IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


සාහිත්‍ය ආහ්ලාදය සැප්තැම්බරයෙන් ඉවරද?

 


සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී පොතපත සුලබ ය. ලාබය රාජ්‍ය සාහිත්‍ය උත්සවය ප්‍රමුඛ ව පැවැත්වෙන සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සව ද පොත් ප්‍රදර්ශන ද එමට ය. පොතපතට ලොබ බඳින්නෝ තම පසුම්බියට ඔරොත්තු දෙන සේ අඩු මිලට පොත් මිල දී ගැනීමට බලා හිඳිනුයේ ද සැප්තැම්බරය උදාවන තුරුය. සහෘද පාඨක ප්‍රජාව කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත ඇදෙනුයේ කාන්දමට ඇදෙන ඉඳිකටු තුඩු සේය.

ලේඛකයෝ ද වෙනදාට වඩා උද්‍යෝගයෙන් පොත් එළි දක්වති. සාහිත්‍ය සභාෂණ, සම්මන්ත්‍රණ පවත්වති. මේ සියල්ල කෙරෙන් විද්‍යමාන වනුයේ විවාහ මංගලෝත්සවයක සෙයියාවකි. එහෙත් සැප්තැම්බරයේ දී ප්‍රසාරණය වන සාහිත්‍ය පාඨක සමාජය පොත් කියැවීම පිළිබඳ යථාර්ථයක්ද? ලංකාව වනාහී සමස්ත ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට විශාල පාඨක සමාජයක් සහිත රටකි. පොතපත කියැවීම සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් කලා මාධ්‍යයන් සම්බන්ධයෙන් ද ජනතා සහභාගීත්වය මීට සමානය. සාහිත්‍ය මාසය දෙස ආහ්ලාදයෙන් මෙහා තැනත සිට අපට බැලිය හැකි නම් එය අනාගතය පිළිබඳ සුබ නිමිත්තක් වනු නො අනුමානය.
අද්‍යතන සාහිත්‍ය විසම චක්‍රයක සිර වී ඇති බව කීම අතිශයෝක්තියක් නො වේ. දරිද්‍රතාවෙන් මිරිකී සිටින කම්කරු පන්තියට පොතපත මිල දී ගැනීමේ හැකියාවක් නැත. අද පළ වන ස්වයං නිර්මාණ ද නීරස ය. එබඳු පොත් කියැවීමෙන් කෙනකුට අමතුවෙන් ලබාගත හැකි දැනුම්වත් භාවයක් නැත. නිර්මාණකරුවන් ගේ පරිඥානය, පර්යාය ලෝකය ද පටුය. මෙනයින් පොත් ප්‍රකාශනය කිරීමට ප්‍රකාශකයෝ මැලිවෙති. ප්‍රකාශකයන් හිඟ වන විට ලේඛකයෝ ද ලිවීමට නො පෙලඹෙති.පූර්වෝක්ත විසම චක්‍රය කඩා බිඳ දැමීමට අප කළ යුත්තේ කුමක් ද? කලාවෙන් හා සාහිත්‍යයෙන් වියුක්ත වූ මිනිසා මනුෂ්‍යත්වයෙන් පිරිහී සිත්පිත් නැති යන්ත්‍රයක් බවට පත්වනු නොඅනුමාන ය. ගෝලීය ධනවාදයේ ගොදුරු බවට පත් වූ මෙරට ජනතාව ක්‍රමයෙන් ග්‍රන්ථ සේවනයෙන් විකර්ෂණය වූහ. අද බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනුයේ වැඩි වාණිජ වටිනාකමක් ඇති විෂය කෙරෙහි ය. පොතපතින් වියුක්ත වූ ඔවුහු එෆ්. එම්. නාලිකාවලට, රූපවාහිනියට. කැසට් පටයට, වීඩියෝ පටයට, අන්තර්ජාලයට ආදී මෙකී නොකී සරල විනෝද මාධ්‍යවලට ආසක්ත වූහ. පොතපත කියැවීමට තරම් '' විවේක බුද්ධිය " හෝ "වේලාව " නැති බව ද ඇතැම්හු කියති. එහෙත් බොහෝ දෙනකුට විවේක බුද්ධිය හෝ වේලාව නැති වී තිබෙනුයේ මුදල් හම්බ කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති නිසාය. නමුත් ආපසු හැරී බලන විට හම්බ කරගත් දෙයක් ද නැත. පොතපත කියැවීම ද කෙළේ නැත. යාන්තම් ජිවිතය ගැට ගසා ගැනීමට සොච්චමක් උපයා ගත්තා පමණි.

