අද ලෝකයේ පවතින ප‍්‍රශ්න අතුරින් උග‍්‍රතම ප‍්‍රශ්නයක් වනුයේ අධික ඉන්ධන දහනය නිසා අැතිව තිබෙන දේශගුණ විපර්යාස ප‍්‍රශ්නයයි. කාලයකට පෙර මෙය හරිතාගාර ආචරණය ලෙස හැදින්වූවත් දැන් මෙය හඳුන්වන්නේ දේශගුණ විපර්යාසය ලෙසයි. අද ලංකාවේ ඇතිව තිබෙන බරපතල ප‍්‍රශ්න වන අධික උෂ්ණත්වය, ගං වතුර තර්ජන, දීර්ඝ නියං කාල, අක‍්‍රමික වර්ෂාපතනය, නගරබද ආශ්වාසයට නුසුදුසු වාතය සහ දිනෙන් දින ඉහළ යන පෙනහලූ ආශ‍්‍රිත රෝග මෙම දේශගුණ ව්‍යසනයට හොඳම උදාහරණ ලෙස සැලකිය හැක. සූර්ය බලය සහ සුළං බලය (පුනර්ජනනීය බලය) මගින් විදුලිය උත්පාදනය කර භාවිතා කිරීම මෙයට ඇති එක් විසඳුමකි.
එනමුත් මෙවැනි බල ශක්ති ප‍්‍රභව භවිතා කිරීමේදී විදුලි බල සම්පේ‍්‍රෂණ පද්ධතියට නොයෙකුත් ප‍්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේ. එයට හේතුව මෙම ප‍්‍රභව වල තිබෙන අක‍්‍රමික ස්වභාවයයි. උදාහරණයක් වශයෙන් ගතහොත් ගෘහස්ත විදුලිය වැඩිපුර භවිතා වෙන රාත‍්‍රී කාලයේ සූර්ය විදුලිය නිපදවිය නොහැක. සුළං බලය ඇති අවස්ථා පූර්ව වශයෙන් නිගමනය කළ නොහැක. මෙනිසා මෙම ප‍්‍රභවයන්ගෙන් විදුලිය උත්පාදනය කර එවෙලේම ශක්තිය ගබඩා කිරීම ඉතා අත්‍යවශ්‍ය කරුණකි. මෙයට අමතරව නගරබද විශාල ප‍්‍රශ්නයක් වෙන වාහන වලින් පිටවන විෂ දුම් අවම කර ගැනීම සඳහා පූර්ණ වශයෙන් විදුලියෙන් ක‍්‍රියාකරන රථ වාහන භාවිතය තවත් වැදගත් කරුණකි. මෙය බොහෝ දියුණු රටවල් දැනට අනුගමනය කරන ක‍්‍රියා පිළිවෙතකි.
විදුලියෙන් ක‍්‍රියා කරන රථ වාහන සඳහා මෙන්ම පුනර්ජනනීය බලශක්තිය ගබඩා කිරීම සඳහාත් කල්පවතින අඩුවියදම් බලශක්ති ගබඩා ක‍්‍රමයක් නැතහොත් නව බැටරි තාක්ෂණ ක‍්‍රමවේදයක අවශ්‍යතාවය අද වන විට මුළු ලොවටම දැනී ඇත. මෙයට පිළිතුරු වශයෙන් බි‍්‍රතාන්‍ය සමාගමක් වන පවර් මයිගේ‍්‍රෂන් පාට්නර්ස් සමාගම විසින් නව පෙරළිකාර බැටරි තාක්ෂණ ක‍්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. මෙම බැටරි තාක්ෂණය දැනට බි‍්‍රතාන්‍යය පුරා ප‍්‍රචලිත වෙමින් පවතී. මෙය නමින් ’සංසරන ද්‍රව බැටරිය‘ ලෙස හඳුන්වනු ලැබේ. මෙම විශේෂ බැටරිය මගින් බලශක්තිය විශේෂ ද්‍රාවණයක ගබඩා කරන අතර අවශ්‍ය ඕනෑම මොහොතක ද්‍රාවණය යළි බැටරිය හරහා යැවීම මගින් ගබඩා කළ ශක්තිය යළි පහසුවෙන් ප‍්‍රයෝජනයට ලබාගත හැකි වේ. මෙම ද්‍රාවණය නැවත නැවතත් භවිතා කළ හැකි ද්‍රවණයකි. මෙම තාක්ෂණය වාහන සඳහා භවිතා කළ හැකි වුවත් පවර් මයිගේ‍්‍රෂන් පාට්නර්ස් ආයතනය දැනට මෙය විදුලි බල සම්පේ‍්‍රෂණ පද්ධති සමතුලිත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට තීරණය කර තිබේ.
