ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට ගෝලීය ප්‍රමුඛයකු ලෙස එහි ස්ථානය නැවත ලබාගත හැක්කේ වෙනස වැළඳ ගැනීමෙන්, සේවක සුබසාධනයට ප්‍රමුඛත්වය දීමෙන්, නවෝත්පාදන අනුගමනය කිරීමෙන් සහ ප්‍රතිපත්තිමය අනුකූලතාව සහතික කිරීමෙන් පමණකි. ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග සුවිශේෂී නමුත් බෙදාගත් දැක්මක් සහ සාමූහික ක්‍රියාමාර්ගයක් සමග, සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් ළඟා කර ගත හැකිය
වසර 170ක් පුරා, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය කාලයාගේ පරීක්ෂණයට මුහුණ දී තිබේ. අඛණ්ඩ කැලඹීම් මධ්‍යයේ වුවද, එය අනුවර්තනයවීමට සහ විඳදරා ගැනීමට සමත් වී ඇත. මෙම කාලය තුළ, වසර 124 ක කාලයක් බ්‍රිතාන්‍ය යටත් විජිත හිමිකාරිත්වයේ සිට වර්ධනය වන ජාතිකවාදී හැඟීම් ඉඩම් හිමිකාරිත්ව ප්‍රතිපත්තිවල වෙනස්කම්වලට තුඩු දුන් නිදහසින් පසු යුගය (1948-1975, අවුරුදු 27) දක්වාත්, පසුව රාජ්‍ය වැවිලි සංස්ථාව සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ ජනසතු කිරීම (1975-1992, අවුරුදු 17) හරහා කර්මාන්තයේ හිමිකාරීත්ව ව්‍යුහය සැලකිය යුතු වෙනස්කම්වලට භාජන විය.
අවසාන වශයෙන්, රාජ්‍ය කළමනාකරණය යටතේ සිදුවූ පද්ධතිමය අසාර්ථකත්වයෙන් පසුව, මෙම කර්මාන්තය 1992 දී පෞද්ගලීකරණ කළමනාකරණයේ වත්මන් යුගයට සංක්‍රමණය විය. මෙම සැලකිය යුතු වෙනස්කම් තිබියදීත්, ශ්‍රී ලංකාව තේ, රබර් සහ අනෙකුත් වැවිලි අපනයනවල ගුණාත්මකභාවය සඳහා අසමසම කීර්තියක් පවත්වා ගැනීමට සමත් වී තිබේ. කල් පවතින උරුමයක් තිබියදීත්, කර්මාන්තය දැන් තීරණාත්මක සන්ධිස්ථානයක පැමිණ ඇත.
අතීතයේ දී, අපගේ වැවිලි කර්මාන්තය ගෝලීය වශයෙන් විශාල ලෙස අභියෝගයට ලක් නොවූ අතර, ශ්‍රී ලංකා ආර්ථිකයට විශාලතම දායකත්වය ලබාදුන්නේය. කෙසේ වෙතත්, අද වනවිට ගෝලීය වේදිකාවේ සහ දේශීය කර්මාන්ත වශයෙන් අපගේ කර්මාන්තයට අභියෝග කර ඇති තවත් බොහෝ තරගකරුවෝ සිටිති.
වැවිලි අංශයේ පවතින අභියෝග
එහි ප්‍රතිඵලයක් ලෙස, වැවිලි අංශය පවත්වාගෙන යාම වඩ වඩාත් සංකීර්ණ කාර්යයක් බවට පත්ව ඇති අතර, අතීත කළමනාකරණ ව්‍යුහයන්ගෙන් කාවැදී ඇති ගැටලු කිහිපයක් නිවැරදි කිරීම අවශ්‍ය වේ. එසේම පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ පරිපාලනය අතර ගැටුම් තවත් සංකූලතා ඇති කර තිබේ.
කර්මාන්තය දැන් දේශීය හා ගෝලීය වශයෙන් බහු අංශවලින් තරගයට මුහුණ දෙමින් සිටියි. දිවයින තුළ ශ්‍රමය සඳහා වන තරගයේ සිට ආසියාව සහ අප්‍රිකාව පුරා මහා පරිමාණ තේ නිෂ්පාදනයේ නැග්ම දක්වා කාරණා හේතුවෙන්, වරක් ඉහළින්ම තිබූ ශ්‍රී ලංකාවේ වැවිලි අපනයනය දැන් නිරන්තර පීඩනයට ලක්ව ඇත.
