IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


පාදඩ ගැමියාට වෙඩි තැබූ අමරසේකර

සංචින්තා

ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) හම්බන්තො‌ට ගම්දනව් තුළ  කැරකෙද්දි ගුණදාස අමරසේකර ගාල්ලේ ඒ‌ වනවිට උපතලබා නැත. එනමුත් ඒ‌ අවුරැදු 20 තුළ  එකල කිසිදු වෙනසක් සිදුවුයේ නැත. ලෙනාඩ් වුල්ෆ්  මෙන්ම ගුණදාස අමරසේකර දකින්නේද එකම එකම රූස්ස ගසයි. එම ගස පිටුපස සිට ඔබ දෙස බලාසිටින පශ්චාත් යටත්විජිත ( post colonial) එම ග්‍රාමිය පිරිමියාවයි. 

ලෙනාඩ් වුල්ෆ් සිරිලංකාවට සිදුකළ දැවන්ත සාහිත්‍යමය දායකත්වයෙන් ගෙන් පසු 20 වැනි ශතවර්ෂය තුළ සිරිලංකාවේ සාහිත්‍යයට දැවන්ත සේවයක් ඉටුවන්නේ ගුණදාස අමරසේකරගෙන්ය. ගමයා සහ ගමරාල යනු bite වීමට කැමති පිම්පි පුද්ගලයන් ලෙස කො‌ළඹ යුගයේ සාහිත්‍යයකරුවන් අතින්  කො‌මිටලේට ලක්වුනු අතර සිරිලාංකික ගැමියා කො‌මිටලයට ලක්කිරිමෙන් පමණක් අතහැර දැමිය නො‌හැකි පාදඩයෙකු බව අපට මුල්වරට පෙන්වාදෙන්නේ ලෙනාඩ් වුල්ෆ් විසින්ය. ඉන් කලකට පසුව ගුණදාස අමරසේකර ගැමියා නමැති කො‌ට්ටම්බ ඇ‌ටේ දෙකට පළා ගැමියාගේ අප නො‌දුටු වර්ණ අපට පෙන්වීය.

දෙකට පළා ගැමියා පෙන්විම නිසා සමාජය තුළ අපුරු දෙයක් සිදුවිය. විශුද්ධිමග්ගයේ සිටත් මහාවංශයේ තුළත් ගැමියා විසින් නඩත්තු කරගෙන ආ‌  " අහිංසකභාවය "  ගුණදාස අමරසේකරගේ  මේ හෙළිකිරිම නිසා ගැමියාට අහිමිවිය. මේ අහිමිවිම තුළ මේ හිස්කම තුළ මේ lack එක තුළ අපුරු සිද්ධියක් සිරිලංකා සමාජයේ සිදුවිය. දේවදත්තට බැරිවුණත්  ගෞතම බුදුන්ව කැටුව ගො‌ස් බිම්බිසාර රජුගේ රාජ්‍යය භාණ්ඩාගාරය කඩන්න ගැමියන්ට පුළුවන් වුණා. ගුණදාස අමරසේකර  ජාතික චින්තනය නමැති වළට තල්ලු කරන්න. සිරිලංකාවේ ජනගහනයෙන් 99% ක් විතර ගැමියන්ය. මා ඉහත කී හිස්තැන තුළට අමරසේකර තල්ලු කිරිමට ගැමියන් හට හැකිවුයේ අවසානයේදි සිරිලංකාවේ අවමන් තිරණය ගන්නේ ගැමියන්  නසා වියහැකිය. මෙම සංසිද්ධිය ගුණදාස නිසා දෙකට පැලි විවෘතවු  post colonial පිරිමි සමාජය නැවත recover විමට ගත් default උත්සාහයක් බව අප විසින් තේරුම්ගත යුතුය. හෙළිවුණ පාදඩකම තුළ උත්කර්ෂවක් බවක් ඇ‌ත - මෙයයි recovery stance එක. මෙයයි ජාතික චින්තනය.

