2010 ජනාධිපතිවරණ අපේක්ෂකයා විදියට ජනරාල් සරත් ෆොන්සේකා නම් කරගත්තට පස්සේ ජනාධිපතිවරණය වෙනුවෙන් මහා සමුළුවක් වත්තල දී පැවැත්වූවා. මෑත කාලෙ ඉහළින්ම සංවිධානය කරල පවත්වපු සම්මේලනය ඒක කිව්වොත් නිවැරදියි. එකේ ප‍්‍රධාන සංවිධායකත්වය අරගෙන කටුයුතු කළේ ජෝන් අමරතුංග ඇතුළු පිරිස.
එදා අපේ සම්මේලනයට සරත් ෆොන්සේකා ආවේ සාමාන්‍ය විදියට කමිසෙකුයි කලිසමකුයි ඇඳගෙන. එතකොට සරත් ෆොන්සේකා ජාතික ඇඳුම අදින්න පටන් අරගෙනත් තිබුණේ නෑ. එයා රැුස්වීමට එද්දී ඉහළ ජනතා පිළිගැනීමක් තිබුණා. අපි සම්මේලනය ඉවර කරලා එතනම එහා පැත්තේ තිබුණු රමඩා හෝටලයෙන් දිවා ආහාරය එහෙම අරගෙන පළමුවැනි වතාවට එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරු සරත් ෆොන්සේකාට හඳුන්වලා දුන්නා.
මම තමයි ඒක සූදානම් කළේ. එදා තමයි සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකවරු කවුද කියලා අඳුන ගත්තේ.
ඊට පස්සේ මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු ආරම්භ කරන්න ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයක් සෙයාගන්න ඕන වුණා. සරත් ෆොන්සේකා පොදු අපේක්ෂකයා නිසා ඒ වැඬේ සිරිකොතට ගිහිල්ලා කරන්නවත් ජනතා විමුක්ති පෙරමුණේ තැනක ඉදගෙන කරන්නවත් බැරි වුණා. හැමෝටම එකතුවෙලා වැඩ කරන්න පුළුවන් ඉඩකඩ පහසුකම් සහිත තැනක් තමයි මේ සඳහා අවශ්‍ය වෙලා තිබුණේ.
රාජකීය විද්‍යාලය ළඟ කාර්යාලය බොහොම අමාරුවෙන් තමයි හොයා ගත්තේ. ඒ ගෙදර ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය විදියට පාවිච්චි කරන්න කුලියට ගන්න ලොකු වියදමක් දරන්න සිද්ධ වුණා. අවුරුද්දකට තමයි ගත්තේ. ලොකු මුදලක් මුලින් ගෙවන්න සිද්ධ වුණා. ඒකට මුදල් හොයා ගත්තෙත් ගොඩක් අමාරුවෙන්. මුලින් ෆොන්සේකාගේ ඉලෙක්ෂන් කැම්පේන් එකට කවුරුවත් සල්ලි දුන්නේ නෑ. රනිල් වික‍්‍රමසිංහත් කීප දෙනෙකුටම කතා කරලා සල්ලි ටික ටික හොයා ගත්තා. මේකට ලොකුම මුදල් ප‍්‍රමාණය දුන්නේ දයා ගමගේ. ලක්ෂ එකසිය පනහක් විතර අවුරුද්දක කුලියක් ගෙවන්න වුණා මට මතක හැටියට මේ ගෙදරට.
මේ මැතිවණයට විශේෂ මෙහෙයුම් කමිටුවක් පත් වෙනවා. හැම පක්ෂයකම සාමාජිකයෝ නියෝජනය වන විදියට තමයි මේ කමිටුව හැදුවේ. එක්සත් ජාතික පක්ෂයෙන් මමත් මේ කමිටුවෙ හිටියා. ජනතා විමුක්ති පෙරමුණෙන් අනුර දිසානායක, විජිත හේරත් වගේ අය හිටියා. සෝමවංශ අමරසිංහ තමයි එතකොට ජ.වි.පෙ. නායකයා. ඔහුත් මේ වැඩවලට හවුල් වුණා. මමත් පළවැනි වතාවට තමයි සෝමවංශ අමරසිංහ එක්ක එකට වැඩ කළේ. ඇත්තටම සෝමවංශ අමරසිංහ එක්ක වැඩ කිරීම අපට හරිම පහසු වුණා. ඔහු හොඳ අවබෝධයකින් අපිත් එක්ක වැඩ කළා.
මේ කැම්පේන් එක යන අතරේ දවසක අර්ජුන රණතුංග අපිත් එක්ක එකතුවෙලා ජනරාල් ෆොන්සේකාට සහයා පළ කරන්න ආවා. එතකොටත් අර්ජුන රාජපක්ෂ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදියට කටයුතු කරමින් හිටියේ. ඔහු ආණ්ඩුවේ සහ නියෝජ්‍ය ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා තමයි අපිත් එක්ක එකතු වුණේ.