ඉහත සඳහන් වෙළඳපොළ ඉතා ලාබදායී වීමත්, යුරෝපීය විදුලි රථ වෙලඳපොල සඳහා තත්ත්ව සහතික ලබාගැනීමට දීර්ඝ කාලයක වැයවන නිසාත් සමාගම මෙම තීරණයට එළඹ ඇත. මෙම නිර්මාණය මගින් කාර් රථයකට කිලෝමීටරයකට වැයවන මුදල බි‍්‍රතාන්‍ය පෙන්ස 1ක් නොහොත් රුපියල් 2ක් ලෙසට පිළිගත් තත්ත්ව සමාගමක් විසින් ගණනය කර තිබේ. මෙම නව නිර්මාණය සඳහා 2014 දී බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් සම්මාණයක් වන බි‍්‍රතාන්‍ය ස්මාර්ට් සම්මානයද, 2015 වර්ෂයේදී එනර්ජි චැලේන්ජ් සම්මානයද ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවට මෙහි ඇති විශේෂත්වය වන්නේ පවර් මයිගේ‍්‍රෂන් පාට්නර්ස් ආයතනයේ නිර්මාතෘ සහ මෙම විශිෂ්ට නිර්මාණයේ නිපයුම්කරු වන්නේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු, විද්‍යාඥයකු හා ව්‍යවසායකයකු වන පසිඳු පල්ලාවල මහතා වීමයි. මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක් වන පසිඳු ශ්‍රී ලංකාවේ ප‍්‍රසිද්ධ පුනර්ජනනීය බලශක්ති සහ යාන්ත‍්‍රීකරණ සමාගමක් වන නිකිනි ඔටෝමේෂන් සමාගමේ හිටපු ලාබාලතම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයාද වේ. ඉන් පසු ඔහු ලෝකයේ ඉදිරිපෙළ බලශක්ති සමාගම් වන අමෙරිකාවේ ජෙනරල් ඉලෙක්ටි‍්‍රක් සහ ප‍්‍රංශයේ කොන්වර්ටීම් යන සමාගම් වල විද්‍යාඥයකු හා විධායක නිලධාරියකු ලෙස සේවය කර ඇත. ඔහු විසින් 2011 වසරේදී බි‍්‍රතාන්‍යයේ ප‍්‍රසිද්ධ ඉලෙක්ට්‍රොනික නිර්මාණ සමාගමක් වන පී.ම්.පී.කොන්ට්‍රෝල්ස් ආයතනය පිහිටවූ අතර 2013 වසරේදී මෙම නව බැටරි තාක්ෂණය වෙළඳපොලේ දියත් කිරීමට පවර් මයිගේ‍්‍රෂන් පාට්නර්ස් ආයතනය පිහිටුවනු ලැබීය.
