(විනීතා එම් ගමගේ)
සම්ප්‍රදායිකව රබර් වගා කරන ප්‍රදේශවලින් පිටස්තර ප්‍රදේශවල රබර් වගාව ව්‍යාප්ත කිරීමට වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.
අත්හදා බැලීමක් වශයෙන් අනුරාධපුර හා පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි ආදර්ශ රබර් වගාවක් මේ වනවිට සිදුකර ඇතැයි වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කණක හේරත් මහතා ලංකාදීපයට පැවැසීය.
සාමාන්‍යයෙන් රබර් ත්‍රිකෝණය ලෙස හැදින්වෙන කෑගල්ල,කළුතර,රත්නපුර,දිස්ත්‍රික්ක තුනෙහි වාණිජ වගාවක් ලෙස රබර් බහුලව වගා කරනු ලබන නමුත් ජනගහන වර්ධනය මත මෙම සම්ප්‍රදායික දිස්ත්‍රික්ක වල රබර් වගාවන් ක්‍රමයෙන් අඩුවන බව නිරීක්ෂණය වී ඇති බැවින් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා කීය.
මේ අනුව මේ වන විටත් මොණරාගල දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 9000ක වාණිජ වගාවක් ලෙස රබර් වගා කර ඇති බවත් මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ ද හෙක්ටයාර 3000ක වාණිජ වගාක් ලෙස රබර් වග කර ඇති බවත් හෙතෙම සඳහන් කළේය.
අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක දෙකද වාණිජ වගාවක් ලෙස රබර් වගාකිරීමේ හැකියාව පිළිබඳව සිදුකෙරෙන අධ්‍යනයන්ට පසු සාර්ථක වුවහොත් වාණිජ මට්ටමින් වගාකිරීමට කටයුතු කරන බව ද හේරත් මහතා කීය.
වියළි කලාපයන්හි වර්ෂාපතනය අඩු බැවින් වසරේ වැඩි කාලයක් කිරි කැපිය හැකි වීමත්, දිලීර රෝගවලට ලක්වීමේ අඩු කමත් වියලි කලාපයේ රබර් වැවීමෙන් අත්වන වාසි යැයි ද ඔහු පෙන්වා දුන්නේය.