IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


බොබ් මාලේ සින්දු බලේ

සංචින්තා 20

.
ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’මේක කියන ගායකයා හැටියට අපි දන්නේ බොබ් මාලේ වුණත්, මේ ගීතය ‘වෙයිලර්ස්’ (Wailers) කියන සංගීත කණ්ඩායමේ, බර්නින් (Burnin) කියන තැටියට, මාලේ සහ පීටර් ටොෂ් දෙදෙනා එකතුව රචනා කරලා ගායනා කරලා තිබෙනවා. සංගීතය War කියල බටහිර සංගීත කණ්ඩායමක ගීතයකින් උපුටාගත්ත කියලත් කියනවා. 1973 වසරේදී තමයි මේ ගීතය අඩංගු තැටිය එළියට එන්නේ. එම තැටියෙන් ජනප්‍රියම වුණු ගීතය තමයි මෙි.

ඉතින් ගීතය ගැන කතා කරන්න පෙර තව ටිකක් එහි පසුබිම ගැන කතාකළොත් හොඳයි කියලා හිතුණා. වේයිලර්ස් කියන සංගීත කණ්ඩායම එක්ක, 1963, එය පටන් ගත් දා සිට, මාලේ අවුරුදු එකොළහක් විතර ගී ගැයුවා. මාලේ ගේ සංගීත ජීවිතය ආරම්භ වෙන්නේ ඒ කණ්ඩායම සමඟයි. නමුත් 1974 දී කණ්ඩායමේ ගායකයන් කීපදෙනෙක් තනියම ගීත ගායනය සඳහා වෙන්වෙනවා ඒත් එක්කම කණ්ඩායම නැති වෙලා යනවා. ඒක එහෙම වුණත්, මාලේ දිගටම ‘බොබ් මාලේ සහ වෙයිලර්ස්’ (Bob Marley & Wailers) යන නමින් දිගටම ගායනය සිදු කරනවා. 1980 දී මාලේ අන්තිමට මේ යටතේ ගීත ගායනයේ යෙදෙනවා.ඊට පසු 1981 දී බොබ් මාලේ මරණයට පත් වෙනවා. මාලේ සහ වෙයිලර්ස් කණ්ඩායම ජැමෙයිකානු රෙගේ සංගීතය තමයි තම නිර්මාණවලට යොදා ගත්තේ. රේගී කියන්නේ ‘රස්තාෆාරි’ කියන ආගමික නිකායක සංස්කෘතියට අදාළව බිහිවෙන සංගීතය. මාලේ ඒ නිකාය ඇදහු කෙනෙක් විදියට රෙගී සංගීතය ලෝකෙට ගෙනියනවා. (අද ලංකාවේ හිතන්නේ ජැමයිකාවේ පාට තුන තියෙන මොකක් හරි රෙද්දක් ඔළුවේ ඔතාගෙන ගංජා සුරුට්ටුවක් ගැහැව්වම රස්තා කියලනේ නමුත් එතනින් එහාට ගිය දේවල් ඒ සංස්කෘතියේ තියෙන බව බොබ් මාලේ අධ්‍යයනය කළොත් තේරෙනවා.) මාලේ ගේ බොහොමයක් ගීතවල ජැමෙයිකානු ජනතාවගේ අයිතීන්, ඔවුන්ගේ දුක්ඛිත  ජිවන තත්වය, සමාජ අසාධාරණය,අයුක්තිය, ස්ත්‍රියට හිමි තැන ලබා දීම වගේ දේවල් අඩංගු වෙනවා. තවත් සමහරු ඒවා අර්ථකථනය කරනවා ඔවුන්ගේ රස්තාෆාරී කණ්ඩායමට පිළිගැනීම ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ ගීත බොහොමයක් ගායනා වුණු බව. එහෙත් ඒක එහෙම නෙමෙයි කියල ඔප්පු වෙනවා 1978 දී බොබ් මාලේ කරපු ප්‍රකාශයකින්. ඔහු කියනවා, 'මම දැන් වසර පහක් තිස්සේ ජනතාවට තම අයිතීන් වෙනුවෙන් නැගිටින්න කිව්වට, තවම නැගිටින පාටක් නැහැ.මම තවදුරත් මේ ගීතය කිව යුතුද කියල මගෙන්ම ප්‍රශ්න කරගන්නවා' .ඉතින් මෙතැනින්ම තේරෙනවා ඔහුට තිබුණේ පොදු අරමුණක් කියල. 
.
මට බොබ් මාලේ සමාන වෙන්නේ අපේ ලංකාවේ දී ගුණදාස කපුගේ ශුරින්ට. ගීත වල අඩංගු දෑ, මොවුන්ගේ සංස්කෘතීන් ඇරුණහම මාලේ ගේ මරණයත් සිදුවෙන්නේ වැඩිපුරම නොසැලකිල්ල නිසා. තමන්ට රෝගී තත්වයක් තිබියදීත් ඒ තත්වය ගණන් ගන්නේ නැතුව ගීත ගයන්න සංචාරය කරලා. එතකොට ගුණදාස කපුගේ ශුරින්ට මොකද වුණේ කියල අපි දන්නවනේ. අනේ මොවුන් ටිකක් වැඩිපුර ඔවුන් ගැන සිතුවානම් කියන සිතුවිල්ල් හැමවෙලේම මට මාලේ ගේ හෝ කපුගේ ගේ  හෝ ගීතයක් ඇහෙද්දී හිතෙනවා. 
.

