Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විසින් සිදුකළ සොයාගැනිමක් acoustic image නැමැති සංකල්පය. ගෞතම බුදුන් පවසනව අතහැරීමට අමාරුම රාගය කාමරාගය බව. අර්හත් මාර්ගඵල අවබෝධය වනතාක් අංශුමාත්‍රව පවතින කාමරාගය පිළිබඳ විස්තර කිරිමේදි ගෞතම බුදුන්ට සිදුවෙනවා acoustic image නමැති සංකල්ප භාවිත කිරිමට. acoustic image සංකල්පය නැතුව symbol & symbolization නමැති මානව ක්‍රියා පැහැදිලි කිරිමට හැකියාවක් නොමැත.
ඉතාලියේ Milan city එකේ Politecnico විශ්වවිද්‍යාලයේ Jacques Lacan විසින් සුප්‍රකට දේශනයක් සිදුකළ ශාලාවක් ඉදිරිපස මල් වැටක බැනර් එකක් එල්ලල තිබුණා මෙසේ - Acoustic Image - Lecture . ඉංග්‍රිසියෙන් කිසිම වැඩක් ඉතාලිය තුළ සිදුවෙන්නෙ නැති නිසා මා මෙම දේශනය ඇසිමට ගියේ මා සමග සිටි රස්තියාදුකාරයන් පිරිසක් සමගය. ඔවුන් විශ්වවිද්‍යාලවල ඉගෙනුම ලැබුවත් එදවස එම රස්තියාදු කල්ලියේ මුලිකම අරමුණ වුයේ Amsterdam හි discotheque එකකින් උරා බීපු ගංජාවලට සමාන කංසා පැළයක් genetically modify කිරිම පමණි. ඒ හැර වෙනයමක් ගැන ඔවුහු කතාබස් නොකළෝ ය. 33 Tramp එකේ නැගී දේශනයට යන අතර මගදි මම ඔවුන්ට Lacan සහ acoustic පිළිබඳ විස්තරයක් කළෙමි. එය ඇමෙරිකානු තරුණයකුත් ජර්මානු තරුණයකුත් ඉන්දියානු තරුණයන් දෙදෙනෙකුත් කළ දේශනයක් විය. මෙය අමුතුම ආකාරයේ acoustics image එකක් විය. සංකල්පයේ මුලික සොයාගැනිම ඉන්දියානු තරුණයන් දෙදෙනාගේ විය.
සුදුසඳුන් ගසක් ඔබට නැරඹිය හැකිය. නමුත් සුදුසඳුන් ගසකට ඔබට සවන් දිය නොහැකිය. සුදුසඳුන් ගසක් ආශ්‍රිතව පැන නගින ශබ්ද සහ රත්සඳුන් ගසක් ආශ්‍රිතව පැනනගින ශබ්ද පටිගතකර ඔබට ඇසීමට සැලැස්වුවහොත් ගස් දෙක වෙන්කර ඔබට හදුනාගත නොහැකිය. වර්ණ දැකිමට හැකිය.නමුත් වර්ණ ශ්‍රවණය කළ නොහැකිය. නමුත් සැම වස්තුවකින්ම vibration එකක් emit වේ. මෙම vibrations record කර ඒවා පිටවන වස්තුව ඔවුන් projector තිරයක පෙන්වන අතර ඉන් emit වන ශබ්දය අපට ශ්‍රවණය කිරිමට දේශකයෝ ඉඩ සැලසවුහ. එනම් ඔවුහු අපට නිහඩ සමාධි බුදුපිළිමය දැකිමට නොව සමාධි පිළිමය ශ්‍රවණය කිරිමට ඉඩ සලස්වති. මෙම තාක්ෂණය ඔවුන් කෙතරම් දියුණුකර ඇත්තේද යත් 2nd phase හරප්පා කැණීම් site දෙකක sound images ඔවුහු අපට අසෙන්නට සැලැස්වුවෝය.. සැම පුරාවිද්‍යා ස්ථානයකටම sound signature එකක් ඇති බව ඔවුහු පැවසුවෝය. ශාලාව තුළ වැඩි සෙනඟක් සිටියේ නැත. සිටිය සියලු දෙනාම කන් කඩාවැටි මෙම විස්මිත technology එක පිළිබඳ අසාසිටි බව නම් මට මතකය. සිරිලංකාවේ ගංකබරයකු වු මා අසා තිබුණේ මිනිසා තුළ යම් ශබ්දයක/වචනයක අර්ථය ග්‍රහණය කරගැනිමේදි භාවිතාවන acoustic image එක පිළිබඳවය. මෙම දේශනය එවැන්නක් පිළිබඳ නොව නවතම technology එකක් පිළිබඳවය. දේශනය නිමවි ආපසු එන ගමනේදි එකෙකු මෙසේ පැවසීය - ඒ මොනාද බං ජනා අපිට කිව්වෙ Lacan ගැනයි acoustic image ගැනයි .
