එකල ලේක්හවුසියේ සේවය කළ සමයේ මා වඩාත් සමීපව ඇසුරු කළ ඉංග්‍රීසි මාධ්‍යවේදීහු කිහිපදෙනෙක් සිටියහ.ඔවුන් අතරින් තවමත් මගේ හදවතේ ගැඹුරුම පතුලේ රැඳුණු ගෞරවණීය මාධ්‍යවේදියෙක් සිටියි.ඒ මීට වසර 18 කට පෙර අප අතරින් වියෝ වූ ප්‍රවීණ මාධ්‍යවිදීහු අජිත් සමරනායකයෝය. අඩසිය වසක පමණ වූ සිය ජීවිතයෙන් නොකල්හි සමුගෙන ගිය මෙකී විශිෂ්ට මාධ්‍ය චින්තකයා පිළිබඳ නූතන පරපුරට ඇත්තේ අල්ප දැනුමක් බව කීම අතිශයෝක්තියක් නොවෙි.සිය සුජීවිත කාලය තුළදී නොලද අවධානයක් අභාවයෙන් පසු තම මාධ්‍ය සහ සමාජ ජීවිතය වෙනුවෙන් දිනූ සමරනායකයෝ ස්වකීය අනන්‍යතාව වඩාත් තහවුරු කළෝය.ඉතාමත් සදාචාරි පුද්ගලයා වඩාත් සන්තෘෂ්ටිදායී පුද්ගලයා ද වෙි යැයි (The most moral man is the most happy man ) මහාදාර්ශනික සොක්‍රටීස් කීවෙිය. අජිත් සමරනායකයන් සුපුරුදු පරිදි හිස ඇල කොට පැහැදිලි ස්වරයෙන් යමක් පවසා වම් සුරතින් ඉදුණු රැවුල පිරි මදින විට පූර්වෝක්ත හෘද සාක්ෂියෙහි පාරදෘෂ්‍යභාවය මොනවට පැහැදිලි විය.අජිත් සමරනායකයන්ගේ සුනිශිත බුද්ධිය අදීන චින්තනය වටහා ගැනීමට නම් ඔහු ලියූ කියූ දෑ පරිස්සමෙන් විමර්ශනය කළ යුතුය.මෙරට බිහි වූ විශිෂ්ටතම ඉංග්‍රීසි පුවත්පත් කලාවේදින් පිළිබඳ සැලකිලිමත් වීමේදී ඔවුන් 1956 ට පෙර ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලද පරම්පරාවක් බව අප අමතක නොකළ යුතුය.ඊඑෆ්සී ලුඩෝවයික්ගේ ගුරුකුලයෙන් මතුවී ආ මේ පරම්පරාව ලංකා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රාලයීය අධ්‍යාපනයෙන් සන්නද්ධ පිරිසක් ද වූහ.රෙජී සිරිවර්ධන, මර්වින් ඩී සිල්වා, ඒ.ජේ ගුණවර්ධන ආදී ඉංග්‍රීසි මාධ්‍යවේදීහු මෙකී පරම්පරාව නියෝජනය කළහ. එහෙත් 1956 ඇති වූ භාෂා හා සංස්කෘතික විපරිණාමයේ එක් දුරුවිපාකයක් වූයේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෘතහස්ත පුවත්පත් කලාවේදීන් බිහි නොවීමය.මෙනයින් 1956න් පසු බිහි වූ එකම අග්‍රගණ්‍ය ඉංග්‍රීසි පුවත්පත් කලාවේදියා අජිත් සමරනායක යැයි කීම ද අතිශයෝක්තියක් නොවේ. ඉංග්‍රීසි භාෂීය අධ්‍යාපනයේ කීර්තිමත් මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සිසුවකු වූ ඔහුගේ ඉංග්‍රීසි ලියවිලිවල විෂය හා අන්තර්ගතය වූයේ සමකාලීන ලංකා සමාජය හා ඒ විෂය කරගත් සිංහල සාහිත්‍යයේ හැඩරුවයි.