මෙම බැටරි තාක්ෂණයේ ප‍්‍රධාන අංග වන්නේ ’සංසරණ බැටරි පද්ධතිය, ද්‍රව ගබඩා කරන ටැංකි, බල පරිවර්තක පද්ධතිය සහ අන්තර්ජාලය සමග සම්බන්ධ කිරීමට අවශ්‍ය පද්ධතියයි. මෙයට යාන්තමින් සමාන ලෝකයේ අනෙක් බැටරි පද්ධති ද්‍රව වර්ග 2ක් භාවිතා කළත් පසිඳුගේ නිර්මාණය භාවිතා කරන්නේ එක් ද්‍රාවණයක් පමණකි. දැනට පවර් මයිගේ‍්‍රෂන් පාට්නර්ස් ආයතනයට බි‍්‍රතාන්‍ය ජාතික අචාර්යවරු දෙදෙනෙක් සහ වෙනත් ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත ඉතා ශක්තිමත් පර්යේෂණ කණ්ඩායමක් සිටියි.
ප‍්‍රශ්නය : මෙම බැටරිය දැනට විදුලි රථ වල සහ ජංගම දුරකතන වල භාවිතා වන ලිතියම් වර්ගයේ බැටරි වලට වඩා වෙනස් වන්නේ ඇයි?
මූලික වෙනස වන්නේ මෙහි මිල ලිතියම් බැටරි වල මිලට වඩා හතර ගුණයකින් අඩු වීමයි. දෙවැනි වෙනස වන්නේ ක‍්‍රියාකාරිත්වයේ ඇති වෙනසයි. මෙහි බලය වෙනම සැකසිය හැකි අතර ගබඩා කිරීමට අවශ්‍ය වන ශක්තිය වෙනම සැකසිය හැකියි. උදාහරණයක් ලෙස මෙහි බලය කිලෝවොට් 1ක් ලෙස සකසා ගබඩා කළ හැකි ශක්තිය කිලෝවොට් පැය 1000ක් ලෙස සැකසිය හැකියි. නමුත් ලිතියම් වර්ගයේ බැටරි කිලෝවොට් 1ක් තුළ ගබඩා කළ හැක්කේ නිශ්චිත අඩු ශක්ති ප‍්‍රමාණයක් පමණි. එයට අමතරව පරිසර හිතකාමී ද්‍රව්‍ය වලින් පමණක් මෙය නිර්මාණය කර ඇති අතර මෙහි ශක්ති ධාරිතාව සාපේක්ෂව ඉහළ අගයක් වේ. වෝල්ට් 12 සමාන්‍ය වාහන බැටරි වලට සාපේක්ෂව මෙහි බර 6 ගුණයකින් අඩු වන අතර 8 ගුණයකින් වැඩි වාර ගණනක් භාවිතා කළ හැකි වෙනවා.
ප‍්‍රශ්නය : මේ සඳහා භාවිතා කරන අමුද්‍රව්‍යය මොනවාද? ඒවා ලබාගන්නේ කෙසේද?
පිළිතුර : අපගේ සංසරණ බැටරි පද්ධතිය සඳහා සියුම් මිනිරන් කුඩු සහ මිනිරන් වලින් නිෂ්පාදනය කරන ’ග‍්‍රැෆීන් නැනෝ ප්ලේට්ලට්ස්’නම් වූ ද්‍රව්‍යය අවශ්‍ය වනවා. මෙය සරල නැනෝ තාක්ෂණික ක‍්‍රමවේදයකින් නිෂ්පාදනය කළ හැකි වනවා. අපි දැනට මේවා චීන සහ යුරෝපීය සමාගම් වලින් වැඩිමුදලක් දී ලබාගත්තත්, මූලික අමුද්‍රව්‍ය මේ සමාගම් ලබාගන්නේ ශ්‍රී ලංකාවෙනුයි. අපට අවශ්‍ය පිවිතුරුතාවය ඇත්තේ ලංකා මිනිරන් වල පමණයි. මීට අමතරව අපට ටයිටේනියම් ඩයොක්සයිඞ් (ඉල්මනයිට්) සහ ඇලූමිනියම් පොස්පේට් යන සංයෝග අවශ්‍ය වනවා. පුදුමයකට මෙන් මේ සියලූ අමුද්‍රව්‍ය ලංකාවේ සුලභව තිබෙනවා. එයට අමතරව ගිනිසීරියා ඳඩු වායුකරණය මගින් ලබාගන්නා කාබනික ද්‍රාවණයක් අපගේ බැටරියේ ප‍්‍රධාන ද්‍රාවණය ලෙස භාවිත කරනවා. මෙය දැනට බ‍්‍රසීල සමාගමකින් ලබා ගන්නා අතර, මෙම සංයෝගය සැමදා හිරු එලිය ඇති ලංකාවේ පහසුවෙන් සෑදිය හැකියි. අප තවම නිෂ්පාදනයේ මුල් අවදියේ සිටින නිසාත්, ඉක්මනින් නිෂ්පාදන ද්‍රව්‍යය මිලදී ගත යුතූ වූ නිසාත් තවම මේ ද්‍රව්‍ය ලංකාවෙන් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා.