වැවිලි අංශය බොහෝ විට වෙනත් කර්මාන්ත සමග සංසන්දනය කළද, එහි තීරණාත්මක වෙනසක් ඇත. බොහෝ අංශ එහි අමුද්‍රව්‍යවලින් වැඩි කොටසක් ආනයනය කරන අතර, වැවිලි සමාගම් අවශ්‍ය යෙදවුම් පමණක් ආනයනය කරමින් දේශීයව තම අමුද්‍රව්‍ය නිෂ්පාදනය කරයි. මෙය වැවිලි කර්මාන්තය අද්විතීය කරන අතර ජාතික ආර්ථිකයට එහි ඇති දායකත්වය ඉස්මතු කරයි.
මේ අතර, දිගුකාලීන වැටුප් ආරවුල්, වතුවලින් සහ ජාතියෙන්ම අඛණ්ඩව ශ්‍රම සංක්‍රමණය වීමේ පසුබිම මෙන්ම අඩු ඵලදායිතාව සමග සම්බන්ධ වූ වැරදි සංකල්පිත ප්‍රතිපත්ති තීරණ මාලාවක් හරහා කර්මාන්තය හදිසි සහ උපායමාර්ගික ක්‍රියාමාර්ග ඉල්ලා සිටීමේ අභියෝග මතුව ඇත.
වැවිලි වගාවට සෘජු බලපෑමක් ඇති කරන බවට පුළුල් ලෙස පිළිගැනෙන දේශගුණික විපර්යාස, ගෝලීය වශයෙන් සිදුවෙමින් පවතින අතර එය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයටද බලපා ඇත. වැවිලි භෝග නිශ්චිත භූගෝලීය සහ දේශගුණික තත්වයනට සමීපව බැඳී ඇති බැවින්, දේශගුණික බාධා මගින් ගෙන එන වෙනස්කම් කර්මාන්තයේ තිරසාරභාවයට දැඩි අභියෝග එල්ල කර තිබේ.
බොහෝදුරට දුර්වල ලෙස වටහාගෙන ඇති සහ ආර්ථික වශයෙන් ශක්‍ය නොවන තීරණ හේතුවෙන් ඇති වූ අසාර්ථකත්ව කිහිපයක් අතර, නිශ්චිත කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කිරීම සහ නිසි ආර්ථික ඇගයීමකින් තොරව සියයට සියයක් කාබනික ගොවිතැන වෙත හදිසි මාරුවීමක් ඇති විය. නිසි රසායනික ද්‍රව්‍ය සහ ප්‍රමාණවත් පොහොර නොමැතිව කෘෂිකර්මාන්තය පවත්වා ගැනීම කළ නොහැකි බැවින්, මෙම තීරණ වැවිලි අංශයේ වාණිජමය ශක්‍යතාවට දැඩි ලෙස බලපා ඇත.
තවත් ප්‍රධාන පසුබෑමක් වූයේ, පාම් ඔයිල් වගාව තහනම් කිරීමයි. අඩුවෙන් වගා කරන ලද ප්‍රදේශවල වර්ෂාපතන රටා වැඩිවෙමින් පැවතුනද, එම ප්‍රදේශ රබර්වලට වඩා පාම් ඔයිල් සඳහා වඩාත් සුදුසු වේ. පෞද්ගලික අංශය දැනටමත් මෙම මාරුව හඳුනාගෙන තිබූ අතර 2000 දශකයේ මුල් භාගයේදී, ඊළඟ වාණිජමය වශයෙන් ශක්‍ය බෝගය ලෙස පාම් ඔයිල් වගා කිරීම ආරම්භ කළේය. මූලික ඉලක්කය හෙක්ටයාර 20,000 ක් වූ නමුත් හෙක්ටයාර 11,000 ක් වගා කිරීමෙන් පසු රජය ව්‍යාප්තිය නතර කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස, දැන් අධික වර්ෂාපතනය නිසා රබර් වගාව කළ නොහැකි තත්වයකට කර්මාන්තය මුහුණ දී සිටී. එහෙත් පනවන ලද තහනම හේතුවෙන් පාම් ඔයිල් ව්‍යාප්තිය ද ඉදිරියට ගෙන යා නොහැක.
ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ප්‍රගතිය සහ සංවර්ධනය සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් ආයෝජනය කර ඇත.
වැවිලි අංශයේ පැවැත්ම සඳහා පමණක් නොව, ඉදිරි අභියෝගාත්මක වසරවලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අර්ථවත් ලෙස දායකවීමට එහි වර්ධනය සහ හැකියාව සහතික කිරීම සඳහා ද මෙම ගැටලු ක්‍රමානුකූලව විසඳීම අත්‍යවශ්‍ය වේ. ගෝලීය අභියෝගවලට මුහුණ දීම සහ වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා, කලාපීය වැවිලි සමාගම් ක්‍රියාකාරී මුලපිරීම් කිහිපයක් ආරම්භ කර ඇත.
ජාත්‍යන්තර වෙළෙඳපොළවල ශ්‍රී ලංකාවේ වැවිලි නිෂ්පාදනවල තරගකාරීත්වය වැඩි දියුණු කිරීමට තුඩු දෙන ජාත්‍යන්තර සහතික ලබාගැනීම මෙයට ඇතුළත් වේ. පරිසර ආරක්ෂණ ප්‍රයත්න ද ප්‍රමුඛතාවක් වී ඇති අතර, ජෛව විවිධත්ව සංරක්ෂණය, කාබන් විමෝචනය අඩු කිරීම සහ ස්වාභාවික පරිසර පද්ධති සංරක්ෂණය කිරීම සඳහා පියවර ක්‍රියාත්මක කිරීම වැනි තිරසාර භාවිත සඳහා ද ප්‍රාදේශීය වැවිලි සමාගම් ආයෝජනය කරයි. පෞද්ගලීකරණයෙන් පසු සියලුම ප්‍රධාන භෝග නැවත වගා කිරීමේ ප්‍රයත්නය පුළුල් වී ඇති අතර, එහි අරමුණ වන්නේ තේ, රබර් සහ අනෙකුත් මුදල් භෝගවල තිරසාරභාවය සහ දිගුකාලීන ඵලදායිතාව සහතික කිරීමයි.
මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නංවා ගැනීම සඳහා කම්හල් සහ යන්ත්‍රෝපකරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන්ද සැලකිය යුතු ආයෝජන ද සිදු කර ඇත. ඊට අමතරව, සූර්ය බලශක්තිය වැනි හරිත බලශක්ති විසඳුම් ද ප්‍රාදේශීය වැවිලි සමාගම් විසින් පිළිගෙන ඇත. ඉන් ගෝලීය පාරිසරික ඉලක්ක සමග සමපාතවීමට ශුන්‍ය කාබන් මුලපිරීම් අනුගමනය කර ඇත. එමඟින් වැවිලි අංශයේ තිරසාර අනාගතයට දායක වේ.
වැවිලි කර්මාන්තය මුහුණ දෙන වඩාත්ම දැවෙන ගැටලුවලින් එකක් වන්නේ වැටුප් සම්බන්ධයෙන් වන සාකච්ඡාය. එය මෑත කාලීන වර්ධනයන් තෙක් වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබුණි. පෞද්ගලීකරණය කරන අවස්ථාවේ දී, සෑම වසර දෙකකට වරක් වැටුප් සංශෝධන සඳහා සාමූහික ගිවිසුමක් ස්ථාපිත කරන ලදී. 2021 දී වෘත්තීය සමිති විසින් හදිසියේ ඒකපාර්ශ්විකව අවසන් කරන තෙක් එය පැවතුනි.
