ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (29) මිලියන අට ඉක්මවා ගියේය.
ඇමෙරිකා එක්සත් ජනපදයට පසු ලොව වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
බිලියන 1.3 ජනගහනයක් ජීවත්වන ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 120,000 ඉක්මවයි.
ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.1 ඉක්මවා ගොස් තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 230,000කට ආසන්න වී තිබේ.
ඉන්දියාව ලෝකයේ අන් රටවල් හා සැසඳීමේදී අඩුම වයිරස ආසාදිත මරණ අනුපාතයක් ඇති රටක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන ද පසුගිය කාලයේ අඩු වූ බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
කෙසේ නමුත් ඉදිරියේදී පැමිණෙන උත්සව සමයත් සමඟ දෛනිකව වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි. ඉන්දියාවේ ප්‍රධානම ආගමික උත්සවයක් වන දීවාලි උත්සවය නොවැම්බර් 14 වැනිදා ට යෙදී තිබේ.
ඉන්දියාවේ ඇඟලුම් අමාත්‍යවරිය වන ස්මිත්‍රි ඉරානිට ද නව කොරෝනා වයිරස ආසාදනය වී ඇතැයි වාර්තා වන අතර ඉන්දියාවේ මහ බැංකු අධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ සතිය මුලදී වාර්තා විය. ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වූ බව මීට පෙර වාර්තා විය.
‘‘උත්සව පැමිණෙනවා. සෑම ප්‍රාන්තයක්ම පරෙස්සම් විය යුතු. අපි තවත් මාස තුනක් වත් පරෙස්සම් වෙන්න ඕනෑ. අවධානයෙන් ඉන්න අවශ්‍ය’’ යැයි ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍ය හර්ෂ් වර්ධන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055