ප‍්‍රශ්නය : නව තාක්ෂණ ක‍්‍රමවේද මුල්කරගත් ව්‍යාපාර ආරම්භ කිරීම හා පවත්වාගෙනයෑම ගැන ඔබේ අදහස කුමක්ද?
තාක්ෂණික ව්‍යාපාර ආරම්භ කිරීම හා පවත්වාගෙනයෑම ඉතාම අසීරු කාර්ය්‍යක්. අදාල තාක්ෂණික ගැටළුවට පිළියමක් සෙවීමට සත්‍ය වශයෙන්ම උවමනාවක් හා අධික කැපවීමක් නැතිනම් මෙවන් ව්‍යාපාරයක් ඉදිරියට ගෙනයෑමට අපහසුයි. මෙම නව නිර්මාණය කිරීම සඳහා මට විශාල කැපකිරීමක් කිරීමට හා අධික උත්සාහයක් දැරීමට සිදුවුණා. නමුත් ඒ සියලූ දේ ඉන් පසු මෙය වෙළඳපොළට සාර්ථකව ඉදිරිපත් කිරීමට අවශ්‍ය කාර්යයන් ප‍්‍රමාණය හා සසඳන විට නව නිර්මාණය සියයට 5ක් පමණයි. තාක්ෂණික ව්‍යාපාර ආරම්භ කිරීම හා පවත්වාගෙන යෑමට තාක්ෂණික කළමනාකරණය, මූල්‍ය කළමනාකරණය, ව්‍යාපාර කළමනාකරණය, පුද්ගල කළමනාකරණය හා වෙළඳපොළ කළමනාකරණය යන සෑම අංශයකම දැනුම අත්‍යාවශ්‍ය වෙනවා. ඒ වගේම නිවැරදි ව්‍යාපාර මොඩලයක් අවශ්‍ය වෙනවා. මෙම අංශයේ අපට තව දීර්ඝ ගමනක් යෑමට තිබෙනවා. මෙවන් ව්‍යාපාරයක් කිරීමේදී අප සමග සිටින කණ්ඩායම ඉතා වැදගත් වෙනවා. මම පෞද්ගලිකව කැමැත්තක් දක්වන්නේ මට නිතරම අභියෝග කළ හැකි කණ්ඩායම් සාමජිකයන්ටයි. ඒ වගේම මම සේවකයන්ට වඩා ව්‍යාපාරය තුළ නායකයන් බිහිකිරීමට කැමත්තක් දක්වනවා. උදාහරණයක් ලෙසට අප ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ගැවින් පාර්ක් පුනර්ජනනීය විදුලි අංශයේ අතිදක්ෂයෙක්, දක්ෂ පුද්ගල කළමනාකරුවෙක්ද මෙන්ම දක්ෂ ක‍්‍රීඩකයකුද වනවා. මට ඕනෑම අවස්ථාවක කිසිදු බියකින් තොරව ඔහුට භාර කාර්යයක් භාරදීමට හැකියාව තියනවා. එය විශාල අස්වැසිල්ලක්. මෙම තාක්ෂණික ව්‍යාපාරය, අන්තර්ජාල හෝ මෘදුකාංග ව්‍යාපාර වලට වඩා හාත්පසින්ම වෙනස් අකාරයක් ගන්නවා. අපට යාන්ත‍්‍රික, රසායනික, ඉලෙක්ට්‍රොනික හා මෘදුකාංග ඉන්ජිනේරු තාක්ෂණ කළමනාකරණය කිරීමට සිදුවෙනවා. එනිසා විශාල මූලික ප‍්‍රාග්ධනයක් අවශ්‍ය වෙනවා.
