තොරතුරු තාක්ෂණයෙනුත් ආදායම සරුවෙයි


ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ආර්ථික දර්ශක ඉහළ ගොස් ඇති බව ජගත් ආර්ථික සංසදයේ අධ්‍යයනයකින් කියතියි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නියෝජිතායතනය කියයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කොට ගත් ජාලගත ආර්ථිකයකට ශ්‍රී ලංකාවේ ඇති මනා සූදානම මෙමගින් කදිමට හෙළිදරව් වන බවක් එම නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

එම අධ්‍යයනයට අනුව 2015 ශ්‍රී ලංකාවේ සබැඳුම් සූදානම් දර්ශකය (නෙට්වර්ක් රෙඩිනස් ඉන්ඩෙක්ස්) හැටපස් වැනි (65) ස්ථානයට පැමිණ ඇත. හැත්තෑහය වැනි (76) ස්ථානයේ තිබුණ මෙම දර්ශකය ස්ථාන එකොළහකින් මෙසේ ඉදිරියට පැමිණ ඇත.

තොරතුරු තාක්ෂණ ශිල්පීය ඥානය රජයේ ආයතනයන්හි තොරතුරු තාක්ෂණ භාවිතය සහ තොරතුරු තාක්ෂණ සමාජ භාවිතය සඳහා මෙවර ශ්‍රී ලංකාව ඉහළ ලකුණු ලබාගෙන සිටියි. ඊට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විවිධ ව්‍යාපෘති දර්ශකය ඉහළ යාමට හේතුවී ඇත.

ඒ අතරින් නීති පැනවීමේ ආයතනයන්හි කාර්යක්ෂමතාවය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මත හා ක්‍රියාත්මක වන නීති තිබීම, බුද්ධිමය අයිතීන් සුරැකීම යනාදී කාරණා රැසක්ද අයත්ය.

නොමිලේ ‘වයිෆයි‘ කලාප ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ සැලකිය යුතු වර්ධනයකට ශ්‍රී ලංකාව පාත්‍රවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අපේක්ෂාවයි.

මෙම සමීක්ෂණය සඳහා නියැදි සේ භාවිත කරනු ලබන රටවල් 143 අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවයි.

සමීක්ෂණයට අනුව දකුණු ආසියා ආර්ථිකයේ ඉහළම තැන ලබාගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්වන අතරම අටවැනි ස්ථානය දිනාගන්නා ආසියානු රට බවටද පත්වන බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

ජගත් ආර්ථික සංසදයේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස එස්පෙන් බාත් අයිද් කටයුතු කරයි. ජගත් වාර්තාවේ සම කර්තෘ සෞමිතා දත්තා ය.