2023 වසරේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ, විවිධ විෂය නියෝජනය කළ කෘති වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 27වැනි දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මෙම ලිපිය ලියන්නේ අදාළ උලෙළ සංවිධානය කිරීමේ දී, පැවැත්වීමේ දී සහ එම අවස්ථාවට සහභාගි වූ අමාත්‍යවරයාගේ කතාව පිළිබඳ කිසියම් සිහිපත් කිරීමක් වශයෙනි. එය කොටස් තුනකින් සමන්විත ය.
පළමු කොටස
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ලද ආරංචිවලට අනුව මෙවර සම්මාන උලෙළ අවම වශයෙන් දෙවතාවක් ම කල් තබන්නට සිදු වී තිබේ. ඒ, එක් වතාවක් ජනාධිපතිවරණය ද, දෙවැනි වතාව මහ මැතිවරණය ද ඒ සඳහා බලපෑ බැවිනි. මෙම කල් යෑම මතුපිටින් සරල කාරණයක් වුව ද එහි අභ්‍යන්තර කතා සහ ක්‍රියාදාම සරල ලෙස සැලකිය නොහැකි ය. එහි දේශපාලනික පසුබිම මෙන් ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් දරන ලද වියදම ද සලකා බැලිය යුතු ය. මෙහි වගකීම දේශපාලන තන්ත්‍රයට මෙන් ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වගකිව යුතු නිලධරින් බාරගත යුතු ය. එයට හේතු පාදක වන්නේ කුමන කාරණා ද යන්න කෙටියෙන් හෝ සඳහන් කළ යුතු ය.
මගේ යෝජනාවට අනුව නම් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පැවැත්විය යුත්තේ සෑම වසරක ම සැප්තැම්බර් 01වැනි දින හෝ පළමු සතියේ දිනක ය. ඒ, පාඨක ප්‍රජාවට අදාළ සම්මාන උලෙළෙහි දී සම්මානයට පාත්‍රවන කෘති කලින් ම හඳුනාගැනීමට හැකිවන බැවිනි. එසේ හඳුනාගත් පසු සැප්තැම්බර් මාසයේ දෙවන සතියෙන් පසු දින දහයක් පුරා පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් එම කෘති මිලදී ගැනීමට පාඨක ප්‍රජාවට හැකි වන බැවිනි. එමෙන් ම අදාළ කෘති ප්‍රකාශයට පත් කළේ කුමන ප්‍රකාශන ආයතනයෙන් ද යන්න ද සඳහන් කරන්නේ නම් එය ද ඉතා අගනේ ය; උත්සව අවස්ථාවේ දී ඒ සඳහා අවස්ථාව ලබාගත නොහැකි නම් එදින නිකුත් කරන සමරු කලාපයේ හෝ අදාළ ප්‍රකාශන ආයතනයේ නම සඳහන් කළ යුතු ය. නමුත් කුමන හෝ හේතුවක් මත මෙවන් අදහස් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ වගකිව යුතු ප්‍රජාව සලකා බලා නොමැත.
මෙම උලෙළ දෙවතාවක් කල් දැමීමට ප්‍රථමයෙන් අදාළ නිලධාරින් සැලකිල්ලට ලක් කළ යුතු කරුණු කිහිපයක් ම තිබිණ. එනම් ඔක්තෝබර් මාසයේ ජනාධිපතිවරණය පවත්වන බවට මැතිවරණ කොමිසම තිරණය කර තිබීම ය. එමෙන් ම ජනාධිපතිවරණය අවසන් වූ සැණින් ම මහා මැතිවරණය ද කැඳවන බව වගකිව යුතු නිලධාරින්ට වෙසෙසින් සිහිපත් කළ යුතු නොවේ. එසේ නම් ඔවුන් අදාළ උලෙළ පැවැත්වීම සඳහා දින වෙන් කිරීමේ දී මෙම කරුණු සැලකිල්ලට ලක් කළ යුතුව තිබිණ. නමුත් සිදු වූ ක්‍රියාදාමය පිළිබඳ සලකා බැලීමේ දී එසේ කළ බවක් දක්නට නොලැබිණි. මේ හේතුවෙන් විශාල මුදලක් මෙන් ම සංස්කෘතික කටයුතු දෙපාර්තමේනුතුවේ කාර්ය මණ්ඩලයේ ශ්‍රමය ද විශාල ලෙස අවභාවිතා කර ඇත; ඔවුන්ට ඒ වෙනුවෙන් අතිකාල දීමනා ගෙව්වේ නම් ඒ මුදල් ද ජනතාවගේ මුදල් බව අදාළ වගකිවයුතු නිලධර ප්‍රජාව සිහියේ තබාගත යුතු ය.