මේ සියල්ල බැලූ විට ව්‍යාපාරය ඉතා අපහසු එකක්, එනමුත් නිවැරදි කණ්ඩායම හා නිවැරදි ව්‍යාපාර මොඩලයක් භාවිතා කළහොත් කිසිවක් අපහසු වන්නේ නැහැ.
ප‍්‍රශ්නය : ඔබ ව්‍යාපාරය සඳහා මූලික ප‍්‍රාග්ධනය සපයා ගත්තේ කෙසේද?
පිළිතුර : මූලික ප‍්‍රාග්ධනය සපයා ගත්තේ පී.එම්.පී කොන්ට්‍රෝල්ස් ආයතනයෙන්. පී.එම්.පී.කොන්ට්‍රෝල්ස් ආයතනය මගින් නියර් ෆීල්ඞ් කොමියුනිකේෂන් හෙවත් බ්ලූටූත් ආකාරයේ ඉලෙක්ට්‍රොනික නිර්මාණ, බලශක්ති ඉලෙක්ට්‍රොනික නිර්මාණ, සහ යාන්ත‍්‍රීකරණ නිර්මාණ කරනු ලබනවා. උදාහරණයක් වශයෙන් සුප‍්‍රසිද්ධ ඇපල් අනුබද්ධිත ආයතනයකට අපි සාර්ථකව ලොව වේගයෙන්ම ක‍්‍රියාකරන බ්ලූටූත් තොරතුරු හුවමාරු පද්ධතියක් නිර්මාණය කර දෙනු ලැබුවා. පී.එම්.පී. කොන්ට්‍රෝල්ස් ආයතනයට හොඳ සේවාදායකයන් පිරිසක් සිටිනවා.
ප‍්‍රශ්නය : ශ්‍රී ලංකාවට විශාල බලශක්ති ගබඩා පද්ධති අවශ්‍ය වන්නේ ඇයි?
පිළිතුර : ශ්‍රී ලංකාවට තවම අවශ්‍ය තරම් තෙල් සම්පත් නැහැ. රටට තිබෙන සූර්ය හා සුළං බලය වැනි පුනර්ජනනීය ශක්ති සම්පත් උපරිම වශයෙන් භාවිතා කළහොත් අනාගතයේ අවශ්‍ය බලය උත්පාදනය කිරීමටත්, පරිසරය රැකගැනීමටත්, රට තුළ රැකියා උත්පාදනය කිරීමටත්, ජාත්‍යන්තර තෙල් /ගල් අඟුරු මාෆියාවෙන් ගැලවීමටත් ලංකාවට හැකි වේවි. නමුත් පුනර්ජනනීය ශක්ති සම්පත් හරියාකාරව භාවිතා කිරීමට දිගුකල් භාවිතා කළහැකි, අඩුමිල ශක්ති ගබඩා ක‍්‍රම අත්‍යාවශ්‍ය වෙනවා. ඉතා වැදගත් කාරණය වන්නේ සූර්ය විදුලි ජනන පැනල (කාබනික සූර්ය පැනල) මෙන්ම බැටරි තැනීමට අවශ්‍ය අමුද්‍රව්‍යය ලංකාවේ සුලභව තිබීමයි. මේ සම්පත් නිසි ලෙස පාවිච්චි නොකිරීම කණගාටුවට කරුණක්.