ලාංකේය ජනතාවට මේ සන්තෑසිය සිදු වූයේ අද ඊයෙක නො වේ. 1977 පිළිපන් විවෘත ආර්ථික වෙළෙඳ පොළත් සමඟ සාහිත්‍ය කලාව පමණක් නොව මෙරට සංස්කෘතිය පවා උඩුයටිකුරු විය. බටහිර පාරිභෝගික රටාවට අනුව හැඩ ගැසුණු ජනතාව සුඛෝපභෝගී ජීවන රටාවකට නිරායාසයෙන් ම ඇබ්බැහි වුහ. මේ වෙළෙඳ අර්ථ ක්‍රමය තුළ " සාහිත්‍ය කන්න දැයි ඇසූ දේශපාලනඥයෝ පවා සිටියහ. මේ කතාව ඇත්තක් ද ? ඔවුන් මෙසේ අසන්නේ සාහිත්‍ය වැඩකට නැති දෙයක් නිසාද? එසේ නැති නම් එය යහමින් මුදල් හම්බ කර ගන්නට පුළුවන් ව්‍යාපෘතියක් නොවන නිසාද? කෙසේ වෙතත් හිටපු ජනනාධිපතිවරයකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා එදා ප්‍රසිද්ධ සභාවක් අමතමින් කළ පූර්වෝක්ත ප්‍රකාශයේ මහාර්ඝ සත්‍යයක් ගැබ් වී තිබුණු බව අද අපට ප්‍රත්‍යක්ෂ වේ. ලෝකයේ වෙනත් රටවල් සමඟ සසඳන විට ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලට තවමත් ආර්ථික දරිද්‍රතාවෙන් ඉන්තේරුවෙන්ම මිදීමට නොහැකි වී තිබේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදමෙන් බැටකන ජනතාවකට රුපියල් දහක් දෙදහක් දී නවකතාවක් හෝ වෙන යම් සාහිත්‍ය කෘතියක් මිලදී ගැනීමට වඩා ඒ මුදලෙන් ඉටුකර ගත යුතු වෙනත් පාරිභෝගික අභිලාෂයන් ඇත.

මාක්ස්වාදයට අනුව සමාජ නිෂ්පාදනයේ උපරිම ව්‍යුහය වනුයේ සාහිත්‍ය හා කලාව ය. නිෂ්පාදන ක්‍රියාවලියේ උත්තර ස්තරයක පවතින එය නිර්මාණය කරන්නෝ සහ සේවනය කරන්නෝ මූලික වශයෙන්ම මධ්‍යම පාන්තිකයෝ ය. විප්ලවය සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදය මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ උපරි ව්‍යුහය සමන්විත වනුයේ ද මැද පන්තියෙනි. මෙනයින් මැද පන්තියෙන් වියුක්ත වූ දේශපාලනයක් දර්ශන වාදයක්, නීතියක් ආගමක් හෝ සාහිත්‍ය කලාවක් පැවැතිය නොහැකි ය. එහෙත් වෙනත් දියුණු රටවල සහ දියුණු වෙමින් පවතින රටවලට සාපේක්ෂ ව ලාංකේය මැද පන්තිය මහත් අකර්මණ්‍ය නිද්‍රාශීලී පසුගාමී තලයක පවතින බව කීම අතිශයෝක්තියක් නො වේ. ප්‍රංශය වැනි දියුණු සාහිත්‍යකාමී රටවල දේශපාලනඥයෝ සිවිල් නිලධාරියෝ, ව්‍යාපාරිකයෝ, සාහිත්‍ය හා කලාව අත්‍යන්තයෙන් ම සේවනය කරති. සාහිත්‍ය කලාව, සිනමාව, නාට්‍ය, සංගීතය, නර්තනය, චිත්‍රය ආදී කලාංගයන් රස විඳීමට තමන්ට ඇති අයිතිය, ජීවිකාව උපයා ගැනීමට කෙනකුට ඇති අයිතිය තරමට ම අගය කරති. එහෙත් ලාංකේය සම්භාව්‍ය වෘත්තිකයන් නීතිඥයන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීන් ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් සාහිත්‍ය කලාව සේවනය කරනුයේ උසස් වින්දනය සඳහා නොව පුහු ආටෝපයට ය.

