ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට සීමා


කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිඩ්නි නුවරට දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (20) පියවර ගත්හ.

ඔස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරවලට ද මේ වනවිට සීමා පනවා තිබේ.බ්ලූ මවුන්ටන්ස් සහ සෙන්ට්‍රල් කෝස්ට් යන ප්‍රදේශ ද සිඩ්නි නුවර සීමා පැනවූ ප්‍රදේශවලට අයත් වේ.

නව සීමාවලට අනුව ජීවත්වන පිරිසට අමතරව නිවෙස්වල 10 දෙනකුට වැඩි පිරිසක් නවතා ගැනීම හෝ රැස් කිරීම කළ නොහැකි බව සෞඛ්‍ය බලධාරීන් ඔස්ට්‍රේලියානු ජනතාවට දැනුම් දී ඇත.

සත්කාරක ස්ථාන, වැඳුම් පිඳුම් කරන ස්ථාන යනාදී ස්ථාන සහ ගෘහස්ත ඉසවුවලට වර්ග මීටර හතරක නීතිය ක්‍රියාත්මක වන බවත් එක් ස්ථානයක රැස් කළ හැකි උපරිම ගණන 300ක් බවත් සෞඛ්‍ය බලධාරිහු ප්‍රකාශ කළහ.

නැටුම් හා ගායනය යනාදී ඉසවු තහනම් කර තිබෙන අතර විවාහ මංගල්‍යය උත්සවයකට ගෙන්වා ගත හැකි උපරිම පිරිස 20ක් දක්වා සීමා කර තිබේ.  කෙසේ නමුත් ආගමික ස්ථානවල දේව මෙහෙය, යාච්ඤා ආදියට අවසර තිබෙන එසේ වුවත් එක් ස්ථානයකට රැස්විය හැක්කේ පුද්ගලයන් පස්දෙනකට පමණි.


(රොයිටර්)

055