සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ
මල කා කළු ව ගිය ආයුධ කැබැලි පෙනේ
දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ
බුදු ගුරු සනි හිරුට හිමි හැම දවස්වල
මේ සංහිඳේ එළියක් ඇත සවස් කල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් කළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්වල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
ගන'ඳුර වසන විට ආලෝකයෙහි නෙත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ මත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇත
දෙවි දේවතාවුන් සැරි සරන මහ වනේ
පවතින බලය ඇඟ ලොම් තුඩකටද දැනේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසුණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වුණේ
සංහිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස්වල පානින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙලෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අයියනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ කටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
සෙවණැලි අවදි නොමවන වැව් ඉවුරු කොනේ කාලය විසින් හෑරුව නුග ගසක බෙනේ මල කා කළු ව ගිය ආයුධ කැබැලි පෙනේ දෙවියෙක් නැත ද මෙහි බලයක් තිබෙනු දැනේ
නොවැලපෙමි ඔබ යන්න – වැලප ඇති පල කිම්ද? ජීවිතේ වැරදුණේ මෙතැන පමණක් නොවේ සූරලා ගෙන යන්න මා හදේ පිපුණු මල් මල් නගන වසන්තය ඔබට ගෙන යා හැකිද?
චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන පොද නොකැඩි තෙත බරි ව හිරිකිතෙන් කිලිපොලන පාර තොට, ගහ කොළ ද වසාගෙන හැම අතින වහින වැහි වහින වැහි, නොපායන මුළු දවස
මා පමණි ඔබ කැටුව ආවේ මමද යමි දියණියනි මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවා කඳුළින්
සුන්දරම බිම් කඩක මේ නදී ඉවුරේ කුඹුක් වියනක් යට සදා දාහය නිවනා නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ
’’ මචං රූබෙ........ අන්න ජානකී සමනව බැඳල...! ’’
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
අයියනායක