බෝග අපනයන ආදායම ඉහළ නැංවීමේ ඉලක්කයක්


(මොහොමඩ් ආසික්
 
අපනයන කෘෂිකර්ම බෝග අපනයනයෙන්   2017  වනවිට ලැබුණ  ආදායම 2020 වන විට සියයට සියයකින්  ඉහළ නැංවීමේ ඉලක්කයක් තම දෙපාර්තමේන්තුවට ඇති බවත් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා දෙපාර්තමේන්තුවේ සියලු දෙනා කැපවීමෙන් කැඩ කරන බවත් අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ . පී .  හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේය.
 
අද ( 02)  වැනිදා පේරාදෙණියේ පිහිටි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේදී  මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ කීය.
 
මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අපනයන කෘෂිකර්ම  අධ්‍යක්ෂ ජනරාල්වරයා ,
 
‘‘2017 වසරේදී සමස්තයක් වශයෙන් අපනයන කෘෂි  බෝග මෙට්‍රික් ටොන් 61,000 ක් අපනයනය කර ඇති බවත් එයින් මෙට්‍රික් ටොන් 16,000  ක්ම කුරුඳු බවත් කීය. ඒ වගේම අපනයනය ඉලක්ක කර 1972 දී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පිහිට වූ වසරේ දී රුපියල් මිලිනය 48 ක ආදායමක් ලැබූ නමුත් 2017 වසර වන විට එය  රුපියල් මිලියන 71,000 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඒ මහතා  කීය. 
 
එය ඇමරිකානු ඩොලර් මිලියන 460 ක් බවත් එම ප්‍රමාණය 2020 වන විට සියයට සියයකින්  එනම් ඇමරිකානු ඩොලර් මිලියන 1000 දක්වා ඉහළ නංවා ගැනීම ඉලක්ක කර ඇති බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා තව දුරටත් කීය.  
 
කරුදු අපනයනය මගින් මුළු අපනයන ආදායමෙන් අඩකට ආසන්න ආදායමක් ලබා ගෙන ඇති බවත් මුළු අපනයන ප්‍රමාණයෙන්  වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇති බවත් ඒ මහතා කීය. එනම් 2017 වසරේ  මුළු අපනයන ආදායම  වන රුපියල් මිලියන 71,000 න් රුපියල් මිලියන 30,000 ක්ම කුරුඳුවලින් ලබා ගෙන ඇති බවත් කරුඳු මෙට්‍රික් ටොන් 16,000 ක් 2017 වසරේ අපනයනය කර ඇති බවත් ඒ මහතා කීය.
 
ගම්මිරිස් ඇතුළු  මේ වන විට මිළ අඩුව ඇති බෝගවලට සාධාරණ මිළක් ලැබෙන වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින බවත් ඒ මහතා කීය.