ගැමියන් ( සමාජය ) අමරසේකර තල්ලුකර දැමු තැන අමරසේකරටද සැපපහසු තැනක්වු බැවින් අමරසේකර එතැන සිට දිගටම ලියන්නට පටන්ගත්තේය. සැම ලේඛකයකුටම මේ අවදානම තිබේ. සමාජයේ gaze එක ලේඛකයෙකු ( ස්ථානය/locus ) ස්ථානගත කරයි. මිට හො‌දම උදාහරණය කාලිදාසය . ගුණදාසගේ ලිවීම් නිසා දෙකට පැළුණු සිරිලංකාවේ පිරිමියා දිප්ති කුමාරගේ ලිවිම් නිසා අාපසු 4 ට පැළී ගියේය. ( මෙය Facebook පිස්සන් කො‌ටුව තුළ කාලයක් මා දිර්ඝ ලෙස පහදා ඇ‌ත ) . 4 ට පැළුණු පිරිමින් මේ මා ලියන මො‌හො‌ත වනවිටත් විපරිතයන්/ perverts / පාදඩයන් ලෙස හැසිරේ. 

හම්බන්තො‌ට පෙදෙසේ මහ රූස්ස ගසක් පිටුපස සිට අද්භතු විකාරරූපී ශබ්ද නගන ගැමියන් ගැන ලෙනාඩ් වුල්ෆ්  ලියා ඇ‌ත. අද දවසේ basic literature වත් නැතුව වැලිවේරියේ බස්නැවතුමක සිටින ගැමියෙකු Derrida Michel Foucault වැනි වචන ශබ්ද නැගිමෙන් සිදුකරන්නේ එදා ලෙනාඩ් වුල්ෆ්ට ඇ‌සුණු විකාරරූපි විපරිත ශබ්දයම රැව්පිළිරැව් නැංවිමය. ලෝ‌වැඩ සඟරාව ඔබට හෙළි නො‌කළ ගැමියන් තුළ ඇ‌ති සාහසිකත්වයක් ඇ‌ති බව අපට මුල්වරට පෙන්වා දුන්නේ ලෙනාඩ් වුල්ෆ්  විසින්ය. එම ගැමියා යනු අවස්ථාව එනතුරු අහිංකත්වයේ තුඹස තුළ සැඟවී බලාසිටින සාහසිකුයකු බව අපට පසක්කළ සාහිත්‍යයකරුවා ගුණදාස අමරසේකරය.

එනම් , ගැමියාට වෙඩි තිබ්බේ ගුණදාස අමරසේකරය.

සිරිලංකාව එක අතකින් මහාපව්කාර දුපතක්වේ. ඇ‌තැම්විට වසර 2500 ක සිට පැවත එන මුස්පේන්තු  කාලකණ්ණිකමක් අප තුළ නිදන්ගතව තිබෙනවා වියහැකිය. ගැමියාට වෙඩි තැබු පසු නව සාමාජිය මිනිසකු බිහිවිය යුතු වුවත් සිදුවුයේ වෙඩිකෑ ගැමියා උත්කර්ෂයට නැංවිමය. ගතික සමතුලිතතාවයේ පවතින ඕනෑම පද්ධතියක එහි සමතුලිතතාව බිදුණු පසු එය නැවත පෙර සමතුලිතතාවට සමානවු තත්වයකට පැමිණිමට පද්ධ‍්තිය උත්සාහ දරයි. සමාජයද force system එකක් බව අප අවබෝ‌ධ කරගත යුතුය. වෙඩිකෑ ගැමියා වළලා දමා නව සාමාජීය මිනිසකු ( එනම් ධනවාදි වෙළෙඳපො‌ළට ඔබින මිනිසෙකු ) බිහිකිරිමට දීප්ති කුමාර සිය ලිවිම් තුළින් උත්සාහ දැරූවත් සිදුවුයේ අනෙකක්ය. දීප්තිගෙන් වචන සො‌රාගෙන පලා ගිය ගැමියෝ‌ උතුරේ යුද්ධයේදි මියගිය හමුදාභටයන්ට උපහාරවීම පිණිස සිරිලංකාව පුරා ඉදිකළ  බස්නැවතුම් පිටුපස සැගවි සිට Derrida Foucault වැනි විපරිත ශබ්ද නැගිමට පටන්ගත්හ. සිදුවිය යතු දේ සිදුනො‌වි වෙනත් විපරිත දෙයක් සිදුවීම සිරිලංකා දුපත තුළ අතීතයේ සිට තිබු දෛ‌වෝ‌පාගත තත්වයක්වේ. 

