ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 6 ඉක්මවයි


අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) මිලියන 6 ඉක්මවා ගියේය.

ලොව දෙවැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන රට වන්නේ ද අසල්වැසි ඉන්දියාව ය. ඇමෙරිකාව එහි මුල් තැන ද බ්‍රසීලය එහි තෙවැනි තැන ද පසුවෙයි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව සඳුදා, එනම් අද (28) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා වයිරස ආසාදිතයන් 82,170 දෙනකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 60,74,703ක් දක්වා ඉහළ ගියේය.

අවසන් පැය 24 දී මරණ 1,039ක් වාර්තා වූ අතර ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත වයිරස ආසාදිත මරණ ගණන 95,542ක් ලෙස දැක්විණි.

(එන්.ඩී.ටීවී.)

055