තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක්


( තිලකරත්න දිසානායක)

රජය මගින් පොලිතීන් භාවිතය තහනම් කොට ඇති පසුබිමක නොදිරන පොලිතීන් වෙනුවට ආදේශකයක් ලෙස දේශීය අමුද්‍රව්‍ය භාවිතා කරමින් කෙටි කලකින් දිරාපත්වන දැනට පොලිතීන් වශයෙන් භාවිතයේ පවතින සෑම වර්ගයක්ම නිෂ්පාදනය කිරීමට වරලත් සිවිල් ඉංජිනේරුවරයකු වන අමිල් ප්‍රියන්ත මහතා සමත්ව ඇත.

රජය මගින් දැනට තහනමට ලක්කොට ඇති පොලිතීන් නිෂ්පාදනයන් මගින් මිනිසාට සත්වයාට සහ පරිසරයට සිදුවන හානිය අති විශාල බැවින් මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මාස කිහිපයක් තුල අමෙරිකාව , චීනය, කැනඩාව , සිංගප්පුරුව , ඉන්දියාව වැනි රටවල සංචාරය කරමින් ලබා ගත් අත් දැකීම මත ඒ වෙනුවට  දිරාපත් වන සහ දියවී යන නිෂ්පාදනයන් ඉදිරිපත් කිරීමට හැකිවු බව ප්රිචයන්ත මහතා මාධ්යදයට පැහැදිළි කරමින් පැවසීය.

මෙරට දිනකට පොලිතීන් ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් අධික ප්‍රමාණයක් භාවිතා කෙරෙන බැවින් මෙය තහනම් කිරීමේදී ඒ වෙනුවට කෙසෙල් කොළ සහ නෙළුම් කොළ වැනි දෑ භාවිතයට ගත හැකි බව යෝජනා වුවද ප්‍රායෝගිකව මෙහි පවතින අපහසුතාවය මත රටේ අවශ්‍යතාවය සපුරා ගැනීම පිණිස මෙරටින් අමුද්‍රව්‍ය භාවිතා කරමින් සියයට සීයක්ම දිරාපත්වන නිෂ්පාදනයන් කිරීමට " ග්‍රීන් ශ්‍රී ලංකා එකෝ සයන්ස් සහ පෞද්ගලික සමාගම " යටතේ දැනටමත් පියවර ගෙන ඇති බව හෙතෙම සදහන් කළේය.

දැනට පොලිතීන් මගින් නිෂ්පාදනය කොට වැඩි වශයෙන්  භාවිතා කරනු ලබන සිලි සිලි බෑග්, ලන්ච්ෂීට්, බීම බට වර්ග, යෝගට් කප්, රිජි ෆෝම් පෙට්ටි වැනි ඕනෑම වර්ගයක්  මෙලෙස නිෂ්පාදනය කිරීම පිණිස මෙරට අවශ්‍ය පරිදි වගා කළ හැකි මඤ්ඤොක්කා , බඩ ඉරිගූ වැනි පිටි , හාල් පිටි , අර්තාපල් වැනි දෑ මගින් සකසා ගනු ලබන පිටි වර්ග ඇතුලු තවත් දේශීයව ලබාගත හැකි අමු ද්‍රව්‍ය යොදා ගන්නා බවත් මේවා භාවිතා කරමින් කරනු ලබන නිෂ්පාදනයන් උණු කළ ජලයේ ක්ෂණයකින් දියවීම මෙන්ම මාස 3 මාස 6 ක් තුළ දිරාපත්වන තත්ත්වයට පත්වන බවත් මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් ප්‍රියන්ත මහතා පැවසීය.

හිතකර පිටි වර්ග යොදා ගනිමින් මෙම නිෂ්පාදනයන් කරන බැවින් මිනිසාට  සතුන්ට මෙන්ම පරිසරයට කිසිදු හානියක් නොවන බව පෙන්වා දුන් ඔහු එය තහවුරු කරනු ලැබුවේ උණු කරන ලද ජලයෙහි බෑගයක් මද වේලාවක් තැබීමෙන් දියවී ගිය පසුව එම ජලය පානය කර පෙන්වීමෙනි.