ශ්‍රී ලංකාව - ඉන්දියාව මහාමාර්ගයකින් සම්බන්ධ කිරීමේ සාකච්ඡා


(කැළුම් බණ්ඩාර)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව සම්බන්ධ කරමින් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තමන් ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළ බව ඉන්දියාවේ මහාමාර්ග හා නාවික කටයුතු පිළිබඳ ඇමති ගද්කාරී මහතා ට්විටර් පණිවුඩයක් ඔස්සේ ප්‍රකාශ කරයි.

මේ වන විට අගමැතිවරයා ඉන්දියාවේ සංචාරයක නිරත වන අතර වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමග සාකච්ඡා පැවැත්වීය.

“ ශ්‍රී ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව නවදිල්ලියේදී හමුවී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මාර්ගය ගැන සාකච්ඡා කළා“යැයි ගද්කාරි මහතාගේ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

මේ සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැනගන්නට නොමැත.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරමින් ‘හනුමන් පාලම‘  නම් පාලමක් ඉදිකිරීම ගැන මීට පෙර කතාබහක් තිබිණි.

 (ඩේලිමිරර් ඇසුරෙනි-042)