IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ලියමන

සිලුවටය

 


මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ  ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන "හිරුත් හිම පියල්ලක" කෘතිය 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන රැසකට පාත්‍ර වූ අපූරු කවි වියමනකි. එහි ඇති "ලියමන" නම් කවි පන්තියට පාදක වන්නේ එක්තරා නර්තන  කණ්ඩායමක සිටින යුවතියකි.මෙහිදී  අප බාහිරින් නොදකින පීඩත පන්තියේ  අසරණ ජීවිතවල  කටුක යථාර්ථය  ඉතා සංවෙිදී ආකාරයෙන් මානවබන්ධුත්වයෙන් යුතුව ඉදිරිපත් කිරීමට කවියා සමත් වෙයි.

 

නෙලුම් කවි ලී කෙළි ඔලිඳ කවි
මෙහෙත් නැතුවා නොවෙයි අම්මේ
ඒත් ඒවා වෙනස් කර කර
අලුත් අයිටම්ස් හදනවා

උත්සවත් දැන් වැඩි නිසා
ෂෝස් දිගටම තියනවා
නින්ද නෑ රෑ පුරා නටනවා
උදේ ප්‍රැක්ටිස් කරනවා

ඇඟේ හැඩ නැතිවෙයි කියා
කන්න දෙන්නෑ රෑට බත්
කෙල්ලො දහයක් ඉන්නවා
හොරෙන් අපි තේ හදනවා

සින්දු විෂුවල්වලට ගියොතින්
දාහ ගානෙ ලැබෙනවා
ඒක අමතර ඒ වුණත්
විළුඹ තුනටිය රිදෙනවා

අලුත් නැටුමට දුහුල් ඇඳුමට
වශී වුණු පොහොසත් කෙනෙක්
තෑගි දෙන්නට අහනවා
මම එපාමයි කියනවා

උත්සවේ දවසේ මගේ මට
අම්ම කී දේ මතක් වෙනවා
ඇත්තමයි සමහර දෙනෙත්වල
හරි අමුතක් තියෙනවා

දවස් නවයක් ෂෝස් දිගටම
ඊයේ මට අර ලෙඩේ හැදුණා
ඒත් අම්මේ ගණන් නොගෙනම
ගෙදර ගැන හිත හිතා නැටුවා

අම්මගේ විටමින් ටිකයි
තාත්තගෙ දානෙට බඩුයි
ගන්න සල්ලිත් ඔන්න අම්මේ
මේත් එක්කම එවනවා

නිසරු අත්පුඩි විසිල් ඝෝෂා
අතර පසුපස තැනක කෙළවර
නොලා ඇසිපිය බලා මා දෙස
අම්ම ඉන්නවා පේනවා

- මහින්ද ප්‍රසාද් මස්ඉඹුල



අදහස් (0)

ලියමන

ඔබේ අදහස් එවන්න

සිලුවටය

හැඟුම් ගඟේ හැංගිලා
2024 සැප්තැම්බර් මස 17 140 0

කියූ ලියූ වදන්වලින් දෙයක් වේ ද ඔබට දැනුණු නොදුටුවේ ද ඒවා තුළ තිබුණු සියුම් කොඩි සලකුණු?


ලියමන
2024 සැප්තැම්බර් මස 10 242 0

මහින්ද ප්‍රසාද් මස්ඉඹුලගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය වන ’’හිරුත් හිම පියල්ලක’’ කෘතිය 2011 වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ලෙස සම්මාන රැසකට පාත්‍ර වූ අපූරු


උඳුවප් ඇවිල්ලා
2024 සැප්තැම්බර් මස 03 221 0

උඩ හේනේ කඩුල්ල ළඟ පුංචි අපේ ළිඳ අද්දර අඹ ගස්වල මල් පිපිලා කහ රෙද්දක් වනපු ලෙසට මල්ලන උඳුවප් ඇවිදින් අපේ ඇඟපත කුද්දන්ට සඳවතියේ කල් ඇවිදින් නැවුම් පොළ


ලීස්තර වැට
2024 අගෝස්තු මස 27 231 0

පඩිපෙළින් උඩඟු කළ මහගෙදර ආලින්දේ ලී කුලුනු යා කර ලීස්තර වැට මැදින් නෙත් හෙලමි අදත් මම කුඩා දරුවකු ලෙසින් පාළුවෙන් පුරන් වූ ඈත වෙල්එළිය වෙත


පොඩි මල්ලියේ
2024 අගෝස්තු මස 20 246 0

කුරුල්ලො අඹලා සත පනහේ කුලිය ගන්ට ගල් දුන්නත් අතට අරන් දවස පුරා වෙලේ රකින පොඩි මල්ලියෙ


රාහුලො ජාතො
2024 අගෝස්තු මස 13 222 0

’’බුදු බව පැතුවෝ, දරු දුක නැද්දො’’ මා නොසොයා පුත නිදියන් සියුමැලි සදා එළිය පිරි ලොවක් සදා දෙමි


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2162 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site