 

 

ලංකාව උසස් සංස්කෘතියකට උරුමකම් කියන රටක් යැයි පුන පුනා පැවැසුව ද අද එය ගෝලීය ධනවාදයේ වේරම්භවාතයෙන් සුනුවිසුනු වී ගොස් සංස්කෘතික කාන්තාරයක අතරමං වී සිටී. එහෙත් මේ සංස්කෘතික කාන්තාරයේ බුද්ධිමය පිරමිඩ තැනීමට උත්සුක වන කොදෙව් මානසිකත්වයෙන් පරාරෝපිත, දියුණු කියැවීම් වලින් සහ හැදෑරීම්වලින් සන්නද්ධ පිරිසක් ද ඇත. මෙනයින් වත්මන් රජයේ අනුග්‍රහකත්වය සහ මධ්‍යම පාන්තිකයන්ගේ දායකත්වය ඇතිව අප මේ සාහිත්‍ය ක්ෂේත්‍රය තිරිහන් කළ යුතු ය. සාහිත්‍ය කලාවට කවර බරක් දිය යුතු දැයි නිගමනය වනුයේ රටෙක ජනතාව හා ඔවුන් ගේ පාලකයන් විසින් ගනු ලබන තීන්දු තීරණ මත ය. එහෙත් සාහිත්‍ය කලාව රැකීම, වර්ධනය හා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවැති ආණ්ඩු කටයුතු කර තිබෙනුයේ මහත් අවුල් සහගත ආකාරයෙනි.

රටක සාහිත්‍ය පෝෂණය හා ප්‍රවර්ධනය කිරීම පිණිස ශක්තිමත් හා ජාතික මෙහෙවරක් ඉටු කර ගත හැකි වනුයේ රජයකට ය. ජාතික ප්‍රතිපත්තියක් හා ප්‍රමිතිකරණයක් සහිත සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් රජයකට පූර්ණ මැදිහත්වීමක් කළ හැකි ය. එහෙත් පසුගිය වකවානුව තුළ මේ රටේ පාසල් මට්ටමේ සිට සිදු වූ සාහිත්‍ය කප්පාදුව අපට තවමත් අමතක කළ නොහැකි ය. මේ තත්වයට වගකිව යුත්තේ එවකට සිටි අමනෝඥ දේශපාලනඥයන් සහ අධ්‍යාපනික ඔස්තාර්ලාය. කිසියම් පුද්ගලයකුට චින්තන වින්දන ශක්තිය දියුණු කිරීමෙහි ලා පොතපතින් ලැබෙන පිටිවහල මෙපමණ යැයි කිව නො හැකි ය. එහෙත් පසුගිය වකවානුවේ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදු වූ පූර්වෝක්ත සන්තෑසිය නිසා ම පාසල් දරුවන්ගේ විවේක බුද්ධිය, කියැවීමේ රුචිකත්වය හා දැනුම් පිපාසය ද පෙර නො වූ විරූ ආකාරයට සිඳී ගිය අයුරු අපි දුටිමු. මේ අභ්‍යාග්‍ය සම්පන්න තත්වයෙන් මිදීමට රජයට උපකාරී විය හැක්කේ කෙසේ ද ? සංස්කෘතික අමාත්‍යංශය සහ සාහිත්‍ය අනුමණ්ඩලය වාර්ෂික සම්මාන උළෙලක් පැවැත් වුවද මේ අර්බුදකාරි තත්වයෙන් ගොඩ ඒමට එය විසඳුමක් නොවේ. මේ සා දීර්ඝකාලීන රාජ්‍ය මට්ටමේ වැඩ පිළිවෙළක් අවශ්‍ය ය. නිදසුනය වශයෙන් යෝජනා කිහිපයක් පහත හකුළා දක්වමු.