බොහෝ පතපොත පරිශීලනය කොට දැනුමෙන් සන්නද්ධ වූ ඔවුහු සිනමා සාහිත්‍ය නාට්‍යා කලාව ද හදේ ගැඹුරුම පත්ලෙන් ඇසුරු කළ මාධ්‍යවේදීයෙක් වූහ. සමරනායකයන්ගේ පුවත්පත් ලේඛන සහ විද්‍යුත් මාධ්‍ය කතිකා සංවාද දේශන ආදී නිර්මාණ සමූහය පුළුල් විද්වත් රසික පර්ෂද හමුවට වඩ වඩා අවතීර්ණවූයේ ඔහුගේ හදිසි අභාවයට පෙරය. එහෙත් ඔහුගේ මාධ්‍ය භාවිතය සහ දැවැන්ත නිර්මාණකාය පිළිබඳ සැබෑ දැක්මක්, අවබෝධයක් මෙරට සමාජයට ඇතිවූයේ හදිසි වියෝවෙන් පසුවය.
අජිත් සමරනායකගේ සැබෑ සංස්කෘතික දේශපාලනය කුමක්ද?අද්‍යතන අවවර්ධිත සමාජය කලාත්මක ලෙස විනිවිද දැකීමේ වුවමනාව ඔහුට තිබිණි. එහෙත් ඔහුගේ අකර්මණ්‍ය වූ පන්හිඳ ජීව වායුව පිඹ පණ ලැබුවේ එය කිසියම් ප්‍රබුද්ධතා මෙහෙවරක නිරත වන අවස්ථාවලදී පමණි.මෙනයින් අජිත් සමරනායක මෙරට ප්‍රබුද්ධතාවාදී ව්‍යාපාරයේ නූතනවාදී බුද්ධිමතකු ලෙස ගිණිය හැකිය. සමාජවාදී පරමාදර්ශ ගුරු කොටගත් ඔවුහු වැඩවසම් ජාතිකවාදී සහ ආගම්වාදී අගතීන්ගෙන් පරාරෝපණය වී කටයුතු කිරීමට තරම් පරෙස්සම් වූහ. එහෙත් මාධ්‍ය කලා ක්ෂේත්‍රයේ පමණක් නොව මෙරට බොහෝ සාධාරණ සමාජ දේශපාලන අරගලවල පිටුපස ද සමරනායකයෝ සිටියෝය.මාධ්‍යවේදීන් පැහැර ගැනීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද උග්‍ර විරෝධයකු වූ ඔවුහු ඒ සෑම මොහොතකම පිළිගත් ජනමාධ්‍ය සංවිධානවල සිය වෘත්තිය සගයන් සමඟ ඊට එරෙහිව උද්ඝෝෂණය කළහ.එහෙත් සමරනායකයෝ කිසිදු මාධ්‍ය සංවිධානයක හෝ එන්.ජී .ඕ ව්‍යාපාරයක රූකඩයක් නොවූහ.බඩගෝස්තරවාදින්ගෙන් දුරස්ථ වූ ඔවුහු අඳුරු අවන්හලක මුල්ලකට වී කල්පනාවක නිමග්නව මධු විතක් තොල ගෑවෝය.Island පුවත්පතට ලියන කාලයේදී පටන්ම ඉංග්‍රීසි ආකෘතිය සහ සිංහල අන්තර්ගතය සහිත ඔහුගේ කදිම ලියැවිලි මෙරට ඉංග්‍රීසි ලේඛනකරණයේ සංධිස්ථානයකි.එහෙත් ග්‍රන්ථකරණයෙන් වියුක්ත වූ නිසාවෙන්ම ඔහුගේ ප්‍රබුද්ධතාවාදී ව්‍යාපාරයේ ලේඛන රැසක් පුවත්පත් අතරට පමණක් සීමා වී සිරවී තිබේ.සෞන්දර්ය අත්පත් කරගන්නට සමරනායකයන් සතුව තිබූ විස්මය ජනක නිපුණතාවත් නොවරදින සහජාසයත් හේතුවෙන් ඔවුහු ලංකාවේ කෘතහස්ත මාධ්‍යවේදියෙක් බවට පත් වූහ.
