IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


ඉතාලියේ බක්මහඋලෙළ 25 වැනිදා විතෙර්බෝ නගරයේදී

(තිලක නවරත්න -ඉතාලිය)

ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී   පඬුවස්නුවර සීලරතන හිමියන් ඇතුළු සංවිධාන කමිටුව කටයුතු සුදානම් කර තිබේ.

අප්‍රේල් මස 25දා අඟහරුවාදා විතෙර්බෝහි සන් මර්තීනෝ අල් චිමීනෝ පිීටියේ  උදේ 9.00 සිට ඇරැඹෙන මෙම සංස්කෘතික උලෙළට ශ්‍රී ලාංකිකයන්  මෙන් ම ඉතාලි ජාතිකයන් ද සම්බන්ධ වන අතර කතෝලික පියතුමන්ලා මෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේලා නායකත්වය හොබවන සාමග්‍රී හමුවක් ලෙසද පැවැත්වෙන බව 25 දෙනකුගෙන් සමන්විත සංවිධාන කමිටුව කියයි. 

අවුරුදු කුමරිය තේරීම, කොට්ටා පොර, ගම හරහා දිවීම, කණා මුට්ටිය බිදීම, ගෝනි රේස්, අලියට ඇහැ තැබීම, පොල් ගෑමේ තරගය, සංගීත පුටු තරගය, විකට ඇදුම් තරගය, බිත්තර ඇල්ලීම ආදි තරග ඉසව් 30කින් පමණ උලෙළ සමන්විත ය.

ජයලබන්නන් වෙත තෑගි පිණිස ස්වර්ණාභරණද ශ්‍රී ලංකාවට යාමට සහ ඒමට ගුවන් ප්‍රවේශපත් ඇතුළු අගනා තෑගි ව්තෙර්බෝ වාසි ශ්‍රී ලංකිකයන් විසින් සූදානම් කරනු ලැබ ඇත. 
 



අදහස් (1)

ඉතාලියේ බක්මහඋලෙළ 25 වැනිදා විතෙර්බෝ නගරයේදී

Pitigala Milano Wednesday, 12 April 2017 10:10 AM

මිලානෝ නගරයේ මෙන් සල්ලි හම්බ කරන්න කරන අවුරුදු උත්සව සහ සංගීත සංදර්ශන වර්ජනය කර මෙවැනි නිර්ව්‍යාජ සාමුහික ප්‍රයත්නයන්ට දිරි දීමක් ලෙස සියල්ලෝම මීට සහභාගි වන්න. පිටරට යහතින් දිවි ගෙවන ශිෂ්ටසම්පන්න අප සංගීත සංදර්ශන ආදිය පවත්වා මුදල් එකතු කල යුත්තේ දුකට පත්වූවන්ට ආධාර පිණිස මිසක් පුද්ගල ධනය තවත් තර කර ගැනීමට නොවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

Sinhala New Year

පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්
2017 අප්‍රේල් මස 19 452 0

පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පි


කතානියා අවුරුදු උළෙල අද
2017 අප්‍රේල් මස 17 347 0

ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.


සංචාරකයින්ගේ බක්මහ උළෙල රන්වැලි හෝටලයේදී
2017 අප්‍රේල් මස 12 5376 5

දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි.


අවුරුද්දට පෙර මහා සංඝරත්නයට පැන් පහසු කරවති
2017 අප්‍රේල් මස 12 1807 6

පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.


අලුත් අවුරුද්දේ ජාතීන් අතර සමගිය අවබෝධය ඇතිවේවා-විපක්ෂ නායක සම්පන්දන්
2017 අප්‍රේල් මස 12 831 6

ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙම


ඉතාලියේ බක්මහඋලෙළ 25 වැනිදා විතෙර්බෝ නගරයේදී
2017 අප්‍රේල් මස 11 453 1

ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී පඬුවස


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 431 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 922 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site