කොරෝනා වයිරසය ආසාදිත මරණ 6 ක් ඕස්ට්‍රේලියාවෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර වයිරස් ආසාදනය වූ පුද්ගලයන් 600 දෙනෙකු පමණ සිටින බව තහවුරු කරගෙන ඇත.
කෙසේවුවද මාධ්‍ය වාර්තා කර ඇත්තේ එය අනෙක් රටවල් හා සසඳන විට සාපේක්ෂව කුඩා සංඛ්‍යාවක් බවයි.
මෙම ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් විදේශයන්හි සිට පැමිණි අය බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් කියා සිටියේ ය.
ඕස්ට්‍රේලියානු නොවන සියලු වැසියන්ට සිකුරාදා (20) රාත්‍රී 9.00 සිට රට තුළට ඇතුළුවීම තහනම් කරන බව ද හෙතෙම පවසයි.
මොරිසන්ගේ කාර්යාලය පැවසුවේ තහනම දින නියමයක් නොමැතිව ක්‍රියාත්මක වන බවයි.
අසල්වැසි නවසීලන්තයේ අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩර්න් විසින් ද විදේශිකයන් සඳහා දේශ සීමා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර එය අද (19) සවස ආරම්භ වේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)