( තිළිණි ද සිල්වා )
ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරිමෙන් අනතුරුව ශ්‍රීලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ (නරීටා) මෙල්බර්න් සහහොංකොං යන නගරවලට, සංචාරක උපදේශ යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගීන්ට හෙට (13) සිට සේවා සැපයීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබ්බට සංචාරය කිරීමට කැමති මගීන්ට දැන් ශ්‍රීලංකන් කාර්යාල හරහා හෝ ඔබේ ළඟම සංචාරකනියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මාධ්‍ය කළමනාකරු දීපාල් පෙරේරා මහතා අද (12) පැවසීය .
වර්තමානයේ බොහෝ රජයන් විදේශයන් හි අතරමංව සිටින සංචාරකයින්ට අදාළ සංචාරක ලියකියවිලි වල නිරවද්‍යතාවය සහනිරෝධායන කාල සීමාවන්ට යටත්ව නැවත සිය රටවලට යාමට අවසරදී ඇත.
ඒ අනුව අද සිට ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් මෙම විශේෂ සංචාරක ක්‍රමය යටතේ මගීන්ට ලන්ඩන් සහ ඉන් ඔබ්බටසංචාරය කිරීමට අවස්ථාව ලබා දී තිබෙන බවද දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් කීය .
මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අපනයනකර්මාන්ත සඳහා සහය දැක්වීම සඳහා ගුවන් සේවය ගමනාන්ත 17 ක් සඳහා විශේෂ ගුවන් භාණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇත. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් , චෙන්නායි ,හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බර්න්, බීජිං, ගුවැන්ෂු(කැන්ටන්) සහ ෂැංහයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි,ලාහෝර්,ඩකා, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වේ.
ඒ අතරින් ලන්ඩන්, ටෝකියෝ (නරීටා) , මෙල්බර්න් සහ හොංකොං වෙත ගුවන් භාණ්ඩ මෙන්ම මගී ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.
මෙම නව ගුවන් ගමන් භාවිතා කරමින් සංචාරය කිරීමට කැමති මගීන්එක් එක් රටවල නියාමන අධිකාරීන් විසින් පනවා ඇති සීමාවන් මතපදනම්ව අදාළ රටවලට ඇතුළුවීමට සුදුසුකම් ඇති බවට සහතික වියයුතු යැයිද ශ්‍රී ලංකන් ගුවන් සේවය සදහන් කරයි.
මෙම ක්‍රමය යටතේ සංචාරය කිරීමට අදහස් කරන මගීන් ප්‍රවේශ පත්‍රමිලදී ගැනීමට පෙර ඔවුන්ගේ අදාළ දේශසීමා පාලන අධිකාරීන් , ආගමන සහ විගමන බලධාරීන් හෝ ඔවුන්ගේ සංචාරක නියෝජිතයින්අමතා පරීක්ෂා කර බැලීම සිදුකරන මෙන්ද එම සමාගම ගුවන් මගීන් ගෙන් ඉල්ලා සිටී.
ප්‍රධාන ගමනාන්ත 4 කට ශ්‍රී ලන්කන් ගමන් ඇරඹෙයි
Recommended Articles