පක්ෂ දේශපාලනයෙන් පරාරෝපිතව නිහඬව සිටිය ද සමරනායකයන්ට ගැඹුරු දේශපාලන දැක්මක් තිබිණි. ඒ ලංකා සම සමාජ පක්ෂයේ බුද්ධිමය කවය කෙරෙන් ගොඩනගා ගත්තෙකි. ප්‍රංශ විප්ලවය සහ රුසියානු විප්ලවය පිළිබඳ ගැඹුරු දැනුමකින් හැදෑරීම් කළ ඔවුහු සමාජවාදී පරමාදර්ශ ඉහළින්ම වැළඳ ගත්හ.ස්ටාලින්ගේ ජනතාවාදී මඩ ගොහොරුවෙන් පලා ගිය ඔවුහු ලංකා සම සමාජ පක්ෂයේ ට්‍රොස්කිවාදී බුද්ධිමය උරුමයට ද නෑකම් කීහ.මෙනයින් ප්‍රංශ විප්ලවයේ අධ්‍යාපනික සහ මතවාදී පාර්ශ්වය නියෝජනය කරමින් ඔවුහු තමන්ට අනන්‍ය වූ දේශපාලන දැක්මකට නැඹුරු වූහ. සමරනායකයන්ගේ දේශපාලන විඥානය එබඳු උසස් ආස්ථානයක තිබුණු අතර කලා විඥානය ද ඊටත් වඩා උසස් තලයක පිහිටා තිබිණි.ලාංකේය සාහිත්‍ය ක්ෂේත්‍රය අරබයා විචාරක්ෂිය යොමු කළ සමරනායකයෝ ඇතැම් ඉංග්‍රීසි සහ සිංහල පුවත්පත්වලට නවකතාව සහ කෙටි කතාව පිළිබඳ වැදගත් සාහිත්‍ය කලා විචාර ඉදිරිපත් කළහ.එකල මා සංස්කරණය කළ දිනමිණ පුවත්පතේ "මංසල" සාහිත්‍ය අතිරේකයට ද සමරනායකයෝ වැදගත් ලිපි සැපයූහ.එහෙත් ඒ කිසිදු මොහොතක ඔවුහු මානවවාදී සහ යථාර්ථවාදී සාහිත්‍යයෙන් දුරස්ථ නොවූහ.
සිංහල සාහිත්‍යයේ මතුපිට කලාත්මක භාවය ස්පර්ශ කරමින් ඒ සමඟ අනන්‍ය වීමේ ලක්ෂණයක් සමරනායකයෝ තුළ නොවූහ.විශේෂයෙන්ම සමාජය හා සාහිත්‍යය අතර සම්බන්ධය ඔහුට වැදගත් වූ බැවින් කලාව කලාව ලෙස දැකීමේ ශක්‍යතාව ඔහු තුළ තිබිණි. මෙනයින් කලාව කලාව සඳහා ද ?කලාව අඹු දරුවන් සංවර්ධනය කිරීම සඳහා ද? කලාව ජනතාව සඳහා ද යන පටු වාද විවාදවලින් දුරස්ථ වූ ඔවුහු එබඳු අවර ගණයේ කතිකාවන්ට ද අනුකූලත්වයක් නොදැක්වූහ.නූතනවාදය, පශ්චාත් නූතනවාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වැනි මෝස්තරවාදී සාහිත්‍ය ප්‍රවණතාවන්ගෙන් ද වියුක්ත වූ ඔවුහු එම සාහිත්‍ය ව්‍යාජෝක්තියෙන් උඩ දැමීමටද නොගියහ.ක්‍රමයෙන් අපට අහිමි වී යන බුද්ධිමතුන්,උගතුන්,කලාකරුවන් මෙන්ම සමාජ සේවකයන් පිළිබඳව ද බොහෝ දෑ ඔවුහු දැන කියාගෙන සිටියෝය.ඔවුන්ගේ හදිසි අභාවයකදී සමරනායකයන් අතින් ශෝක ප්‍රකාශයක් නොලිය වුණි නම් ඒ කලාතුරකිනි. සමරනායකයන් ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහලෙන් ලියූ ශෝක ප්‍රකාශ රාශියක් තිබේ. එහෙත් ඒවා හුදෙක් පුද්ගල මතක සටහන් නොව ඉන් ඔබ්බට ගිය අගනා සමාජ දේශපාලන විවරණයන්ගෙන් අනූන ලිපි ලේඛනය.ඒ ලිපි වලින් තවත් වැදගත් දෙයක් පැහැදිලි විය.එනම් ඔහුගේ මානසික භූගෝලයේ පෘථූලතාවයි. ආචාර්ය කොල්වින් ආර්.ද සිල්වා මෙන්ම නිව්ටන් ගුණසිංහ මියගිය විටද ශෝක ප්‍රකාශ ලියූ ඔවුහු මිල්ටන් මල්ලවාරච්චි, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම මොනිකා රුවන් පතිරණ මලල්ගොඩ බන්ධුතිලක ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ කලාකරුවන් පිළිබඳව ද එසේ ලියූවෝය.