මේ ආකාරයට උලෙළ කල් තැබිම හේතුවෙන් උලෙළට අදාළ ආරාධනා පත්‍ර දෙවතාවක් මුද්‍රණය කිරීමට සිදු විය. ඒ සඳහා වැය කරන්නේ ද ජනතාවගේ මුදල් නොවේ ද? උත්සවයට ආරාධනා ලබන්නේ සීමිත පිරිසක් වුව ද මෙම වියදම් දැරීම සඳහා යොදවන්නේ සමස්ත රටවැසියාගේ ම මුදල් නොවන්නේ ද? සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ බලධර ප්‍රජාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් නොවන්නේ ඇයි? සැබැවින් ම ඊට වගවිය යුත්තේ කවුද? එසේ වගවිය යුතු කිසියම් පාර්ශ්වයක් සිටින්නේ නම් ඔවුන් වෙනුවෙන් විනය පරීක්ෂණයක් පැවැත්විය යුතු නොවේ ද? මේ පිළිබඳව නව ගරු අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු ය.
දෙවන කොටස
දැන් බලයේ සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය පක්ෂය යි. ජාතික ජන බලවේගය කෙසේ වුව ද ජනතා විමුක්ති පෙරමුණ යනු පුරවැසියාගේ කියවීමේ අවශ්‍යතාව මැනවින් වටහාගෙන සිටින, ඒ පිළිබඳ පුරවැසියා දැනුවත් කරන, ඒ වෙනුවෙන් බොහෝ සමාජ කටයුතුවල නිරත වූ පක්ෂයකි. එවන් පක්ෂයක් විසින් පාලනය කරනු ලබන රාජ්‍යයක සාහිත්‍ය කලා කටයුතු සඳහා වෙසෙස් අවධානයක් යොමු විය යුතු ය.
මගේ පුද්ගලික විශ්වාසය අනුව නම් එදා උලෙළට පැමිණි බොහෝ පිරිසක් ගරු අමාත්‍යවරයාගේ කතාවේ දී කිසියම් බලාපොරොත්තු සහගත යමක් පවසාවි යැයි සිතා සිටින්නට ඇත. එනම්: කඩදාසි මිල අඩු කිරීම, පොත් සඳහා පනවා ඇති 18% බද්ද ඉවත් කිරීම, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය වෙතින් වඩා වැඩි සේවාවක් ඉටු කිරීම යනාදිය යි. නමුත් ගරු අමාත්‍යවරයාගේ කතාවේ දි එම බලාපොරොත්තු ඉටු වන බවට ඍජු ප්‍රකාශයක් නොකෙරිණ. ඒ සඳහා ගරු අමාත්‍යවරයා භාවිත කළ වාක්‍ය අනුව පැහැදිලි වන්නේ ඒ පිළිබඳ සලකා බලන බවයි. (මෙම කරුණු වඩාත් සාක්ෂාත් කරගැනීම සඳහා එදින ගරු අමාත්‍යවරයා කළ ප්‍රකාශය මෙම සබැඳියෙන් කියවන්න.) ඒ හැර අදාළ වැට් බදු ඉවත් කරනවා යැයි ඍජුව නොපවසා ඉන්නට තරම් ගරු අමාත්‍යවරයා ප්‍රවේශම් විය. ඉන් ගම්‍ය වන්නේ මැතිවරණ වේදිකාවේ දී දෙන පොරොන්දු, පොරොන්දු දෙන තරම් සැහැල්ලුවෙන් ඉටු කළ නොහැකි බවයි. එනිසා මෙම රජය යටතේ වුව ද පාඨක ප්‍රජාවගේ සිහිනය කවදා සැබැ වේ ද යන්න අවිනිශ්චිත ය. නමත් මමත් ඔබත් ඒ පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන බව මේ මොහොතේ අමාත්‍යවරයාට සැල කළ යුතු ය; අමාත්‍යවරයා ද ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු ය.
තෙවන කොටස
මී ළඟට මා සූදානම් වන්නේ මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පැවති අවස්ථාවේ දුටු අඩුපාඩු කිහිපයක් සඳහන් කිරීම සඳහා ය. ඒ, ඊට අදාළ කිසිවකු අපහසුතාවට පත්කිරීමේ අදහසින් නොවන බව පළමුවෙන් ම සඳහන් කළ යුතු ය.
එමෙන් ම මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ සඳහා සහභාගි වන සියලු දෙනාට කිසිදු බාධාවකින් තොරව අරලියගහ මන්දිර භූමියට ඇතුළු වීමට ඉඩ කඩ සැලසීම පිළිබඳව ද ස්තුතිය පිරිනැමිය යුතු ය. මිට පෙර විවිධ උත්සව සහ මාධ්‍ය කටයුතු සඳහා සහභාගි වු පුද්ගලයකු ලෙස එකල විදි ගැහැට කෙතරම් ද යන්න යළි යළි සිහිපත් කළ යුතු නොවේ.