Get up, stand up, stand up for your right 
Get up, stand up, stand up for your right
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight

මේක ඉතාම සරලයි ඔහු ජනතාවට කියනවා,නැගිටින්න ඔබේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටින්න.නැගිටින්න.අරගලය අතහරින්න එපා කියලා ජැමෙයිකානු ජනතාවගේ වර්තමාන තත්වය පවා ඉතාමත් දුක්ඛිත තත්වයක තිබියදී ඒ කාලයේ මේ තත්වය කෙසේ තියෙන්න ඇතිද කියා අපිට හිතා ගන්න පුළුවන්නේ. ඉතින් තව දුරටත් පාලකයන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටී කියා බලා ඉන්නේ නැතිව තම අයිතීන් දිනා ගැනීම උදෙසා පෙරට එන්න කියල ඔහු ඉල්ලා සිටිනවා.

Preacher man don't tell me heaven is under the earth
I know you don't know what life is really worth
Is not all that glitters in gold and
Half the story has never been told
So now you see the light, aay
Stand up for your right. Come on

අපේ ශාස්තෘවරුන් අපිට කියන්නේ නැහැ දිව්‍යලෝකය තියෙන්නෙත් මේ මිහිපිටමයි කියල.මට හොඳටම විශ්වාසයි ඔබ දන්නේ නැහැ මේ ජිවිතයේ තිබෙන සැබෑ වටිනාකම.අපි දැනගත යුතු දේවලින් භාගයක්වත් අපේ ශාස්තෘවරුන් අපිට පවසන්නේ නැහැ.කරුණාකරලා දැන්වත් ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිසිටින්න.

Most people think great God will come from the sky
Take away ev'rything, and make ev'rybody feel high
But if you know what life is worth
You would look for yours on earth
And now you see the light
You stand up for your right, yeah!

බොහොමයක් දෙනා සිතනුයේ දෙවියන් වහන්සේ අහසෙන් ඇවිත් අපේ තිබෙන දුක් දෝමනස්සයන් නැති කරයි කියලා. නමුත් ඇත්තටම ජිවිතයේ තියෙන වටිනාකම දන්නවනම් ඔබ ඔබට ලැබියයුතු දේ මේ ලෝකය තුළින්ම සොයාගනු ඇත.දැන්වත් ඔබට තේරෙනවද?ඔබේ අයිතීන් වෙනුවෙන් නැගී සිටින්න

Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up. Life is your right
So we can't give up the fight
Stand up for your right, Lord, Lord
Get up, stand up. Keep on struggling on
Don't give up the fight

අරගලය දිගටම කරමින් ඔබේ අයතීන් වෙනුවෙන් සටන් වදින්න.ඔබේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න.සටන අතහරින්න එපා.

