයාගෙන් ඇහුවාම එයා ඔය ලිව්ව ගීතය මගේ අතට දුන්නා. ඒක දැකපු මම පුදුමයට පත් වුණා. ඒ පාර මහත්තයා මට කිව්වා මේක පිරිතකින් පස්සේ බිහි වෙච්ච සින්දුවක්. මේක මම අමරදේවට දෙනවා කියලා.

 

සසර වසනතුරු ගීතයේ සිහින කතාවකුත් ඔබට කිව්වා නේද?

පිරිත්  දාලා තියෙද්දීම එයාට ටික වෙලාවකින් නින්ද ගියාලු. නින්දේදී එයාට සිහිනයක් පේන්න පටන් ගත්තලු. ඒ හීනේ තමයි මහත්තයා සුදු ඇඳගෙන සුදු මල් වට්ටියක් අතින් අරගෙන පළමුව ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් වැඳලා ඊළඟට රුවන්වැලි සෑය ළඟට ගිහින් වැඳලා පස්සේ තිසා වැවෙන් නාලා ආයෙත් රුවන්වැලි සෑයට මල් වට්ටියක් පූජා කරලා ඉවර වුණාලු. ඊට පස්සේ සීගිරියට ගිහින් සීගිරිය නගින්න හදන තැනම වම් පැත්තේ සිංහාසනයක් වගේ එකක වාඩි වෙලා මහත්තයා ගිමන් හැරියාලු. එක පාරටම ඇහැරුණලු. 

සසර වසන තුරු 
නිවන් දකින තුරු  
පින්කෙත හෙළ රන්දෙරණේ 
යළි උපදින්නට 
හේතු වාසනා වේවා 

කියන වචන මාලාවක් එක්කම මහ නාදයක් එයාගේ කනට ඇතුළු වුණාලු. ඒ පාර එයා එක පාරට ඇඳෙන් බිමට බැහැලා කාමරයේ ලයිට් එක දාලා පෑන අරන් ලියාගෙන ලියාගෙන ගියාලු. ගීතය ලියලා ඉවර වුණා විතරයිලු එයා සසල වෙලා ගියාලු. කොහොමද මම මේ ගීතය ලිව්වේ කියලා. ඔය වෙලාව පාන්දර හතරට විතර ඇතිලු.
සිංහල ජාතිය පවතින තාක් කල් ගීත රචකයකු වශයෙන් ඩෝල්ටන් අල්විස් නම පවතින්නට මේ ගීතය ප්‍රමාණවත් කියායි මට හැඟෙන්නේ.
මුළු සිංහල ජාතියේම වංශකතාව ගත්තහම මේ පද ස්වල්පයේ ඒ සියල්ල ඇතුළත්. අපේ සංස්කෘතිය, බෞද්ධ හැදියාව, සිංහලයාගේ අදීන කලා කුසලතා ගැන කියන්න වෙන වචන ටිකක් ඇතැයි කියලා මම හිතන්නේ නැහැ. ඩෝල්ටන්ට මේ ගීතය ලිව්ව පිනම ඇති නිවන් යන්න කියලයි මම හිතන්නේ



අදහස් (0)

ඩෝල්ටන් සසර වසනතුරු ලිව්වෙ මහ පාන්දර හීනෙන් බය වෙලා

ඔබේ අදහස් එවන්න

 

 

සාහිත රස කතා

ඩෝල්ටන් සසර වසනතුරු ලිව්වෙ මහ පාන්දර හීනෙන් බය වෙලා
2025 පෙබරවාරි මස 04 262 0

ඩෝල්ටන් අල්විස් කලාකරුවාණන් සසර වසනතුරු නිවන් දකිනතුරු ගීතය ලියු හැටි ද හරිම අපූරුය.


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි -3
2025 ජනවාරි මස 28 640 1

‘ලොකුම හිනාව‘ චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාලයන්ට ‘කැකුළු මලක’ ගීය ලියමින් සිනමාවට ආ ප්‍රේමකීර්තිට එවක නැගී එන ගීත රචකයකු කැපිලි දමා තිබේ. හිතවත් සංගීතවේ


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි - 2
2025 ජනවාරි මස 21 734 2

මාලිනී බුලත්සිංහල විශාරද ගායිකාව ආනන්ද බාලිකාවේ උගන්වද්දී ඇගෙන් ශිල්ප ලැබූ සිසුවියක වූවාය. සිසුවියගේ මව පැරණි ගායිකාවකි.


ප්‍රේමකීර්ති ගීත ලියූ හැටි -1
2025 ජනවාරි මස 14 1110 1

ගුවන්විදුලි සංස්ථාව ඉදිරිපිට මාවත අයිනේ එකල විශාල මාර ගසක් තිබුණි. එහි විශාල මුල් දස අතට විහිදී විසිරී ගිය අතර ගුවන්විදුලියේ සේවය කරන ඇතැමුන් විවේක ගත


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 90 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 773 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 742 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site