පුරා පැය හතරක් පමණ පැවති මෙම උත්සවයේ දී විවිධ සාහිත්‍ය විෂය ක්ෂේත්‍ර 26ක් සඳහා සම්මාන 26ක් ද ඊට අමතරව කුසලතා සහතික පත් අවම 50ක් පමණ ද පිරිනැමිණ. මෙය සුළුපටු කටයුත්තක් නොවේ. විශේෂයෙන් ම කාලය කළමනාකරණය කරගනිමින් සියලු දෙනා වේදිකාවට කැඳවා මේ සම්මාන සහ සහතික පත් ප්‍රදානය කිරීමේ දි යම් යම් අඩුපාඩු සිදුවිය හැකි ය. එය එතරම් සැලකිල්ලට නොගත්ත ද අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් පවතී.
මෙම උලෙළෙහි දි සම්මානයට පාත්‍ර වූ ඇතැම් ලේඛක ලේඛිකාවෝ බොහෝ වියපත් අය වූහ; කෙතරම් වියපත් ද යත් ඒ ඇතැම් ලේඛකයකුට, ලේඛිකාවකට වේදිකාවට ගොඩ වීම පවා අපහසු ය. සංවිධායක මණ්ඩලය මේ පිළිබඳව අවධානය යොමු කළේ නම් ඔවුන් අපහසුතාවෙන් වේදිකාවට කැඳවාගෙන නොගොස්, ඔවුන් අසලට ගොස් එම සම්මානය හෝ කුසලතා සහතිකය පිරිනැමිමට කටයුතු සැලැස්විය යුතුව තිබිණ. එබඳු ලේඛක ලේඛිකාවන් අසුන් ගැන්වීමේ දී ඔවුන් වෙනුවෙන් ඉදිරි පෙළ අසුන් වෙන් කළ යුතුව (ප්‍රධාන අමුත්තා ඇතුළු පිරිස එක් පසක සිටින සේ) තිබිණ. එවිට ඔවුන්ගේ නම ප්‍රකාශ කළ පසු ඔවුන් ඉතා අපහසුවෙන් වේදිකාව වෙත රැගෙන යෑමේ අවශ්‍යතාවක් පැන නොනගී; ඔවුන් වෙනුවෙන් මඳකට වේදිකාවෙන් බැස විත් සම්මානය හෝ කුසලතා සහතිකය පිරිනැමීම ආරාධිතයන්ට අපහසු කටයුත්තක් නොවන බව මගේ අදහස ය.
මෙහි දී පූරකයෙක් සහ පූරකා දෙපළක් භාෂා ත්‍රිත්වයෙන් ම පූරක කටයුත්තෙහි නියැළි අතර ඇතැම් අවස්ථාවල දී මා යට සඳහන් කළ වයෝවෘද්ධ ලේඛකයා හෝ ලේඛිකාව වේදිකාව මතට පැමිණිමට පෙර ම අනෙක් සම්මාන සහ කුසලතා සහතික පිළිබඳව සැල කර, පිරිනමා ද අවසන් කර තිබිණ. එහි දී පුරක පූරකා දෙපළ සභාව වෙත අවධානය යොමු කළේ නම් එම අඩුපාඩුව මගහරවා ගැනීමට ඉඩ තිබිණ. මන්ද සම්මානය හෝ කුසලතා සහතිකය ලබාගන්නා ලේඛකයාට හෝ ලේඛකයාට එහි වටිනාකම ලැබෙන්නේ ඔහු හෝ ඇය සභාව සමග මුහු වීමෙනි. නමුත් ඇතැම් අවස්ථාවල ඇතැම් වයෝවාද්ධ ලේඛක ලේඛිකාවන් හට එම අවස්ථාව අහිමි විය; ඒ, ඔවුන් වේදිකාවෙන් බැස යෑමට පෙර අනෙක් සම්මාන ලාභියා සහ සහතික පත්ලාභින් වේදිකාවට පැමිණීම හේතුවෙනි. මෙය ඒ වයෝවෘද්ධ ලේඛක ලේඛිකාවන්ට කරන නිගරුවක් නොවේ ද? එය එසේ නොවන්නට නම් මා යට සඳහන් කළ ආකාරයට ඔවුන් අසලට ගොස් අදාළ සම්මානය හෝ කුසලතා සහතිකය පිරිනැමිය යුතු ය.