01.ප්‍රංශය, ඉන්දියාව වැනි රටවල් මෙන් සාහිත ඇකඩමියක් ආරම්භ කිරීම (මෙය පිහිට විය යුත්තේ සාහිත්‍යයේ ප්‍රගතියට රාජ්‍ය අනුග්‍රහය දක්වන ආයතනයක් ලෙසිනි.)

02. උසස් ප්‍රමිතිකරණයෙන් යුත් සාහිත්‍ය කෘති පළ කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම.

03. රජය සතුව පවතින රූපවාහිනි ගුවන් විදුලි සහ ජාතිය පුවත්පත් වැනි මාධ්‍ය උපයෝගී කොට ගෙන විවිධ සාහිත්‍ය වැඩ සටහන් නිර්මාණය කිරීම (මේ සඳහා දේශපාලන පක්ෂපාතිකම්වලින් තොරව බුද්ධිම විචාරකයන් ගේ ශාස්ත්‍රඥයන් ගේ, ලේඛකයන් ගේ සහයෝගය ලබාගත හැකි ය.)

04. ජාතික පුස්තකාල මණ්ඩලයේ ග්‍රන්ථ ව්‍යාපෘතිය තවත් කාර්යක්ෂම කොට එයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම

05. දැනට පවතින රාජ්‍ය සාහිත්‍ය උළෙල මෙයට වඩා විධිමත් ආකාරයෙන් පැවැත්වීම (සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයට සුදුස්සන් පත් කිරීම සහ කෘති තෝරා ගැනීමේදී පාරදෘෂ්‍යභාවයක් අනුගමනය කිරීම)

පූර්වෝක්ත යෝනාවලියට රාජ්‍ය අනුග්‍රහය ලැබුණ හොත් දැනට පවතින නොකියවන සමාජය කියවන සමාජයක් බවට පරිවර්තනය කිරීමට පුළුවන. ජනතාව නිවැරදි මඟ යැවීම පිණිස කලාවේදී එක්තරා ආකාරයක යොමු කිරීමක් ද තිබිය යුතුය. රාජ්‍ය අනුබලය මෙයට ලැබිය යුතු වනුයේ එ නිසාය. සමාජ විසංවාද සහ මානව සබඳතා මැනවින් වටහා ගැනීමට සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාහිත්‍ය හා කලාව විශාල මෙහෙවරක් ඉටු කළ හැකි යැයි විශ්වාස කරන සාහිත්‍යාභිලාෂීන් වශයෙන් එබඳු අනුග්‍රහයක් අපි වත්මන් රජයෙන් ද බලාපොරොත්තු වෙමු.



අදහස් (0)

සාහිත්‍ය ආහ්ලාදය සැප්තැම්බරයෙන් ඉවරද?

ඔබේ අදහස් එවන්න

සංචින්තා

මහගම සේකර තීර්ථයාත්‍රිකයා
2024 ඔක්තෝබර් මස 22 52 0

ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .


අරුන්දතී රෝස මල් සිප ගැනීමෙි පුරුද්ද නවතා ගත්තේ කෙසේද?
2024 ඔක්තෝබර් මස 08 564 0

Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝ‌පිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇ‌මෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස


සාහිත්‍ය ආහ්ලාදය සැප්තැම්බරයෙන් ඉවරද?
2024 ඔක්තෝබර් මස 01 535 0

සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී


නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද?
2024 සැප්තැම්බර් මස 10 1080 0

කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.


සොඳුරු ආඥාදායකයකුගේ චින්තන විප්ලවය
2024 සැප්තැම්බර් මස 03 588 0

සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ


බොබ් මාලේ සින්දු බලේ
2024 අගෝස්තු මස 27 664 0

.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 85 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 781 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 540 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site