ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පවතින ඉල්ලුම ඉහළ යාම හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙන බව ව්‍යාපාරිකයෝ පවසති. ඇමරිකානු ඩොලරය සඳහා අඟහරුවාදා පැවති රුපියල් 152.15/25 අගය බදාදා (19) වන විට 153.40/50ක දක්වා පහළ බැස තිබිණ.
“කුඩා බැංකු වලින් ආනයන ඉල්ලුමක් පවතින නමුත් වෙළෙඳපොළේ සැපයුම ප්‍රමාණවත් නැහැ“මුදල් තැරැව්කරවකු පැවසීය. ඉහළ ව්‍යාපාර බිල්පත් සතු ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා දැඩි ඉල්ලුමක් තිබෙන බව තවත් තැරැව්කරුවකු කීවේය.