අරුන්දතීට ගල් ගහල නෙමෙයි මරන්න ඔනේ Army Jeep එකකට තියල බැඳලා ගහල - යනුවෙන් ප්‍රකාශ කළේ ඉන්දිය BJP පක්ෂයේ මන්ත්‍රිවරයෙක්ය. Paresh Rawal නමැති මෙම මන්ත්‍රිවරයා සිරිලංකාවේ ජනප්‍රියවු ඉන්දිය තුප්පහි චිත්‍රපටවල නළුවකු බව මා හට දැනගැනිමට හැකිවිය. මම තුප්පහි ඉන්දිය චිත්‍රපට නරඹන්නේ නැති නිසා මෙම මුග්ධ පිරිමියා ගැන නොදනිමි. එමනිසා මෙම මුග්ධයා ජාතිවාදි business එකට enter වු විදිය මම නොදනිමි. නමුත් ලොව වෙනත් රටවල mujahideen වැනි සංවිධාන ගොඩ නැගු පිරිමින් ජාතිවාදි business එකට enter වනු විදිය පිළිබඳ මම දනිමි. මට පමණක් නොව මේ post එක රහසින් කියවන ඔබටද සාහිත්‍යය තුළින් එම දැනිම ලබා ගතහැකිය. වැඩි ඈතක යායුතු නැත Agatha Christie ලියු Murder on the Orient Express නවකතාව තුළ ද මේ පිළිබඳ යම් කරුණු ඇත. අවසාන Ottoman Caliphate එක නවතින්නේ රේල් පාරක් අසලය. මේවා පිළිබඳ විස්තර මා මිට පෙර Facebook පිස්සන් කොටුවට ලියා ඇති බැවින් මේවා එකිනෙක ගැළපිමට දැන් මෙහි ඉඩක් නොමැත. Orient Express කෝච්චිය පීලිමත මංගල ගමන් ආරම්භ කරන දවස සහ අවසාන Ottoman Caliphte එක කෝච්චියේ නැගි පලාගිය දවස අතර සිදුවුණු සිද්ධීන් එකට යාකරගැනිම basic literature තිබෙන කිසිම පිරිමියකුට අමාරු නැත. ලෝ වටා ඇතැම් පිරිමින් ජාතිවාදි business එකට enter වු විදිය basic literature තිබෙන ඔනෑම පිරිමියකු දන්නා කරුණක්වේ.
අගමැති Modi ගේ ආණ්ඩුවේ නළු මන්ත්‍රි කෙනකු අරුන්දතීට ගල්ගසා නොව Army Jeep එකකට තියල බැඳල ගහල මරන්න ඔිනේ කියල ඉන්දියාවේ ජාතිවාදය අවුස්සද්දි අරුන්දති ඒකව බල්ලට ගණන් ගන්නේ නැත. ඉන්දියවේ තරුණ ප්‍රජාවගෙන් ඒ බල්ලට ලැබුණේ කනේ පාරක් වැනි ප්‍රතිචාරයක්ය. නුමත් සිරිලංකාවේ සිදුවුණු ඇතැම් කෘර ඝාතන වල පරික්ෂණ යටගැසිමට නලින් ද සිල්වා ජාතිවාදය අවුස්සන විට සිරිලංකාවේ තරුණ ප්‍රජාවගෙන් එවැනි ප්‍රතිචාරයක් නලියා වෙත එල්ලවුණේ නැත. ඊට ප්‍රතිපක්ෂව සිරිලංකාවේ සිදුවුයේ නලින්ගේ ප්‍රකාශ ලෙහෙසියෙන් බැහැර නොකළ යුතු බරපතළ academic ප්‍රකාශ බව Colombo lost university එකේ උගන්වන ගොබ්බයන් විසින් ප්‍රකාශ කිරිමය. නලින් ගේ සිනමා විචාර ඉතාම හොද ගනයේ සිනමා විචාර බවද ප්‍රකාශකළේ මේ දෙඩුම් ශිල්පි ගොබ්බ රැලමය. මට තියෙන ප්‍රශ්නය - අඩුමගානේ සිනමා විචාර කියන්නෙ මොනවද කියල මේ අය දන්නවද ?
