ඕස්ට්‍රේලියාවට එන අය දින 14 ක් ස්වයං නිරෝධායනයකට යොමුවන්නැයි නියෝග


විදෙස් රටවල සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන සියලුම පුද්ගලයන් දින 14ක ස්වයං නිරෝධායනයකට යොමු විය යුතු බවට ඕස්ට්‍රේලියානු රජය නියෝග කර තිබේ.

මෙය කොරෝනා වෛරසය පැතිරීම නැවැත්වීමට ගන්නා ලද උත්සාහයක් බවත් මෙම පියවර ඉරිදා (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් බව ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් මහතා පවසයි.

මෙවැනිම පියවරක් සෙනසුරාදා(14) සිට නවසීලන්තය ද අනුගමය කලේය.

මේ වනවිට ඕස්ට්‍රේලියාවේ රෝගීන් 250 කට ආසන්න සංඛ්‍යාවක් තහවුරු වී ඇති අතර මරණ තුනක් වාර්තා වී තිබේ.

දින 30 ක කාලයක් සඳහා ඕස්ට්‍රේලියාවේ වරායන්හි විදේශීය නැව් නැංගුරම් ලෑම තහනම් කරනු ඇත. 

කෙසේ වුවද ඕස්ට්‍රේලියාවේ පාසල් තවමත් විවෘතව පවතී.

"වෛරසය සම්පූර්ණයෙන්ම නැවැත්විය නොහැකි බව අපි දනිමු. කිසිවෙකුට එය කළ නොහැකිය. නමුත් අපට පැතිරීම මන්දගාමී කළ හැකිය. "ඉදිරි මාස හය තුළ  අපි ඒ සමඟ සටන් කිරීමට අපේක්ෂා කරමු."

ස්කොට් මොරිසන් පැවසුවේ අඟහරුවාදා කැබිනට් මණ්ඩලය නැවත රැස්වී ඉදිරි පියවර ගැන සාකච්ඡා කරන බවයි.

අතට අත දීමෙන් වැළකීම ඇතුළුව තවත් “සමාජ දුරස්ථභාවයන්” පුහුණු කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මොරිසන් මහතා පැවසුවේ සියලු වෙනස්කම් තිබියදීත් ඕස්ට්‍රේලියානුවන්ට ඔවුන්ගේ “ඕස්ට්‍රේලියානුභාවය පිළිබඳ හැඟීම” නැති නොවනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

ඔහු සමඟ සිටි ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි බ්‍රෙන්ඩන් මර්ෆි පැවසුවේ මෙය රටට “දුෂ්කර කාලයන්” බවයි.

ඔහු ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටියේ අවශ්‍යතා මිලට ගැනීමේදී සංවේදීව කටයුතු කරන ලෙසයි.


(බීබීසී ඇසුරිණි - 085)