ඉන්පසුව, මැයි 1 වැනි දින සියයට 70 ක වැටුප් වැඩිවීමක් බලකිරීම සඳහා ප්‍රායෝගික නොවන යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. එවැනි වැඩිවීමක් සම්පූර්ණයෙන්ම දැරිය නොහැකි වූ අතර, ඒ හරහා නිසැකවම සමස්ත වැවිලි කර්මාන්තයම බංකොලොත් වනු ඇත. දැනටමත් ශ්‍රී ලංකාව තරග කිරීමට අරගල කරමින් සිටින අතර, ගෝලීය තේ අංශයේ ඉහළම වැටුප් මෙන්ම, වැටුප් මණ්ඩලයේ අනිවාර්ය අවම වැටුප් ව්‍යුහය යටතේ ද ලබා දෙයි. අවසානයේදී, සියලු පාර්ශ්ව ගැටලුවේ බරපතළකම හඳුනාගත් අතර, ඉදිරි වසර තුන සඳහා අමතර ඵලදායිතා දිරිගැන්වීමක් සමගින් රුපියල් 1,350 ක සියයට 30 ක වැඩිවීමක් ලෙසින් විසඳුමක් ලබාගැනීමට එය හේතුවක් විය.
මෙම සංශෝධිත අගය පවා කර්මාන්තයට ප්‍රධාන අභියෝග එල්ල කළද, පළමු වසර දෙක තුළ මෙම පිරිවැය අවශෝෂණය කර ගැනීමේ දී අපේක්ෂා කළ හැකි දුෂ්කරතා මධ්‍යයේ වුවද, ඉදිරියට යාමට අපි එකඟ වී ඇත්තෙමු. ඵලදායිතාව ද ඉහළ යන අතර, රජයේ ප්‍රතිපත්ති හෝ දේශගුණික විපර්යාස වැනි බාහිර සාධකවලින් තවදුරටත් බාධා ඇති නොවන්නේ නම්, කර්මාන්තයට පාඩු නොලැබීමට සහ සුළු ලාබ උපයා ගැනීම අපේක්ෂා කළ හැක්කේ තුන්වැනි වසරේදී පමණය.
තේ ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ මුල් ගල ලෙස පවතී. එය සැලකිය යුතු අභියෝග මධ්‍යයේ වුවද ස්ථාවර කාර්ය සාධනයක් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෑත කාලීන දත්ත දෙස බැලීමේදී 2024 වසරේ අගෝස්තු මාසයේදී අපනයනවල සියයට 5.3 ක හැකිළීමක් පෙන්නුම් කරයි. ඉන් පෙනී යන්නේ නිෂ්පාදනය පවත්වා ගැනීමේ දුෂ්කරතායි. මුලදී, 2024 වර්ෂය සඳහා ඉලක්කය වූයේ තේ කිලෝග්‍රෑම් මිලියන 300 ක් නිෂ්පාදනය කිරීමයි, එහෙත් දැන් එය කළ නොහැකි බව පෙනෙන්නට තිබේ. නිෂ්පාදන ධාරිතාව කිලෝග්‍රෑම් මිලියන 250 සීමාවටවත් ළඟා නොවිය හැකි බවට ප්‍රක්ෂේපණ ඇත. පහත වැටෙන ශ්‍රම බළකාය සහ අඩු ඵලදායිතා මට්ටම් මෙම හිඟයට දායක වී ඇත. මෙම අභියෝග තිබියදීත්, නිෂ්පාදනය ස්ථාවර කිරීමට සහ නැතිවූ ගම්‍යතාව නැවත ලබාගැනීම සඳහා කර්මාන්තය පියවර ක්‍රියාත්මක කර ඇත.
අහිතකර දේශගුණික තත්වය සහ වලයාකාර පත්‍ර පුල්ලි රෝගය (Circular Spot Leaf Disease) වැනි රෝග රබර් නිෂ්පාදනයේ සැලකිය යුතු පහත වැටීමකට හේතු වී ඇත. සමහර සාම්ප්‍රදායික වගා කරන ප්‍රදේශ ආර්ථික වශයෙන් තිරසාර නොවන ප්‍රදේශ බවට පත් කර ඇත. මෙම අංශයේ තිරසාරභාවය සහතික කිරීම සඳහා, උපාය මාර්ගික නැවත වගා කිරීම සහ වඩාත් සුදුසු වගා ප්‍රදේශ හඳුනාගැනීම අත්‍යවශ්‍ය වේ.