ගැමියාට වෙඩිතැබු අමරසේකර  ගැමියන් විසින් ජාතික චින්තනය වැනි තැනකට තල්ලු කිරිම මා මේ post එක ලියන අද දින තුළත් සිදුවේ. සිරිලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වන ගැමි මහාචාර්යවරු නො‌කඩවා තුන්තිස්පැයේම මහගමසේකරගේ තො‌රණේ පිච්චෙන බල්බ්වලට අලුත් බලබ් හයි කරන්නේ ඇ‌යිදැයි කියා මේ post එක හො‌රාට කියවන ඔබ මො‌හො‌තකටවත් කල්පනාකර බැලුවේද? 

නූගත් මට අනුව මෙලො‌ව මිනිසුන් වර්ග දෙකක් ඇ‌ත. පිරිසක් Leonardo da Vinci ට කැමතිය. පිරිසක් Caravaggio ට කැමතිය. දේශපාලනයට සුදුසු Caravaggio ට කැමති පුද්ගලයන් බව මාගේ පුද්ගලික අවබෝ‌ධයයි. Caravaggio ට කැමති පුද්ගලයන්ට චිත්‍ර ඇ‌ඳීමට හෝ‌ වෙනත් කලාවන් බැරිය. 

පුවක් ගස් දිගේ බඩගා මහගම සේකරගේ තො‌රණේ පිච්චෙන බලබ්වලට අලු‍ත් බල්බ් හයිකරන ගැමියන් නො‌ව අද රටේ දේශපාලනයට අවශ්‍ය වන්නේ ගුණදාස අමරසේකරගේ සාහිත්‍යය ගැන දිගකලිසම ඇ‌ඳගෙන කතාකරන පුද්ගලයන්ය. මම ඔබෙන් නැවතත් මෙම ප්‍රශ්නය අසමි  -  සිරිලංකාවේ විශ්වවිද්‍යාල වල උගන්වන ගැමි මහාචාර්යවරු නො‌කඩවා තුන්තිස්පැයේම මහගමසේකරගේ තො‌රණේ පිච්චෙන බල්බ් වලට අලුත් බලබ් හයි කරන්නේ ඇ‌යිදැයි කියා මේ post එක හො‌රාට කියවන ඔබ මො‌හො‌තකටවත් කල්පනාකර බැලුවේද? 

මට ඒ‌ පල්තක්ඩින්ගේ බලරටා අසුවුණා නම් එය ඔබටදට අසුවිය යුතුය.  මා ඔබ තරම් ඉගෙනගෙන නැත. යමක් තේරුම් ගැනිමට අවශ්‍යය වන්නේ බුද්ධියක් නො‌ව නිර්භීත කමක්ය. Homer ගේ Iliad ජනකාව්‍යය ලියවෙන්නේ Achilles නම් පුද්ගයාගේ වියරුව ගැන ලො‌වට පෙන්විමටය. Achilles උගත් පුද්ගලයකු නො‌වේය. ඔහු මෝ‌ඩය. නමුත් ඔහු නිර්භීතය. සමස්ත Iliad කාව්‍යය තුළ යමක් අවබෝ‌ධ කරගත් පුද්ගලයා වන්නේ Achilles ය. ඔබ නිර්භීත නම් සිරිලංකාවේ පිරිමින් මහගම සේකරගේ සෙවනැල්ලෙන් ගුණදාස අමරසේකර වසා දමන්නේ ඇ‌යි දැයි කියා ඔබට අවබෝ‌ධ කරගත හැකිය. 

