ශ්‍රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට


( ටී.කේ.ජී.කපිල )

ලොව පුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී සිටී .

ඒ අනුව චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ , ජොහැන්ස්බර්ග් නුවර ඕ.ආර්.තම්බෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෙට්‍රික් ටොන් 45 ක බරකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් භාණ්ඩ තොගයක් 13 වැනිදා   එකවර ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් යොදා ගනිමින් රැගෙන ගොස් තිබේ .

මෙම ගුවන් යානා අද (14 ) දින උදෑසන යළිත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූලස්ථානය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එම අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් අතර , ආරක්ෂිත මුහුණු ආවරණය මිලියන 07 ක් සහ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ විය .

මේ ආකාරයට ගුවන් මගී ප්‍රවාහන සේවා බිද වැටීමෙන් පසුව , ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර වෙත තුන් වරක් සිය ගුවන් මෙහෙයුම් සිදු කර තිබේ .