උත්සවය ආරම්භයේ සිට පැයක් පමණ ගතවන තෙක් කැමරා ශිල්පියෝ ලහි ලහියේ තම තමන්ගේ රාජකාරියෙහි නියැළුණ ද ඇතැම් අවස්ථාවල දී ඔවුන් වේදිකාව සමිපයෙන් ඉවත්ව ගොස් සිටි බව දක්නට ලැබිණ. මගේ නිරික්ෂණයට අනුව නම් ඇතැම් ලේඛක ලේඛිකාවකගේ සේයාරුවක් කැමරාවට හසු නොවන අවස්ථා ද තිබිණ. මෙය බරපතළ අඩුපාඩුවකි. ඇතැම් විට එම ශිල්පියාට කිසියම් ශාරිරික අවශ්‍යතාවක් සඳහා එම ස්ථානයෙන් ඉවත්ව යන්නට සිදුවන්නට ඇත. නමුත් එවන් අවස්ථාවක දී ඔහු හෝ ඇය වෙනුවට ආදේශකයකු සිටිය යුතු ම ය. ඉදිරි උලෙළ අවස්ථාවල දී මෙම අඩුපාඩුව ද මග හරවා ගත යුතු ය.
මෙහි දී මා දුටු තවත් අඩුපාඩුවක් වූයේ සම්මාන ලාභි පුද්ගලයා හෝ සහතික පත්ලාභි පුද්ගලයා වෙනුවට වෙනකකු වේදිකාවට පැමිණි මොහොතේ සභාවට ඒ පිළිබඳ ප්‍රකාශ නොකිරීම ය. මෙහි වගකීම අදාළ සම්මානය හෝ කුසලතා සහතිකය ලබාගන්නා පාර්ශ්වයට ද හිමි විය යුතු ය. එනම්, ඔවුන් ශාලාවට පැමිණි පසු තමන් පැමිණියේ අසවල් ලේඛකයා හෝ ලේඛිකාව නියෝජනය කරමින් බව සංවිධායක මණ්ඩලය දැනුවත් කළ යුතු ය. එමෙන් ම අදාළ පුද්ගලයා වෙත ආරාධනා පත්‍රය යැවීමේ දී අදාළ ලේඛකයා හෝ ලේඛිකාව වෙනුවට වෙනත් පුද්ගලයෙක් පැමිණෙන්නේ නම් ඒ පිළිබඳව කල් තියා (හදිසි අවස්ථාවක හැර) දන්වන්නැයි ඔවුන් දැනුවත් කළ යුතු ය; එය සංවිධායක මණ්ඩලයේ කාර්යයකි. මන්ද ඇතැම් විට එසේ සම්මානය හෝ සහතික පත ලබාගන්නා පුද්ගලයා ලේඛකයා හෝ ලේඛිකාව යැයි වැරැදි අවබෝධයක් සභාවේ සිටින පුද්ගලයන්ට ඇති විය හැකි ය. අනාගතයේ දී මෙම අඩුපාඩුව ද හැකිතාක් නිවැරැදි කර ගත යුතු ය.
මේ සියලු කරුණු සඳහන් කළේ කිසිදු පුද්ගලයකු හෝ කණ්ඩායමක් අපහසුතාවට පත්කිරීමේ බලාපොරොත්තුවෙන් නොවන බව මම යළිත් අවධාරණය කරමි; විශේෂයෙන් ම රටේ සමස්ත ජනතාව ම නැවුම් බලාපොරොත්තු තබා සිටින මොහොතක ඒ බලාපොරොත්තු ඉටු කිරීම රාජ්‍යයේ වගකීමක් බව සිහිපත් කිරීම සඳහා ය.
2023 වසරේ මුද්‍රණද්වාරයෙන් නිකුත් වූ, විවිධ විෂය නියෝජනය කළ කෘති වෙනුවෙන් පිදෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළ පසුගිය නොවැම්බර් 27වැනි දින අරලියගහ මන්දිරයේ
ලංකා විශ්වවිද්‍යාල කොලීජියේ (Ceylon University College) ඉංග්‍රීසි නාට්‍ය සංගමය (Dramsoc) බිහිවීමත්, එමගින් 1933 දී ක්‌වීන්ටරෝ සහෝදරයන්ගේ ’’Where Women Rule’’ නිෂ්පාදනයත් සමඟ ඇරැඹි මහා
ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .
Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස
සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී
කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උලෙළට පසු විපරමක්
ශිරාල් ෆෙර්නෑන්ඩෝ Wednesday, 04 December 2024 08:53 PM
පල්ලියෙන් පත්කළ දැඩි කතෝලික ක්‍රියාකාරිකයකු වන බුද්ධ ශාසන ඇමැති... නිවට බෞද්ධයින්ට නියමයි.