මේ මැතිවරණ මෙහෙයුමේ පැවැත්වුණු රැුස්වීම් බොහොමයකට මම සහභාගී වුණා. රනිල් වික‍්‍රමසිංහත් ප‍්‍රධාන රැුස්විම් කීපයකට සහභාගී වුණා. කැම්පේන් එක පටන් ගත්තු මුල් කාලේ සරත් ෆොන්සේකා සහ රනිල් වික‍්‍රමසිංහ අතර හොඳ සම්බන්ධයක් තිබුණා. හැබැයි ක‍්‍රමයෙන් ඒ සම්බන්ධතාව ටිකෙන් ටික බිඳුණා කියලයි මට නම් හිතෙන්නේ. මේක වුණේ ෆොන්සේකාගේ මැතිවරණ ව්‍යාපාරය සාර්ථක වෙමින් යද්දී අතරමඟ දී නොයෙක් දෙනා සම්බන්ධ වීමත් එක්ක.
එක්සත් ජාතික පක්ෂයයි ජනතා විමුක්ති පෙරමුණයි මේක මුලින් මෙහෙයුවට අතරමඟ දී බොහෝ දෙනා මේකට සම්බන්ධ වෙලා වැඬේ ටිකක් සංකීර්ණ වුණා. සරත් ෆොන්සේකා වුණත් කල්පනා කරන්න ඇති එන්න එන්න ඔහු ළඟට මිනිස්සු එන නිසා අපි දෙගොල්ලෝ නැතත් තනියම වුණත් මේ වැඬේ ගෙනියන්න පුළුවන් කියලා. මේ පසුබෑම තුළ තමයි ෆොන්සේකා සහ රනිල් අතර පුංචි පුංචි වාද විවාද හිත් අමනාපකම් මතුවෙන්න පටන් ගත්තේ. මුලින් මුලින් රනිල් වික‍්‍රමසිංහට ලොකු ගෞරවයකින් ඉදපු ෆොන්සේකා මැදක් යද්දී වෙනස් වෙන්න ගත්තා. රනිල් වික‍්‍රමසිංහට තිබුණු ගෞරවණීය බවත් ෆොන්සේකාගෙන් ටිකක් ඈත් වුණා.
මේ අතරේ මාවනැල්ලේ තිබුණු අවසන් රැුස්වීමකට අපි ගියා. ආපහු එද්දී ෆොන්සේකයි මමයි එක වාහනේ ආවේ. මාවනැල්ලේ කබීර් හෂීම් සංවිධානය කරලා තිබුණු ඒ රැුස්වීමේ දී සරත් ෆොන්සේකා පළමුවෙනි වතාවට ගෝඨාභය රාජපක්ෂට දරුණු ලෙස පහර ගසමින් කතා කරන්න පටන් ගත්තා. ඒ රැුස්වීමේ දී තමයි ෆොන්සේකා ”මහින්දටයි, ගෝඨාභයටයි ජම්පර් අන්දලා හිරගෙවල්වලට දානවා” කියලා කිව්වේ. රැුස්වීම ඉවරවෙලා එන අතරේ මම සරත් ෆොන්සේකාට කිව්වා ”අපි රැුස්වීම්වල කතා කරද්දී අපේ ප‍්‍රධාන ප‍්‍රතිවාදියා හඳුනාගෙන කතාකරන්න ඕනෑ” කියලා. මම කිව්වා අපේ පළපුරුද්ද අනුව කටයුතු කරනවා නම් පහර දෙන්න ඕන ගෝඨාභයට නොවෙයි, මහින්දටයි කියලා මම කිව්වා. ඒක ෆොන්සේකා පිළිගන්න කැමති වුණේ නෑ. ඒ වෙලාවෙ එයා මට කියනවා ”ඔයාලා ඔච්චර දේශපාලන අත්දැකීම් තිබුණත් මම කරන දේ ඔයගොල්ලන්ට තේරෙන්නේ නෑනේ” කියලා. ෆොන්සේකා උදම් වෙලා හිටියේ ගෝඨාභයට එහෙම බණිද්දී තරුණ පිරිස මහ හයියෙන් විසිල් ගහපු එකට. මම එයාට කිව්වා ”ජනරල් ඔයාගෙ දැනුම පුංචියි දේශපාලනයට, විසිල් ගහන තරමට ඡුන්ද හම්බවෙනවා කියලා බලාපොරොත්තු වෙනවා නම් ඒක මොඩකමක්” කියලා මම පැහැදිලි කරලා දුන්නා. ඒ ටික කියලා මම නිහඬ වුණා. මොකද සරත් ෆොන්සේකා ඒ වෙලාවෙ එයාගෙ අඩුපාඩු ගැන කවුරුවත් කතා කරනවාට කැමති වුණේ නෑ.
ප‍්‍රියන්ත කොඩිප්පිලි