අජිත් සමරනායකයන් මියගිය මොහොතේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ හා තිරරචක තිස්ස අබෙිසේකරයන් පුවත්පතකට කියා සිටයේ තමා මියගිය පසු ශෝක ප්‍රකාශයක් ලිවීමට සිටි එකම සුදුස්සා ද මෙලොව අතහැර ගොස් ඇති බවය.සමරනායකයන්ගේ ශෝක ප්‍රකාශ දෙස බැලුවිට ඒ සියල්ල මියගිය පුද්ගලයාගේ අධ්‍යාත්මයට කිඳා බැස ලියූ අගනා ලියැවිලි බවට තහවුරු වෙයි.මෙනයින් ඔහුට "මරණ වරුණ කුමාරයා "නමින් අන්වර්ථ නාමයක් පටබැඳුණ ද එහි වරදක් නැත. එහෙත් සමරනායකයෝ සිය ජීවිතයේ අවසාන කාලය උකටලී බවින් හුදෙකලාවෙි ගත කළහ.ඔහුගේ නැඟණියගේ අකල් වියෝව ද ඊට හේතුභූත වූවා විය හැකිය.ඔහු මිය ගියේ නැඟණියගේ මරණයට දින කිහිපයකට පසුවය.ඔවුහු ස්තරීයකරණයේ අතරමං වී සිටියහ.ස්තරීයකරණය යනු පුද්ගලයකුගේ බාහිර ස්තරය හා අභ්‍යන්තර ස්තරය යි.ස්තරීයකරණය නම් වූ සමාජ විද්‍යාත්මක ප්‍රපංචය අරබයා නිදසුන් කොට ගිණිය හැකි පුද්ගලයෝ දුබල වෙති.මීයන් දෙදෙනා බැගින් අල්ලන බළලුන් ගහන සමාජයක කෙනකුගේ ස්තර නොහොත් තට්ටු දෙක පිළිබඳ කතා කිරීම තරමක් අපහසුය.උඩු ස්තරයේදී සදාචාරය පිළිබඳ ප්‍රශ්න කරන ඇතැම්හු යටි ස්තරයේදී රහසේම දුරාචාරයේ යෙදෙති.එමෙන්ම උඩු ස්තරයේදී දුරාචාරයේ යෙදෙන සමහරු යටි ස්තරයට ගොස් රහසේ ම බණ භාවනා කරති.ඔිනෑම පුද්ගලයකුගේ උඩු ස්තරය නිල ජීවිතය දරා සිටින අතර යටිස්තරය අතිශය පෞද්ගලික ජීවිතයේ සූක්‍ෂම වියමන දරා සිටියි.අතිශය පෞද්ගලික වූ මේ යටිස්තරය හඳුනා නොගත් කවරෙකුට වුව අවසානයේ අත්වන ඉරණම අකල් මරණය යි.උඩු ස්තරේදී රාජකාරී ජීවිතයෙන් හෙම්බත්වී උකටලී වී පරමායුෂ කෙටි කරගත්තෝ ද දුබල නොවෙති.ඇතැමෙක් සිය රාජකාරි ජීවිතයෙන් සහමුලින්ම ප්‍රකම්පනයට පත් වී කලකිරෙති. අවසානයේ වස බොති.තවත් සමහරු ගෙල වැළලා ගනිති .මෙනයින් අජිත් සමරනායකයන් ද යටකී ස්තරීයකරණයේ යටි ස්තරයට ගොදුරු වූ ඉංග්‍රීසි මාධ්‍යවෙිදියකු බව කීම අතිශයෝක්තියක් නොවෙි.එහෙත් මෙි මහ පුවත්පත් කලාවෙිදියාගේ අකල් වියෝව නිසා අපේ යුගයේ මහා තාරකාවකගේ ඉතා ළෙන්ගතු මන්දාලෝකය නොලැබීමට තරම් අපි අවාසනාවන්ත වී අසරණ වී සිටිමු.
ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .
Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස
සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී
කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.
සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ
.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලාංකේය කලා විචාරයේ මාධ්‍ය චින්තකයා අජිත් සමරනායක
අමිත මැදිවත්ත Thursday, 18 April 2024 12:34 PM
අනිවාර්යයයෙන් ම මෑත කාලය තුළ ලාංකේය ජනමාධ්‍ය ලෝකයේ සිටි අග්‍රගණ්‍ය ද්විභාෂාවෙන්ම අගතැන් ගත් ඇවිදින තක්සලාවක් වන් වූ අජිත් මහතා අව්‍යාජ නිරහංකාර සොදුරු මිනිසා.