ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක
කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට
දිය කෙළින හැටි පුංචි මාළුවන් දුටුවාද
පුරපසේ සඳ එක්ක තරගයට මෝරන්ට
හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට
සෙනේහය පිරී ගිය ඔය නයන නිල් පොකුණ
දිය නිලන වැසිසමේ රැළි නඟා උතුරාය
තඹර පෙති අතර හෙල්මැලි රේණු වැසි වසින
ඔබෙ සිනාවෙන් නිවේ හුනුව ගිය ලේ නහර
දෙවැට දිග කරඳ වැල් ආරුක්කු යට සැඟව
නිල් කුරුලු බිලිඳු නිදි ඇහැරවන්නේ කුමට
රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය
මිහිරි මවුකිරි වගේ පොවන්නෙමි නුඹලාට
රමණීය වන ගැබෙහි මොනරුනට පිල් වියන
සන්නාලියන් කොහොම ඇන්දාද දේදුන්න
වැහි වතුර ඉහිනවානම් ඔවුන් විහිළුවට
කුරුල්ලෝ ඉගිල්ලී වරෙන් නුඹ මා ළඟට
වැහි වලාකුළු රංචු කඳු මුදුන්වල ලගින
දැන් ඒවි තැනි බිමට සීතලයි මගෙ හිතට
වැසි සමේ රෑ ඇඳේ සිහිනයක් වී ඉන්න
ඔබ එන්න ඉතින් මගෙ හෙට දවස මට දෙන්න
ගිම්හානයේ ගිලන් වී කෘශව සුදුමැලිව
ඇදි ඇදී ඉකිගැසූ ගඟ නැවත පිරිපුන්ය
දුෂ්කරයි කියා හැරයායුතුද ජීවිතය
කටුපොකුර සිපගනිමි හෙට මලක් වනු පිණිස
රත්න ශ්‍රී විජේසිංහ
දිනේ පටන් ඔබ හැඳින්න ඔබ දුන් මල් බෑ ගණින්න අඳුර නසා එළිය දුන්න ඔබට දෙන්න කවි වහින්න!
මනා රුවින් තෙලඹුව උඩ සිටින ලියේ සිනා බසින් දනමන තුටු කරන ලියේ දිලේ නුවන් නිල්මිණි පරදවන ලියේ ඉතා සැණින් බැස පල ස්වර්ණමාලියේ
වීදි සරනා මවක දුටුවෙමි දෑස කඳුළින් තෙමි අඳවුනු ඇගේ ළමැදෙහි ගුලිව නිහඬව නොමළ බිලිඳෙකි සෙමින් මියයන
දුම්මල ගල ඉමේ මහ මූකලානේ අඳෝනාව ඇඟ හීගඩු නඟන්නේ කන්දේ පරවේණී උලලේනියන්නේ රෑ සමයමේ ඇයි මා බය කරන්නේ
එක් යුගයක ජීවිතයේ සරතැස නිවු මා සුමිතුර දුර හිඳිනා ඔබ දකින්න ආයෙමි දිගු කලකට පසු බමන විදුලි පංකාවෙන් වා ගැබ කැලඹෙන හඬ මිස එසඳ ඔබේ මුවග නැඟුණු සාද තෙපු
ඔය දෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වස්සානය