(සුනිල් ආනන්ද පැරිසියේ සිට )
පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පිහිටි ලාකුරනව් ඩෙලානු ක‍්‍රීඩාංගනයේ දි ඉතාමත් උත්කර්ෂවත් අයුරින් පැවැත් වුයේය. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් සිරිත් පරිදි එදින උදේ 10 ට ප‍්‍රංශ ශ්‍රී ලංකා ජාතික ධජයන් එසවීමෙන් ද සිංහල අලූත් අවුරුදු චරිත‍්‍රානුකුලව හිසතෙල් ගෑමෙන් දෙමාපියන්ට හා ගුරුවරුන්ට බුලත් හුරුලූ පිළිගැන්වීමෙන් හා අවුරුදු සංග‍්‍රහ වලින් පසු උත්සවයේ කටයුතු ආරම්භ වුයේය .
ප‍්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෝ විශාල ප‍්‍රමාණයක් සහභාගි වන මෙම බක්මහ උළෙල කුඩා දු දරුවන් සඳහා විශේෂ තරඟ වලින් සමන්විත වුයේය. කණා මුට්ටිය බිඳීම, කඹ ඇදීම, සංගීත පුටු තරගය කාගෙත් ඔල්වරසන් හඬ මැද්දේ සිදු කළේය. සිඟිති කුමරු කුමරියන් සඳහා දහම් පාසැලේ දු දරුවන් බොහොමයක් සහභාගි වුයේය.
පැරීසියේ තිසරාවී රංඟ කලායතනයේ දු දරුවන්ගේ අළංකාර නර්තන වලින් සංස්කෘතික ප‍්‍රසංගයේ බක්මහ වේදිකාව වර්ණවත් වුනි. පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරයේ විහාරාධිපති කෝ ආනන්ද හිමි, ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන හිමි, පැරිස් ජේතවනාරාමයේ විහාරාධිපති ප‍්‍රංශයේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඥාණිස්සර හිමි, පැරිස් කතෝලික දේවස්ථානයේ නිලන්ත පියතුමා, ඇතුලූ ගෞරවණීය අමුත්තෝ රැසක් සංස්කෘතික ප්‍රසංගයට සහභාගී වුහ.
පැරිස් ධම්ම චක්ක බෞද්ධ විහාරස්ථානයේ සංවිධානත්වයෙන් සෑම වසරකම පවත්වන සිංහල අලූත් අවුරුදු උළෙල මෙවරත් අප්‍රේල් 16 වැනි ඉරුදින විහාරස්ථානයට නුදුරින් පි
ඉතාලියේ කතානියාහි සිසිලි බෞද්ධ විහාරය සංවිධානය කරන සිංහල අලුත් අවුරුදු උළෙල අප්‍රේල් 17 (අද) උදේ 8.30 සිට සී.යු.එස් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
දෙස් විදෙස් සංචාරකයින් සඳහා සංවිධානය කරන ලද බක් මහ උළෙලක් අද වෙන්නප්පුව - වයික්කාල “රන්වැලි” හෝටලයේදී පවත්වන ලදි.
පරණ අවුරුද්ද සඳහා ගිහියන් විසින් ස්වාමීන් වහන්සේලා පැන් පහසු කිරිමේ මංගල්‍යයක් අද (12) උඩුනුවර පෙතියාගොඩ ගම්මානයේදි පැවැත්විණි.
ජාතීන් අතර, සමඟිය, හොඳහිත, අන්‍යයෝන්‍ය අවබෝධය ඇති වී, සාමය හා සතුට පිරි රටක් ලෙස ඉදිරියට යාමට හැකියාව ලැබේවායි විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතා සිංහල දෙම
ඉතාලියේ විතෙර්බෝ නගරයේ 2017 බක්මහඋලෙළ සිංහළ දෙමළ ආදී සියලු ම ශ්‍රී ලාංකික ජන වර්ගයන් ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට විතෙර්බෝ ගල්ලෙන් විහාරාධිකාරී පඬුවස
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පැරීසියේ සිංහල අවුරුදු උළෙල මහ ඉහළින්