මාස එකහාමාරකට පසු අද (11) විවෘත කළ කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් පෙරකඩා වැටිණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) උදෑසන 11.00ට දෛනික ගනුදෙනු සඳහා ආරම්භ කළ අතර ආරම්භ කර මිනිත්තුවක් යෑමටත් මත්තෙන් වසා දැමිණි.
ගනුදෙනු පද්ධතියේ අවසාන ගනුදෙනුව සිදුව ඇති වේලාව ලෙස සටහන් වී ඇත්තේ පෙරවරු 11.00.38 ය.
කොළඹ කොටස් වෙළෙඳපොළ 10.11% කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වසා දැමීමට සිදුවිය.
ඒ අනුව ඊයේ දිනයේදී, ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4.392.3ක් ලෙස වාර්තා වු අතර පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 179.20ක පහළ යෑමකි. ප්‍රතිශතයක් ලෙස 3.92% ක පහළ යෑමකි.
එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 196.93කින් පහළ ගිය අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 9.60ක පහළ යෑමකි. දිනයේ ගනුදෙනු අවසානයේදී එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 1760.53ක් ලෙස දැක්විණි.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩිස්ටිලරීස් ශ්‍රී ලංකා, එච්.එන්.බී. බැංකුව යන සමාගම් සියලු කොටස් මිල දර්ශකය එලෙස පහළ යෑමට වැඩි බලපෑමක් එල්ල කළේය.
ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා කාලයේදී සියලු කොටස් මිල දර්ශකය 28.34% කින් ද එස් ඇන්ඩ් පී. ශ්‍රී ලංකා 20 දර්ශකය 40.06% කින් ද පහත වැටී ඇත.
කොළඹ කොටස් වෙළෙඳපොළේ අවසන් වරට දෛනික ගනුදෙනු සිදුවූයේ මාර්තු 20 වැනිදා ය. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්ත වීම පාලනය කිරීමට රටපුරා ඇඳිරි නීතිය පැනවීමත් සමඟ අප්‍රේල් මස 1 වැනිදා සිට කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දමා තිබිණි.
මේ අතර ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයෙන් පසුගිය කාලයේදී ලොවපුරා කොටස් වෙළෙඳපොළ කඩා වැටිණි.
055