We're sick and tired of your ism and skism game
Die and go to heaven in Jesus' name, Lord
We know when we understand
Almighty God is a living man
You can fool some people sometimes
But you can't fool all the people all the time
So now we see the light
We gonna stand up for our right

අපි අසනීපයෙන් සිටින්නේ එනිසා අපි උත්සහ කරලා තියෙන්නේ මමත්වයෙන් ක්‍රියාකරන්න විතරයි.මරණයට පසු දෙවියන්ගේ නාමයෙන් දිව්‍යලෝකයට යන බව අපි සිතා සිටියත් අපි හරියට අවබෝධ කර ගත්තොත් තේරෙයි දෙවියන් සිටින්නේ මේ ජිවත්වන මිනිසා තුළ ම බව. ඔබට කිපදෙනේක්ව කීප විටකදී රවට්ටන්න පුළුවන් වුණාට හැමෝම හැමවිටදීම රවට්ටන්න ලැබෙන්නේ නැහැ.කරුණාකර දැන්වත් ඔබගේ අයිතීන් වෙනුවෙන් නැගිටින්න.

So you'd better get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight
Get up, stand up, stand up for your right
Get up, stand up, don't give up the fight

ඉතින් මේ විදියට මුළු ගීතයේම ජනතාවට කියනවා තමන්ගේ අයිතීන් වෙනුවෙන් පෙරට එන්න කියල. ඒ වගේම ඉතා ම හොඳ දෙයක් ගැන ඔහු කතා කරනවා. මනුස්සකම ගැන. දෙවියන් මෙන්ම යක්ෂයා සිටින්නේ ද මේ මනුස්සයා ළඟයි. ඔබ ජීවිතය හොඳට අවබෝධ කරගෙන තමන්ට අවශ්‍ය දේ මමත්වයෙන් තොරව දිනාගන්න උත්සහ කළොත් මේ මිහිපිටම ඔබට දිව්‍ය ලෝකය මැවෙනු ඇති බවට ඔහු කියනවා. මේ ගීතය මගේ හිත ගන්න ප්‍රධාන හේතුවත් මේකමයි. 
.
දැනට ලෝකයේ මානව හිමිකම් ගැන කතා කරද්දී ඒ වෙනුවෙන් ක්‍රියා කරන පළමු ආයතන කීපය අතරේ ඉන්න ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් කියන ආයතනයේ නිල ගීතය බවට මේ ගීතය දැන් වෙද්දී පත් වෙලා තිබෙනවා. 



අදහස් (0)

බොබ් මාලේ සින්දු බලේ

ඔබේ අදහස් එවන්න

සංචින්තා

නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද?
2024 සැප්තැම්බර් මස 10 1014 0

කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.


සොඳුරු ආඥාදායකයකුගේ චින්තන විප්ලවය
2024 සැප්තැම්බර් මස 03 579 0

සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ


බොබ් මාලේ සින්දු බලේ
2024 අගෝස්තු මස 27 652 0

.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’


හෙළ කවි කෙතෙන් නික්ම ගිය නූතන ගජමන් කිවිලිය
2024 අගෝස්තු මස 20 772 0

අද්‍යතන සිංහල සාහිත්‍යයෙහි ප්‍රබන්ධ කතාව සහ නාට්‍ය ආදී වූ කලාංග ශීඝ්‍රයෙන් උසස් තලයකට අවතීර්ණ වී තිබුණ ද කාව්‍ය කලාව එබඳු තලයකට පිවිසියේ ඉතා මන්දගාම


සිංහල කෙටිකතාවේ ප්‍රභවය විකාසනය හා නව ප්‍රවණතා
2024 අගෝස්තු මස 13 556 0

සිංහල කෙටිකතාව 19 වැනි සියවසෙහි අවසාන භාගයෙහි මෙරට පැවති ශාස්ත්‍ර පුනර්ජීවනයත් බටහිර ප්‍රචලිතව පැවැති කෙටිකතා සාහිත්‍යයේ ආභාසයත් හේතු කොටගෙන බිහි වූ


ගුවන්විදුලියේ ජනකාන්ත ජේත්තුකාරයා
2024 අගෝස්තු මස 06 939 1

ඔහු ගුවන් විදුලිය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල ගීතය ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහල නිවේදන කලාව ජනකාන්ත කළේ ය. තෙමේ ද ජනකාන්ත විය. සිංහ


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site