මේ අතර, වර්තමාන දේශගුණික තත්වයට සහ අඩු ශ්‍රම අවශ්‍යතාවලට අනුවර්තනය වීමේ හැකියාව නිසා අගය කිරීමට ලක්ව ඇති කටු පොල් හෙවත් පාම් ඔයිල් වගාව මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ කෘෂිකාර්මික සමෘද්ධියට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවට ද ඒ හා සමානව ප්‍රතිලාභ ලැබිය හැකිය. විශේෂයෙන් රබර් සඳහා නුසුදුසු නමුත් පාම් ඔයිල් සඳහා වඩාත් සුදුසු වර්ෂාපතනය වැඩි වන පහත් වගා ප්‍රදේශවලදී ඉන් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකිය. මුලදී, පාම් ඔයිල් වගාව සඳහා හෙක්ටයාර 20,000 ක් වෙන් කරන ලද නමුත්, විරෝධතා හේතුවෙන් හෙක්ටයාර 11,000 ක් වගා කිරීමෙන් පසු ව්‍යාප්තිය නතර විය. තිරසාර වගා පිළිවෙත් ක්‍රියාත්මක වනවිට, පාම් ඔයිල් ව්‍යාප්තිය නැවත ආරම්භ කිරීම ශ්‍රී ලංකාවේ වැවිලි අංශයේ ලාභදායීතාව ඉහළ නැංවීමට සඳහා ඉතා වැදගත් වේ.
අපනයන පුළුල් කිරීමේදී කුළුබඩු සහ පලතුරු වැනි ඉහළ වටිනාකමක් ඇති ද්විතියික භෝගවලට විවිධාංගීකරණය වීම ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. ඉන් තේ සහ රබර් වැනි ප්‍රාථමික භෝග මත අධික ලෙස රඳා පැවතීම හා සම්බන්ධ අවදානම් අවම කිරීමට උපකාරී වේ.
වන වගාව සහ ජල විදුලිය ඇතුළු විවිධාංගීකරණය අරමුණු කරගත් අනෙකුත් මුලපිරීම් ද විශාල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත. වාණිජ දැව වගාව සඳහා ප්‍රාදේශීය වැවිලි සමාගම් සැලකිය යුතු ආයෝජන සහ ප්‍රගතියක් ලබා ඇත. කෙසේ වෙතත්, අඩි 5,000 ට වැඩි උන්නතාංශයක වාණිජ දැව අස්වැන්න නෙළීම සඳහා තවත් තහනමක් පැනවීමෙන් පසුව, ප්‍රාදේශීය වැවිලි සමාගම් තමන්ගේම තිරසාර ඉන්ධන දැව ප්‍රභවයන්ගෙන් කපා හැර ඇත. තිරසාර වාණිජ වන වගාව පිළිබඳ ඵලදායී ප්‍රතිපත්තියක් නොමැතිව, නිසි නියාමනයක් නොමැති වීම, ක්‍රමයෙන් වනාන්තර ආවරණය අඩුවීමට හේතු විය හැක. එබැවින් දිගුකාලීන පාරිසරික ස්ථාවරත්වය සහ තිරසාර වන කළමනාකරණය සහතික කිරීම සඳහා මෙම බිම් කොටස් ස්වාභාවික වනාන්තර බවට පරිවර්තනය කරන අතරම එවැනි දැව වගකීමෙන් යුතුව අස්වැන්න නෙළා ගැනීම ඉතා වැදගත් වේ.
මෙම කර්මාන්තය උද්‍යාන විද්‍යාවට ද පිවිස ඇත. මෑතකදී කර්මාන්තශාලා නවීකරණයට සමගාමීව සූර්ය බලශක්තිය සඳහා විශාල පරිමාණයේ බලපෑමක් ලබා දී ඇත. 1992 සිට, විශේෂයෙන් රබර් සහ පාම් ඔයිල්වල නැවත වගා කිරීමේ පුළුල් උත්සාහයන් ගෙන ඇත. AEN සමාගම කම්හලක් ස්ථාපිත කිරීමත් සමග පාම් ඔයිල් හෙක්ටයාර 11,000 ක් වගා කර ඇත. බොහෝ සමාගම් වෙනත් භෝග සහ අගය එකතු කිරීමේ මුලපිරීම් සඳහා විවිධාංගීකරණය ද අනුගමනය කර ඇත.
