ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් (කොළඹ තෙල් බැංකුව) සමාගමේ පසුගිය වසරේ ලාභය 2015 වසරට සාපේක්ෂව 113%කින් වර්ධනය වී ඇතැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ අද (20) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මේ බව කීවේය.
කොළඹ බ්ලූමැන්ඩල්හි පිහිටි ජය කන්ටේනර් ටර්මිනල්ස් ලිමිටඩ් සමාගමේ මූලික ව්‍යාපාර වන්නේ නෞකාවලට සපයන ඉන්ධන ගබඩා කිරීම සහ මුහුදේදී නෞකාවලට ඉන්ධන සැපයුම් කරන සමාගම්වලට ඉන්ධන සැපයීම වේ.
HFO 380, HFO 180 සහ MGO ඉන්ධන ගබඩා කළ හැකි විශාල ටැංකි 13ක් මෙම සමාගම සතුය. එහි සම්පූර්ණ ධාරිතාව මෙට්ට්‍රික් ටොන් 35 000ක් වේ. එම සමාගම 2015 වසරේදී ලැබූ ලාභය රුපියල් මිලියන 36ක් වේ. 2016 වර්ෂයේදී එම ලාභය මිලියන 77 කි. එහිදී 2015 වසරට සාපේක්ෂව 2016 වර්ෂයේදී තම විකුණුම් වියදම රුපියල් මිලියන 96 සිට 92 දක්වාද, පරිපාලන වියදම රුපියල් මිලියන 64 සිට මිලියන 55 දක්වා අඩු කිරීමටද සමාගම සමත්ව සිටී. ආයතනය සුරකීම මුල්තැනට ගෙන කළමනාකරණ සැකසුම් සැකසීම මෙම ජයග්‍රහණයන්ට හේතු වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.
“අපි මේ රටේ තියෙන ප්‍රධාන ආයතන ආරක්ෂා කළේ නැත්නම් අපිට ඉදිරි අනාගතයට භාරදෙන්න ඉතිරි වෙන්නේ හිස් රටක්. නමුත් අපි ලාභ ලබන ගමන් ඒ මුදල් රජයට යනවා. රජය ආරක්ෂා වෙන්නේ මෙවැනි ආයතන නිසා‘ යැයි ද ඇමැතිවරයා එහිදී කීවේය.
ජය කන්ටේනර් ටර්මිනල් වෙතින් මිලියන 77 ක ලාභයක්
Recommended Articles