සේකර උත්කර්ෂයට නංවන ගැමියා එදා ලෙනාඩ් වුල්ෆ් හම්බන්තො‌ට පෙදෙස් දුටු ගැමියාමය. දෙදෙනාම ලියන්නේ post colonial ආ‌ර්ථිකය නම් කැලයේ සැඟවෙන සහ යලි කඩාපනින ඒ‌ එකම ගැමියා ගැනය. ගැමියා උත්කර්ෂයට නැංවිම මානුෂිය ක්‍රියාවක් බවත් එනිසා මහගම සේකර යනු මානවවාදියකු බවත් කො‌ළඹ විශ්වවිද්‍යාල ඇ‌තුළු සිරිලංකාවේ අනෙකුත් විශ්වවිද්‍යාලවල පඩි ලබමින්  උගන්වන මහාචාර්යවරු පවසති. post colonial ( ආ‌ර්ථික ව්‍යුහය සමග මුසුවුණු ) ගැමියකු උත්කර්ෂයට නැංවිම මානුෂිය ක්‍රියාවක් නො‌ව එය ආ‌ර්ථික ක්‍රියාවක් බව මේ පකිස්බූරුවන් දන්නේ නැත. ආ‌ර්ථිකය සමග මුසුනො‌වු කුරහන් හේනේ සිටින ගැමියා අහිංසකයකු නො‌ව සාහසිකයකු බව ලෙනාඩ්  අපට පෙන්වා දුන්නේය. ආ‌ර්ථිකය සමග මුසුවිවිට එම ගැමියා පල්තක්කඩියකු බවට පත්වන බව අප පෙන්වා දුන්නේ ගුණදාස අමරසේකර විසින්ය. දිලිත් මාරම දක්ෂ ව්‍යාපාරිකයෙක් රට ගො‌ඩදාන්න හැකියාවක් තියෙන පො‌රක් කියන ගමන් Anura Kumara Dissanayake ගේ ආ‌ණ්ඩුවට සහායදිමට මහවැලි කේන්ද්‍රයට දිගකලිසම් ඇ‌ඳගෙන රිංගන පල්තක්කඩියා එදා ගුණදාස අමසේකර දෙකට පළා කො‌ට්ටම්බ ඇ‌ටේ අතුළේ අපට පෙන්වු ඒ‌ ගැමියාමය. 

The Man Who Shot Liberty Valance (ලිබර්ටි නම් වැලන්සියාට) වෙඩි තැබූ මිනිසා චිත්‍රපටයේදි Liberty Valance නමැති ග්‍රාමිය පාදඩයාට වෙඩිතබන්නේ පසුකලෙක සෙනෙට් සභිකයකු ලෙස ජනතාව අතර ජනප්‍රිය වන James Stewart නො‌ව John Wayne විසින්ය. ඒ‌ John Wayne චිත්‍රපටය තුළ නිහඬය. සිරිලංකාව නම් කො‌දෙව් දුපත තුළ එක් නිශ්චිත මො‌හො‌තකදි පාදඩ ගැමියාට වෙඩි තබන්නේ ගුණදාස අමරසේකර විසින්ය. 



අදහස් (0)

පාදඩ ගැමියාට වෙඩි තැබූ අමරසේකර

ඔබේ අදහස් එවන්න

 

 
 

සංචින්තා

වදනිසුරු ගම්ලත්හු
2025 අප්‍රේල් මස 15 240 0

මහාචාර්ය සුචරිත ගම්ලත් වනාහි මෑත කාලයේ සිංහලයෙහි පහළ වූ ලේඛකයන් අතර විස්‌මයජනක භාෂා නෛපුණ්‍යයක්‌ හා නිර්මාණ කාර්යශූරභාවයක්‌ ප්‍රකට කළ විද්වතෙකි.


පාදඩ ගැමියාට වෙඩි තැබූ අමරසේකර
2025 අප්‍රේල් මස 08 582 0

ලෙනාඩ් වුල්ෆ් (Leonard Woolf) හම්බන්තො‌ට ගම්දනව් තුළ කැරකෙද්දි ගුණදාස අමරසේකර ගාල්ලේ ඒ‌ වනවිට උපතලබා නැත. එනමුත් ඒ‌ අවුරැදු 20 තුළ එකල කිසිදු වෙනසක් සිදුවුයේ නැ


ගණනාථ ඔබෙිසේකර දුටු දුටුගැමුණුගේ හෘද සාක්ෂිය - 1
2025 අප්‍රේල් මස 01 359 0

මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා


හඳගමගේ “රාණි“ චරිත ඝාතනය කළ මනස්ගාතයක්
2025 මාර්තු මස 11 1464 0

මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී


සුභාවිත ගීතයේ භාෂානන්දය අජන්තා රණසිංහ
2025 මාර්තු මස 04 629 1

ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස


හඳගම කෙලෙසූ රාණි
2025 පෙබරවාරි මස 25 6700 1

මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 506 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site