මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්
මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී
ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදි වන ඇසි පියෙන්
බිඳී සුන් වන ලොවක,
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකි බිඳියි කම්පාව
දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුළට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර,
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව
සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැලි පෙරළන්න
මවගෙ ඇකයෙහි පහස
නො දත් දැරියකි සිඟිති
කිරිගරුඬ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්
දයාසේන ගුණසිංහ
'රන්තැටියක කඳුළු' නමින් 1974 දී තම ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළකොට ඇති දයාසේන ගුණසිංහ කවියා දශක දෙකක පමණ කාලයක් තුළ කාව්‍ය සංග්‍රහ තුනක් පළකොට අප අතරින් වියෝවුණු නිර්මාණශීලි කවියෙකි. ඔහුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය 'නොවඳිමි සිදුහත්' වූ අතර අවසාන කවි එකතුව 'දොරමඬලාව' නම් වීය. රූපකාර්ථවත් බස, කාව්‍ය අනුභූතියෙහි විශද කරනු ලබන අපූර්වත්වය මෙන්ම ජීවිත පරිඥනය, යථාර්ථවාදී ගුණය දයාසේන ගුණසිංහ කවියාගේ කවි මගෙහි කැපී පෙනෙන සාධනීය ලක්‌ෂණවේ.
චිචිරි චිරි චිචිරි චිරි උදේ සිට ඇද හැලෙන පොද නොකැඩි තෙත බරි ව හිරිකිතෙන් කිලිපොලන පාර තොට, ගහ කොළ ද වසාගෙන හැම අතින වහින වැහි වහින වැහි, නොපායන මුළු දවස
මා පමණි ඔබ කැටුව ආවේ මමද යමි දියණියනි මොහොතකින් සඳ ඒවි තනියට රන් තැටිය පුරවා කඳුළින්
සුන්දරම බිම් කඩක මේ නදී ඉවුරේ කුඹුක් වියනක් යට සදා දාහය නිවනා නවාතැන් ගන්නවා මොහොතකට ජීවිතේ
’’ මචං රූබෙ........ අන්න ජානකී සමනව බැඳල...! ’’
මන්ද ඔතන හැංගී උඹ කරන්නේ අන්ධකාර සළු පොරවා වැනෙන්නේ නින්ද නැතුව මම පැදුරේ දපන්නේ නින්ද සදාකාලික කොට දියන්නේ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන් තැටියක කඳුළු