රෝස මල් සිපගැනීම ලෙහෙසියි. ගැහැනුන්ට අමාරුයි ඒ පුරැද්දෙන් මිදිමිට. අරුන්දති ඇබ්බැහි විමට ලෙහෙසි පුරුදු වලින් අත් මිදුණේ කෙසේද? එනම් පාදඩ පිරිමි ශුක්‍ර දාමයෙන් අරුන්දති ඈත්වුයේ කෙසේද? කාශ්මීර දේශපාලන ප්‍රශ්නයට අරුන්දති මැදිහත් වෙනවා. සිරිලංකාවේ 30 වසරක යුද්ධයක් යද්දි ගැනියෙක් තියා එක පරිමියෙක් නැහැ ඊට මැදිහත් වෙන්න.
පිරිමියා හදන සමාජය තුළයි ගැහැනිය ජීවත් වන්නෙ. එනම් ඉතාම සරල අර්ථයකින් සහ ඉතා ආසන්න වශයෙන් - ගැහැනිය කණ්ණාඩියක ප්‍රතිබිම්භයෙන් දකින්නෙ තමා අසල සිටින පිරිමියාවයි. අරන්දතිට රෝසමල් සිපගැනිමේ පුරුද්දෙන් ඇත්විමට ඉන්දියාවේ පිරිමියා ඉවහල් වු බව මේ post එක ලියන මාගේ අදසහයි. සිරිලංකාවේ තඩි ගංකබරයකු වු මා හට acoustic image වචනය දුටුවිට මතක්වුණේ Lacan ව. සිරිලංකාවේ බොහෝ ගංකබරයන්ට මා මෙන්ම acoustic image වචනය ඇසුවිට සිහියට එන්නෙ Lacan ව. නමුත් ඉන්දියානු තරුණයන් දෙදෙනකු තුළින් මා දුටුවේ නවතම දෙයක් acoustic වචනයට අදාළව. ඊජිප්තු Giza පිරිමිඩයේ acoustic image එකක් ගැනිමට ඔවුන්ට ඊජිප්තු රජයෙන් ආරාධනාවක් ලැබුණු බව ඔවුන් දේශනය අවසානයේදි සදහන් කළා. අරුන්දතිට රෝස මල් සිපගැනිමේ පුරැද්දෙන් මිදිල
The God of Small Things ලියන්න පුළුවන් වෙන්නේ මෙවැනි පිරිමින් ඉන්දියාව තුළ සිටින නිසයි.
සිරිලංකාව සමග සසදද්දි එක එකාගේ පිටවල් කසාගන්නා පිරිමින් ඉන්දියානු academic sphere එක තුළ අවම වන්නේ ඇයි? මෙන්න වසරේ ප්‍රශ්නය . සිරිලංකාව සමග සසදද්දි එක එකාගේ පිටවල් කසාගන්නා පිරිමින් ඉන්දියානු academic sphere එක තුළ අවම වන්නේ ඇයි ?
පිළිතුර - ඉහළ smart phone භාවිතයක් ඉන්දියාවේ තිබුණත් ඉන්දියාවේ academia එක තුළට පිවිසෙන පිරිමින් බහුතරයක් තවමත් පිවිසෙන්නෙ basic literature සහිතවයි. වියට්නාමයේ Master Card ගැටලුව පිළිබද කතාකළ Master Card CEO වු ඉන්දියානු ජාතික Ajey එම කතාව තුළදී කතාකරනව කෞටිල්‍යයගේ අර්ථශ්‍රාස්ත්‍රයේ අදහස් පිළිබදව. සිරිලංකාවේ මහබැංකුව ලෝක විහිළුවක් කළ කබ්රාල් උඩ පැනපැන සල්ලි අච්චු ගහද්දි නලින් ද සිල්වා කියනව මෙහෙම - MMT එකට අනුව 15% දි උද්ධමනය තිබෙද්දිත් කබ්රාල් තුමා සල්ලි අච්චුගසන එක හරි එතුමා ගෝඨාභයගේ ආණ්ඩුව මේ ආර්ථික අර්බුධයෙන් ගලවා ගන්නවා. සිරිලංකාවේ academia එකේ පිට කසාගන්නා තක්කඩි රැලක් ඒකට ඔව් ඔව් ගානවා. කිසිවෙකු එය ප්‍රශ්න නොකරයි.