කඩිනමින් අවශ්‍ය කරන දිගුකාලීන විසඳුම්
පෞද්ගලීකරණය කළ කාලයේ සිට තේ කර්මාන්තයේ ශ්‍රම බලකාය සියයට 50 කට වඩා අඩු වී ඇති අතර, එමඟින් ක්ෂේත්‍ර හා කර්මාන්තශාලා මෙහෙයුම් දෙකටම බලපාන සැලකිය යුතු ශ්‍රම හිඟයක් ඇති වී තිබේ. නිෂ්පාදනය පවත්වා ගැනීමට සහ වතුයායේ දිගුකාලීන අනාගතය සහතික කිරීමට ඇති එකම ශක්‍ය මාර්ගය නව තාක්ෂණය අනුගමනය කිරීමයි.
ශ්‍රම හිඟය අවම කිරීම සඳහා, කර්මාන්තයේ ක්ෂේත්‍ර හා කර්මාන්තශාලා කටයුතු යන අංශ දෙකෙහිම යාන්ත්‍රිකකරණය සහ ස්වයංක්‍රීයකරණය පිළිගැනීමට කැමැත්තක් දැක්විය යුතුය. අස්වැන්න නෙළීම සහ කප්පාදු කිරීමේ සිට ඩ්‍රෝන යානා භාවිතයෙන් ගුවන් ඉසීම දක්වා ක්ෂේත්‍ර කටයුතු බොහොමයක් යාන්ත්‍රිකකරණය කිරීමට හැකි තාක්ෂණය දැනටමත් තිබේ. සම්ප්‍රේෂණ නිෂ්පාදන මාර්ග ඇතුළුව කර්මාන්තශාලා ස්වයංක්‍රීයකරණය කිරීමෙන් ශ්‍රම පරතරය පිරවීමට සහ වෙළෙඳපොළේ තරගකාරිත්වය පවත්වා ගැනීමට ද හැකියාවක් ලැබෙයි.
පූර්ණ ප්‍රතිලාභ ලබාගැනීමට සහ තිරසාර අනාගතයක් කරා ගමන් කිරීමට නම් මෙම තාක්ෂණය සමස්තයක් ලෙස භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. බොහෝවිට නිකේතනයක් ලෙස අගය කිරීමට ලක්වන අතින් සාදන ලද නිෂ්පාදනය තෝරා බේරා නිෂ්පාදනය කළ යුතුය. බොහෝ වාණිජ නිෂ්පාදන යාන්ත්‍රික ක්‍රියාවලි මගින් මෙහෙයවිය යුතුය. දිරිගන්වන කරුණක් වන්නේ, අස්වැන්න නෙළීම සහ කප්පාදු කිරීම වැනි යාන්ත්‍රික ක්‍රියාකාරකම්වල සහ ගුවන් කාර්ය සඳහා ඩ්‍රෝන යානා යෙදවීමේදී කර්මාන්තය දැනටමත් දියුණු වී තිබීමයි.
වතු සමාගම් ප්‍රධාන වශයෙන් වගාකරුවන් ලෙස ක්‍රියාත්මක වන බැවින් ඔවුන් මුහුණ දෙන ආර්ථික සීමා හඳුනාගැනීම ද ඉතා වැදගත් වේ. මුළු නිෂ්පාදන පිරිවැයෙන් සියයට 60 කට වඩා ශ්‍රම පිරිවැය වීම සහ දැඩි ලෙස නියාමනය කරන ලද වෙන්දේසි ක්‍රමයේ වැවිලි සමාගම් පවතින මිල පිළිගන්නන් (Price Takers) වීම හේතුවෙන් නිෂ්පාදකයෝ සැලකිය යුතු අවදානමකට මුහුණ දෙති. අපනයනකරුවන් ලාබ ආන්තිකයක් සමග මිලදී ගන්නා අතර, නිෂ්පාදකයන් උච්චාවචනය වන වෙන්දේසි මිල ගණන්වලට නිරාවරණය වෙයි. මින් අවධාරණය කෙරෙන්නේ සැපයුම් දාමයේ ඔවුන්ගේ තීරණාත්මක කාර්යභාරය සැලකිල්ලට ගෙන, ඔවුන් ආරක්ෂා කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාවයි.
