හර්ෂණ තුෂාර සිල්වා
මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 1.5කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා අද (22) පැවැසීය.
‘සූම්’ විඩියෝ තාක්ෂණය ඔස්සේ වත්මන් ආර්ථික තත්ත්වයත් පසුගිය වසරේ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම ඒ බව සඳහන් කළේය.
නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ්-19 ගෝලීය වසංගතය හේතුවෙන් මාස දෙකකට ආසන්න කාලයක් සැලකිය යුතු ආර්ථික ක්‍රියාකාරකමක් හෝ සිදු නොවුණු බව සඳහන් කළ හෙතෙම මේ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි කීවේය.
මේ වසරේදී මෙරට ආර්ථිකය සියයට 4කින් හෝ සියයට 4ට වඩා වැඩි අගයකින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කළ බව ද ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා කීය.
මේ වසර මැතිවරණ වසරක් යැයි මුලින් අපේක්ෂා කළ බවත් එබැවින් වසරේ මුල් අර්ධයේදී ද මැතිවරණයද ඉන්පසුව අයවැය ද ඉදිරිපත් වනු ඇතැයි ද ඒ තත්ත්වයත් සමඟ වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය සැලකිය යුතු වේගයකින් වර්ධනය වනු ඇතැයි ද අපේක්ෂා කළේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තරය සමඟ එතරම් ම සම්බන්ධ වී නැති බවත් හෙතෙම කීය.
පසුගිය වසරේදී මෙරට ආර්ථික වර්ධන වේගය පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වූයේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් ඉන්පසුව පැවැති දේශපාලන අස්ථාවරභාවය බවත් ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් පසුගිය වසර පදනම් වසරක් කරගනිමින් මේ වසරේදී මෙරට ආර්ථිකය ඍණ අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර ආයතන කරන පුරෝකථන සාධාරණ නැති බව ද ඔහු කීය.
කෙසේ නමුත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් මේ වසරේ දෙවැනි කාර්තුවේදී රටේ ආර්ථික වර්ධනය පහළ යනු ඇතැයි ද එහෙත් වසරේ දෙවැනි අර්ධයේදී ආර්ථිකය වර්ධනය වනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.
කොවිඩ්-19 හේතුවෙන් ගෝලීය ආර්ථික වර්ධන වේගය පහළ වැටෙනු ඇතැයි දැනටමත් තහවුරු වී ඇති බව කී හෙතෙම වසරේ දෙවැනි අර්ධයේදී දේශීය ආර්ථිකයේ ක්‍රියාකාරකම්වල වර්ධනයනක් සිදුවනු ඇතැයි ද කීවේය.
ඉදිරි කාලයේදී සෘජු විදෙස් ආයෝජන ආකර්ශනය කරගැනීම, අපනයන ඉලක්ක කරගත් නිෂ්පාදන, ආර්ථික වර්ධනය ඉලක්ක කරගත් ප්‍රතිසංස්කරණ කෙරෙහි ක්‍රියාත්මක කිරීම සඳහාත් රටපුරා සමාජ ආරක්ෂණ දැල් ක්‍රියාත්මක කිරීම සඳහාත් ප්‍රමුඛත්වය දිය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.
මේ වසරේදී මෙරට ආර්ථිකය ‘‘වී’’ හැඩයේ වර්ධනයක් අත්පත් කරගනු ඇතැයි ද හෙතෙම කීය.
මේ වසරේදී ආර්ථිකය සියයට 1.5 කින් වර්ධනය වේවි
Recommended Articles