කෙසේ වෙතත් අනාගත පරම්පරාව වෙනුවෙන් අපේ පුංචි ලංකාවේ පරිසරය රැක ගැනීමට අවශ්‍ය නම් හැකි ඉක්මනින් පුනර්ජනනීය ශක්ති භාවිතය කඩිනම් කළ යුතු අතර තෙල් දහනයෙන් තොර ගමනාගමන පද්ධතියක් හැකි ඉක්මනින් ස්ථාපිත කළ යුතුයි.
ප‍්‍රශ්නය : ඔබ යළි ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
පිළිතුර : අනිවාර්යයෙන්ම ඔව්. මට නම් ශ්‍රී ලංකාව පාරාදීසියක්. මම සෑම අවුරුද්දකම අගභාගයේ මාසයක් හෝ දෙකක් ගත කිරීමට ලංකාවට පැමිණෙනවා. ඒ සෑම විටම මම නගරයෙන් දුර බැහැර ගමකට, උඩරට ප‍්‍රදේශයට හෝ වනගත ප‍්‍රදේශයකට ගොස් කල් ගත කිරීමට කැමත්තක් දක්වනවා. මම මෑතක සිට ලංකාවේ පැරාගල්යිඩින් ක‍්‍රීඩාව කිරීමට පටන් ගත්තා. මම යුරෝපයේ සහ ඉන්දියාවේ මෙම ක‍්‍රීඩාව කර තිබුනත් ලංකාවේ පියාසර කළේ පසුගිය වර්ෂයේයි. මනරම් කඳුවැටි උඩින් පියාසර කිරීමේදී ලංකාව කොතරම් සුන්දරදැයි මට සිතුණා. එනිසා මම අනිවාර්යයෙන්ම ලංකාවට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවෙනවා. මගෙ උපන් රට ගැන මගේ හදවතේ හැමදාමත් විශේෂ ස්ථානයක් තියෙනවා.
ප‍්‍රශ්නය : ඔබ ඔබේ ව්‍යාපාර ලංකාවට ගෙනඒමේ බලාපොරොත්තුවක් තිබෙනවාද?
පිළිතුර : ව්‍යාපාර ලංකාවට ගෙන ඒමට අපහසුයි. හේතුව සියලූ සේවාදායකයන් යුරෝපයේ හා ඇමෙරිකාවේ ස්ථානගතව සිටීමයි. නමුත් මම ලංකාවට පර්යේෂණ මධ්‍යස්ථානයක් හෝ අපනයනය කේන්ද්‍රකරගත් කර්මාන්තශාලාවක් ගෙන ඒමේ බලපොරොත්තුවක් තිබෙනවා. දැනට ලාංකීය ඉන්ජිනේරුවරු කිහිපදෙනෙක් පී.එම්.පී කොන්ට්‍රෝල්ස් ආයතනය සඳහා ලංකාවේ සිට සේවය කරනවා. කෙසේ නමුත් අනාගතයේදී මට කළ හැකි උපරිමයෙන් ලංකාවට සේවය කරනවා.
පසිඳු පල්ලාවල මහතා දැනට පී.එම්.පී කොන්ට්‍රෝල්ස් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ලෙසත්, පවර් මයිගේ‍්‍රෂන් පාර්ට්නර්ස් ආයතනයේ නිර්මාතෘ ලෙසත් සේවය කරනවා. ඔහු විනෝදාංශයක් වශයෙන් පැරාග්ල්යිඩින් ක‍්‍රීඩාවේ යෙදෙන අතර එංගලන්තයේ රාජකීය ගුවන් සංගමයේ සාමාජිකයෙකුද වනවා.
ආයතන විස්තර සඳහා [email protected] හෝ පසිඳු පල්ලාවල සඳහා [email protected] යන ඊමේල් ලිපිනයන් භාවිතා කළ හැකියි. ඉහත ආයතන සඳහා අන්තර්ජාල ලිපිනයන්
Power Migration Partners Ltd – www.powermigrationpartners.co.uk
PMPControls UK Ltd – www.pmpcontrols.com