තවමත් ප්‍රධාන විකුණුම් ක්‍රමය වෙන්දේසිය වන අතර, එමඟින් සෘජුවම විකිණීමට උත්සාහ කරන්නන් මත සැලකිය යුතු නියාමන අවශ්‍යතා පනවනු ලැබේ. මෙම අභියෝග හමුවේ, තේ අංශයේ දිගුකාලීන තිරසාරභාවය පවත්වා ගැනීම සඳහා නිෂ්පාදකයාගේ අවශ්‍යතා ආරක්ෂා කිරීම අත්‍යවශ්‍ය වේ.
තිරසාර හා තරගකාරී අනාගතයක් ගොඩනැගීම
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයේ අනාගතය රඳා පවතින්නේ එහි ශක්තීන් ගොඩනඟා ගනිමින් පරිණාමය වන අභියෝගවලට අනුවර්තනය වීමේ හැකියාව තුළ ය. තරගකාරිත්වය සඳහා තාක්ෂණය හා නවෝත්පාදනය වැළඳ ගැනීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් අඩුවන ශ්‍රම බලකාය සැලකිල්ලට ගෙන ක්ෂේත්‍ර හා කර්මාන්තශාලා මෙහෙයුම් යාන්ත්‍රීකරණය අත්‍යවශ්‍ය වේ.
ගොවිතැන් ක්‍රම ප්‍රශස්ත කිරීම, අස්වැන්න වැඩි දියුණු කිරීම සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා නිරවද්‍ය කෘෂිකර්මාන්තය සැලකිය යුතු අවස්ථාවක් නියෝජනය කරයි. වගකිවයුතු ජල කළමනාකරණය අනුගමනය කිරීමෙන්, රසායනික භාවිතය අවම කිරීමෙන් සහ නැවත වන වගාව කිරීමෙන් තිරසාරභාවයට ද ප්‍රමුඛත්වය දිය යුතුය. එවිට දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව වතුවලට ලැබෙයි.
තරගකාරී අනාගතයක් ගොඩනැගීම සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය ඉතා වැදගත් වේ. අනපේක්ෂිත රජයේ මැදිහත්වීම් ආයෝජනය වළක්වන අතර ප්‍රගතියට බාධා කරයි. උපායමාර්ගික සැලසුම්කරණය සහ දිගුකාලීන වර්ධනය සඳහා ඉඩ සැලසෙන්නේ ස්ථාවර සහ දත්ත මත පදනම් වූ නියාමන පරිසරයක් තුළිනි.
පෞද්ගලීකරණයේ ජීව ගුණය සහ මූලධර්ම හරහා මුල් කාලයේදී ප්‍රාදේශීය වැවිලි සමාගම්වලට ඔවුන්ගේ පෞද්ගලික අවශ්‍යතාවලට ගැළපෙන විසඳුම් අත්හදා බැලීමට සහ නව්‍යකරණය කිරීමට නිදහස ලබා දුන්නේය. කෙසේ වෙතත්, පසුකාලීන රාජ්‍ය මැදිහත්වීම් කර්මාන්තය සඳහා වූ මෙම මුල් දැක්මට බාධා කර ඇත. පෞද්ගලීකරණයේ ජීවගුණය සහ මූලධර්මවලට ආපසු යාමෙන් සහ ඒවා සම්පූර්ණයෙන්ම පිළිපැදීමෙන්, කර්මාන්තය දැනට මුහුණ දෙන ගැටලු බොහොමයක් විසඳාගත හැකිය. කර්මාන්තය ඉදිරියට ගෙන යාම සඳහා තවදුරටත් පියවර ගැනීමට ආයෝජකයන්ට අවශ්‍ය විශ්වාසය ද ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට ගෝලීය ප්‍රමුඛයකු ලෙස එහි ස්ථානය නැවත ලබාගත හැක්කේ වෙනස වැළඳ ගැනීමෙන්, සේවක සුබසාධනයට ප්‍රමුඛත්වය දීමෙන්, නවෝත්පාදන අනුගමනය කිරීමෙන් සහ ප්‍රතිපත්තිමය අනුකූලතාව සහතික කිරීමෙන් පමණකි. ක්ෂේත්‍රය මුහුණ දී ඇති අභියෝග සුවිශේෂී නමුත් බෙදාගත් දැක්මක් සහ සාමූහික ක්‍රියාමාර්ගයක් සමග, සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් ළඟා කර ගත හැකිය.