දියුණු වන රටවලට ශී්‍රලංකාවෙන් ගත හැකි ආදර්ශ බොහෝ යැයි බ්‍රිතාන්‍යයේ ‘ද ගාර්ඩියන්‘ වෙබ් අඩවිය කියයි.
මියන්මාරය වැනි අලූත නිදහස දිනාගත් රටවල දරිද්‍රතාවය දුරලීමට ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමය කදිම උදාහරණයක් යැයි එහි සඳහන් වේ.
රටක් සංවර්ධනය කිරීමේදී මුදල් ඉපැයිීමට දෙන තැනට සමාන තැනක් රටේ සංස්කෘතියට,විශ්වාසවලට,මිනිසුන් අතර පවතින මත වලට දිය යුතුයැයි එහි සදහන් වෙයි.මුදල් ඉපැයීම යනු මේ අංශත් සම්බන්ධ කරගෙන සිදුවිය යුතු ක්‍රියාවලියක් යැයි කියන ගාර්ඩියන් වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ එවැනි වාතාවරණයක් තිබෙන බවත් කෙටි කලකදී ශීඝ්‍ර සංවර්ධනයක් අත්කර ගැනීමට හැකිව ඇත්තේ එනිසා බවත් පවසයි.
මෙයට උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ ඇඟැලූම් ක්ෂේත්‍රය ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ඇඟැලූම් ක්ෂේත්‍රය යනු රටට විශාල වශයෙන් රට සල්ලි උපයා දෙන්නකි. කෙසේ වුවත් ඇඟලූම් ව්‍යාපාර හිමියන් ඔවුන්ගේ කර්මාන්තායතන අගනුවර ආසන්නයේ ඉදිකර තිබීම විශාල වශයෙන් රැකියා සොයන තරුණ තරුණියන් ගම්බද පෙදෙස් වල සිට නගරාසන්නයට පැමිණීමටත් ඒ සමග නොයෙක් සමාජ ගැටලූ ඇතිවීමටත් හේතුවක් ලෙස හදුනාගෙන ඇත.මෙනිසාම රටේ අනෙක් ජනතාව ඇගලූම් ක්ෂේත්‍රයේ නියුතු වූවන් ලෙස බලන්නේ වපර ඇහින් බව කියන ගාර්ඩියන් වෙබ් අඩවිය මෙම හේතුව නිසාම ඇගලූම් සේවක සේවිකාවන්ට තමන් කරන රැකියාව සම්බන්ධයෙන් ආත්මාභිමානයක් නැති තත්ත්වයක් උද්ගතව ඇතැයි සදහන් කරයි.
නමුත් මේ කරුණු සම්බන්ධයෙන් නිසි අධ්‍යනයක් කර ඇති ඇතැම් ඇගලූම් ආයතන මෙම තත්ත්වය ඇගලූම් ආයතන වල ක්‍රියාකාරිත්වයට සෘජුවම බලපාන බව හදුනාගෙන ඇති බව පවසන ගාර්ඩියන් වෙබ් අඩිවිය එම ගැටලූ වලට පිළියම් ලෙස ගෙන ඇති පියවර ශී්‍රලංකාවේ ඇගලූම් කර්මාන්තය යළි නගා සිටුවීමටත් සේවක සේවිකාවන්ට ආත්මාභිමානය දිනා දී වෙනදාට වඩා හොදින් රැකියාවේ නිරත වීමට හැකි වාතාවරණයක් සකස් කර දී ඇතියි පවසයි.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මාස් හෝල්ඩින්ග්ස් ඇඟලූම් ආයතනය ගාර්ඩියන් වෙබ් අඩවියේ අවධානය දිනාගෙන තිබේ.ඇගලූම් කර්මාන්තශාලා අගනුවර පමණක් නොව දුෂ්කර පළාත් වලද ඉදිකිරීමට මාස් හෝල්ඩින්ග්ස් ආයතනය පියවර ගෙන තිබීම පැසසුමට ලක් කර ඇති ගාර්ඩියන් වෙබ් අඩවිය මෙසේ දුෂ්කර පළාත් වලත් කර්මාන්තශාලා ඉදිකිරීම නිසාවෙන් තරුණ තරුණියන්ට රැකියා සොයා අගනුවරට පැමිණිීමට අවශ්‍යතාවක් ඇති නොවන බවත් ඔවුන්ට උදයේ පැමිණ හවසට නිවෙස් බලා ගොස් තම තමන්ගේ පවුල් වල සාමාජිකයන් සමග කාලය ගත කිරීමේ අවස්ථාවද ලැබී තිඛෙන බවත් ගාර්ඩියන් වෙබ් අඩවිය කියයි.මෙවන් තත්ත්වයක පෙර මෙන් සමාජ විරෝධී කි්‍රයාවන්ට ඉඩක් නොමැති තැන රටේ අනෙක් ජනතාව ඇගලූම් කර්මාන්ත සේවක සේවිකාවන් දෙස වෙනස්ම කෝණයකින් බලනු ඇතැයිද එය එම සේවක සේවිකාවන්ගේ ආත්මාභිමානය වර්ධනය කිරීමට හේතුවනු ඇතැයිද ගාර්ඩියන් වෙබ් අඩවියේ සදහන්ය.
තම රැකියාව ගැන අභිමානයක් ඇති තැනැත්තා කිසිදිනෙක අකාර්යක්ෂම ලෙස වැඩකරන්නේ නැත යන්න ශ්‍රී ලංකාවේ කර්මාන්තආයතනයන් දැන් දැන් හදුනාගනිමින් තිබේ.යුද්ධයෙන් පසු රටේ පවතින වාතාවරණය නිසා පෙර මෙන් මුදල් මතම වෙහෙසවීමට නොව සාර්ථකව මුදල් ඉපැයීමට ආධාර වන වෙනත් අංශ ගැනද අවධානය යොමු කිරීමටත් කාලය ඇතැයිද ශ්‍රී ලංකාවේ කර්මාන්ත එම කාලයෙන් නිසි ලෙස ප්‍රයෝජන ගනිමින් සිටිනා බවක් පෙනෙන්ට තිඛෙන්නේ යැයිද ගාර්ඩියන් වෙබ් අඩවියේ සදහන් වේ.