2020 වසර වන විටදී පෞද්ගලික විශ්වවිද්‍යාල 10 කට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීම සදහා රටේ අධ්‍යාපන පද්ධතියෙන් ඉඩ ලබා දීමට රජය සැළසුම් කර තිබේ.
මෙමගින් දේශීය සිසුන්ට අමතරව විදේශීය සිසුන් 50000 කට පමණ උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂිතය.
සැළසුම් කර ඇති පරිදි නව පෞද්ගලික විශ්වවිද්‍යාල රට පුරා පිහිටවෙනු ඇත.
පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලැන්කැස්ටර් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයට ශී්‍රලංකාවේ ශාඛාවක් පිහිටුවීම සදහා පාර්ලිමෙන්තු අනුමැතිය හිමිවිණි. එසේ විදෙස් විශ්වවිද්‍යාලයක ශාඛාවක් මෙරට පිහිටුවීමට අවසරය ලැබුණේ ප්‍රථම වතාවටය.
ඉදිකෙරුණු පසු එයින් සිසුන් 4000 සිට 6000 දක්වා ප්‍රමාණයකට අධ්‍යාපනය ලබාදීමට හැකිවනු ඇතැයිද දේශීය සිසුන් විදෙස් රටවලට අධ්‍යාපනය සදහා සංක්‍රමණය වීමේදී වැය වන විදෙස් විනිමය ඉතිරිකරගැනීමට මෙන්ම අධ්‍යාපනය සදහා මෙරටට විදෙස් සිසුන් කැදවාගත හැකිවීම නිසාවෙන් රටට විදෙස් විනිමය උපයා ගැනීමටත් හැකිවනු ඇතැයි රජය කියයි.
දැනටමත් ඉන්දියාවේ මනිපාල් විශ්ව විද්‍යාලය,සිංගප්පූරුවේ රැෆල්ස් විශ්වවිද්‍යාලය ඇතුලූ විදෙස් විශ්ව විද්‍යාලයන් රැසක් ශ්‍රී ලංකාවේ ශාඛා පිහිටුවීම සදහා අවසර ඉල්ලා තිඛෙන්නේයැයි සදහන්ය.
නමුත් විද්වතුන්ගේ අදහස වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම සිදුවුවහොත් දුප්පත් නමුත් වැඩට දක්ෂ සිසුන් රජයේ විශ්වවිද්‍යාල වලට පමණක් සීමාවී අන්තර්ජාතිකව පිළිගත් උපාධි පාඨමාලා තෝරාගැනීමේදී මෙන්ම පසුව රටේ රැකියා ලබාගැනීමේදීද ඔවුන්ට ගැටළුකාරී වාතාවරණයක් උද්ගත වනු ඇති බවයි.