IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මහගම සේකර තීර්ථයාත්‍රිකයා

සංචින්තා

 

 

ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .

මහගම සේකර නමැති කවියා උපන්නේ 
' මායාව ' තුළය . හෙවත් මිථ්‍යාව තුළය . 

ඔහුගේ මුල්ම කාව්‍ය කෘතිය වන 
( කේ . ජයතිලකගේ උපමා කතා ද සහිතව පළ කළ )  ' ව්‍යංග්‍යා' හි එන ' මායා ' නමැති රචනය තුළින් අප දකින්නේ ගුඪවාදී මිථ්‍යාවක සිරවුණු කවියෙකි 
.


දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් ඉක්බිතිව බිහි වූ චංචල සමාජ ක්‍රමය තුළ උපන් 
බුද්ධිමත්හූ විශේෂයෙන්ම තාගෝර් වැනි දැවැන්තයන් පවා අයත් වන පෙරදිග කවීහූ, ව්‍යසනයෙන් පලා යන මාර්ගයක් සෙව්වෝය .

ඔවුන්ගේ රචනා විසින් සත්‍ය වෙනුවට මායාව විෂය කොට ගන්නා ලද්දේ එකී හේතුවෙනි .

මෙම නියාමය මුල් පරපුරේ අපේ නවීන කවීන්ට ද පොදු විය .

එහෙත් මහගමසේකර සම්බන්ධයෙන් අපූර්වත්වය ක් සිදුවිය .
අවශේෂ කවීන් අර මායාව සහ ගුඪවාදී මිථ්‍යාව තුළම සිරවෙද්දී සේකර එකී සිරගෙය බිඳගෙන ඉදිරියට ගියේය.

හෙතෙම මායාව සමීපයෙහි නැවතී බලා සිටියේ නැත .
මහගම සේකරගේ කවියෙහි අපූර්වත්වය එයයි .

ඔහුගේ කවියෙහි මෙන්ම ජීවන දැක්මෙහි පරිණාමය හෙවත් දෘෂ්ටි පරිණාමයේ කතාන්තරය තුළිනුත් අප දකින්නේ මායාවේ සිට යථාර්ථය දක්වාත් මිථ්‍යාවේ සිට සත්‍යය දක්වාත් තිරසර පිය සටහන් තබමින් ගමන් කරන අකම්පිත චංචල නිර්භය කවියකුගේ දැවැන්ත ප්‍රතිරූපයකි .

' ව්‍යංග්‍යා' හි එන ' මායා '  කියවමු .

සදාකල් පෙම් කළ හැකි ගැහැනියක සෙවූ කවියා ඉදිරියට එන 

' රතී '  ඉතා රූමත් ය .

' ස්වර්ණා ' ඉතා ධනවත් ය .

' ප්‍රඥා '  ඉතා නැණවත් ය .

'  කීර්ති '  ඉතා කීර්තිමත් ය .

නමුත් කවියා ඔවුන් හැම දෙනම ප්‍රතික්ෂේප කරයි .

අවසානයේ ඔහු ඉදිරියට එන්නේ 
' මායා ' ය .

ඇය මෙසේ පවසන්නී ය .

"  මගේ නම මායායි
ඈත අහසේ දිලෙන 
තාරකාවක් ලෙසට 
ඈත මුහුදේ පෙනෙන 
සිතිජයේ ඉම ලෙසට 
කිසි කලෙක කිසිවෙකුට 
ලබා ගත නොහැකි වන
මිරිඟු මුහුදින් එපිට 
සිහින ලොව වසන මම 
සිහිනයක් සේ ආමි 
ඔබට ඇල්මක් නැති ද  ..... ? " 

එවිට කවියා මෙසේ කියයි .

මම ඔබට ආදරෙයි
මෙතෙක් කල් මා සෙවූ 
එකම ගැහැනිය ඔබයි .



අදහස් (0)

මහගම සේකර තීර්ථයාත්‍රිකයා

ඔබේ අදහස් එවන්න

සංචින්තා

මහගම සේකර තීර්ථයාත්‍රිකයා
2024 ඔක්තෝබර් මස 22 52 0

ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .


අරුන්දතී රෝස මල් සිප ගැනීමෙි පුරුද්ද නවතා ගත්තේ කෙසේද?
2024 ඔක්තෝබර් මස 08 564 0

Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝ‌පිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇ‌මෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස


සාහිත්‍ය ආහ්ලාදය සැප්තැම්බරයෙන් ඉවරද?
2024 ඔක්තෝබර් මස 01 535 0

සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී


නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද?
2024 සැප්තැම්බර් මස 10 1080 0

කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.


සොඳුරු ආඥාදායකයකුගේ චින්තන විප්ලවය
2024 සැප්තැම්බර් මස 03 588 0

සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ


බොබ් මාලේ සින්දු බලේ
2024 අගෝස්තු මස 27 664 0

.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site