ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .
මහගම සේකර නමැති කවියා උපන්නේ
' මායාව ' තුළය . හෙවත් මිථ්‍යාව තුළය .
ඔහුගේ මුල්ම කාව්‍ය කෘතිය වන
( කේ . ජයතිලකගේ උපමා කතා ද සහිතව පළ කළ ) ' ව්‍යංග්‍යා' හි එන ' මායා ' නමැති රචනය තුළින් අප දකින්නේ ගුඪවාදී මිථ්‍යාවක සිරවුණු කවියෙකි .
දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් ඉක්බිතිව බිහි වූ චංචල සමාජ ක්‍රමය තුළ උපන්
බුද්ධිමත්හූ විශේෂයෙන්ම තාගෝර් වැනි දැවැන්තයන් පවා අයත් වන පෙරදිග කවීහූ, ව්‍යසනයෙන් පලා යන මාර්ගයක් සෙව්වෝය .
ඔවුන්ගේ රචනා විසින් සත්‍ය වෙනුවට මායාව විෂය කොට ගන්නා ලද්දේ එකී හේතුවෙනි .
මෙම නියාමය මුල් පරපුරේ අපේ නවීන කවීන්ට ද පොදු විය .
එහෙත් මහගමසේකර සම්බන්ධයෙන් අපූර්වත්වය ක් සිදුවිය .
අවශේෂ කවීන් අර මායාව සහ ගුඪවාදී මිථ්‍යාව තුළම සිරවෙද්දී සේකර එකී සිරගෙය බිඳගෙන ඉදිරියට ගියේය.
හෙතෙම මායාව සමීපයෙහි නැවතී බලා සිටියේ නැත .
මහගම සේකරගේ කවියෙහි අපූර්වත්වය එයයි .
ඔහුගේ කවියෙහි මෙන්ම ජීවන දැක්මෙහි පරිණාමය හෙවත් දෘෂ්ටි පරිණාමයේ කතාන්තරය තුළිනුත් අප දකින්නේ මායාවේ සිට යථාර්ථය දක්වාත් මිථ්‍යාවේ සිට සත්‍යය දක්වාත් තිරසර පිය සටහන් තබමින් ගමන් කරන අකම්පිත චංචල නිර්භය කවියකුගේ දැවැන්ත ප්‍රතිරූපයකි .
' ව්‍යංග්‍යා' හි එන ' මායා ' කියවමු .
සදාකල් පෙම් කළ හැකි ගැහැනියක සෙවූ කවියා ඉදිරියට එන
' රතී ' ඉතා රූමත් ය .
' ස්වර්ණා ' ඉතා ධනවත් ය .
' ප්‍රඥා ' ඉතා නැණවත් ය .
' කීර්ති ' ඉතා කීර්තිමත් ය .
නමුත් කවියා ඔවුන් හැම දෙනම ප්‍රතික්ෂේප කරයි .
අවසානයේ ඔහු ඉදිරියට එන්නේ
' මායා ' ය .
ඇය මෙසේ පවසන්නී ය .
" මගේ නම මායායි
ඈත අහසේ දිලෙන
තාරකාවක් ලෙසට
ඈත මුහුදේ පෙනෙන
සිතිජයේ ඉම ලෙසට
කිසි කලෙක කිසිවෙකුට
ලබා ගත නොහැකි වන
මිරිඟු මුහුදින් එපිට
සිහින ලොව වසන මම
සිහිනයක් සේ ආමි
ඔබට ඇල්මක් නැති ද ..... ? "
එවිට කවියා මෙසේ කියයි .
මම ඔබට ආදරෙයි
මෙතෙක් කල් මා සෙවූ
එකම ගැහැනිය ඔබයි .
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
මහගම සේකර තීර්ථයාත්‍රිකයා