සිරිලංකාවේ Lake House වැනි ආයතන වලට ජවය දුන්න අවසාන සිරිලාංකික පරම්පරාව මා ඇසුරකර තිබෙනවා. ජනසාහිත්‍යයට කෙළවාදැමිම තනිකරම UNP පක්ෂයේ porject එකක්. පකිස් බූරුවන්ව පාලනය කිරිම ලෙහෙසියි සාහිත්‍යමය පිරිමියකු පාලනය කිරිමට වඩා. IMF / WB එකතුවෙලා පිලිපිනයේ සුළුධනේශ්වර ජාතිවාදි දේශපාලන නායකයන් සමග එක්වි පිලිපිනයට සිදුකළ දේ මෙයට හොඳම උදාහරණයක්. මේ වන විට පිලිපින පිරිමියකු සැනසීමට අවශ්‍යය වන්නේ බැදපු කුකුළු අඩු දෙකකුත් French fries ගොට්ටකුත් ස්වයංවින්දනයේ යෙදිමට porn video එකකුත් පමණි. සිරිලංකාව පිලිපිනයක් වේ යැයි මම සිතුවෙමි. නමුත් සිරිලංකාව පිලිපිනය අභිබවා යමින් සිටි. Lawrence ගේ Lady Chatterley's Lover නවකතාව පිළිබඳ කෙටි අදහසක් මම මිට පෙර Facebook පිස්සන් කොටුවේ පළ කළෙමි. මෙම නවකතාව පිළිබඳ මාගේ අදහස විවිධ රටවල මිනිසුන් සමග මා කෑමමේස වලදි ප්‍රකාශකර ඇත. එය ඉතාම වැදගත් නිරික්ෂණයක් බව ඔවුහු සැමෝම පැවසුවෝය. Facebook පිස්සන් කොටුවේ සිරිලංකාවේ moderators ලා කියන රස්සාව කරන basic literature තියා මෙලෝ මගුලක සාහිත්‍යයක් දන්නේ නැති තඩි ගොබ්බයන් රැලක් මේ වනවිට 5 වතාවක් Lady Chatterley's Lover නවකතාව පිළිබඳ මා ලියු අදහස Facebook පිස්සන් කොටුවෙන් ගලවා අයින් කරන බවට මට පණිවුඩ එවා ඇත. අද උදෙත් එවලා notification එකක් ඒක ගලවල අයින්කරනව කියලා. උන්ම ගලවනව කියනව උන්ම ඒක ආපහු දානවා. මට කියන්න තියෙන්නෙ ගලවන්න බැරිනම් ඔිනෑ මඟුලක් කරගනින් ලා .
දැන් පේනවනේ සිරිලංකාවේ කලිසම් අඳින ගංකබරයන්ගේ තරම ඔබටත් . පිලිපිනයේ මෙවැනි තඩි ගොබ්බ ගංකබර Facebook moderators ලා නොමැති බව මම දනිමි.
ගැහැනිය හැදෙන්නෙ පිරිමියාට සාපේක්ෂවයි. පිරිමියා තඩි මෘග ගංකබරයෙකු වු කල එම සමාජය තුළ අරුන්දතිලා බිහිවන්නේ නැත. සිරිලංකාවේ උතුරේ යුද්ධය සමයේදි සිරිලංකාවේ සාහිත්‍යය industry එකේ සිටින පිරිස හැසුරුණු අවලම් ආකාරය මම දනිමි. එය ඔබද හොඳින් දනී. නමුත් අපට වැරදි සාදාගත හැකිය. TikTok හෝ Face book වැනි app දසදහසකින් බැරිය එක් පුවත්පතකින් ඉටුකරන දේ ඉටුකරන්න. Anura Kumara Dissanayake නොපමාව Lake House හි පළකරන ජාතික පුවත්පත් ඒවාට හිමි පෙර තිබු සාහිත්‍යයම තලයේ පිහිටුවන්න. ඒ මන්ද අවට සිදුවන දේ පිළිබඳ අවබෝධය ලැබිමේ සුමට සහ එකම රසාත්මක මග සාහිත්‍යය වන නිසයි.
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
අරුන්දතී රෝස මල් සිප ගැනීමෙි පුරුද්ද නවතා ගත්තේ කෙසේද?