මධ්‍යම අප්‍රිකානුු ජනරජයේ ජීවත් වන පිග්මි ජාතිකයන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩි අවදාමක් පැවතීම හේතුවෙන් වනාන්තරය තුළ ඔවුන්ගේ සාම්ප්‍රදායික වාසභූමි වෙත ගමන් කිරීමටඋපදෙස් දුන් බව ඒරට රජය පවසයි.
ලෝකයේ දුප්පත්ම ජන කොට්ඨාශයක් වන පිග්මිවරුන් මධ්‍යම අප්‍රිකාවේ ඩසන්ගා - සන්ගා වනජීවී රක්ෂිතයේ වාසය කරයි.
ඔවුන් කොරෝනා රෝගයෙන් බේරා ගැනීමේ හොඳම ක්‍රමය මෙසේ හුදකලා කිරීම බව බලධාරීහු පවසති.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ මේ වනවිට කොරෝනා රෝගීන් 1,000කට වඩා වාර්තා වී ඇති අතර මරණ 4ක් සිදුවී තිබේ.
ඩසන්ගා - සන්ගා වනෝද්‍යානය බාරව සිටින ලුයිස් අර්න්ස් මහතා මෙසේ පවසයි, " ඔවුන්ට මාස තුනක් ඔවුන්ගේ දඩයම් කඳවුරු වලට ගොස් ජීවත් වීමට ඉල්ලා සිටියා. සෑම සතියකම අපි ඔවුන්ට ආහාර සහ ඖෂධ ගෙනගොස් දෙනවා. ඒවිට ඔවුන් වෙළඳපොලට පැමිණීමෙන් වැලකෙයි. ඔවුන් හුදකලා විය යුතුයි. ඒය ඒකම විසදුමයි."
අසල්වැසි නගර වල බලධාරීන්ගෙන් මේ ක්‍රියාවලියට සහාය දක්වන ලෙස ඉල්ලා ඇති අතර නාගරික මධ්‍යස්ථාන වලින් ඉවත්ව සිටින ලෙස පිග්මිවරුන්ට දැනුම් දී තිබේ.
දුර්වල සෞඛ්‍යය, දරිද්‍රතාවය, කුඩා ඉඩ ප්‍රමාණයක වැඩි පිරිසක් ජීවත් වීම සහ ඔවුන්ගේ ජීවන රටාව කොවිඩ් රෝගයෙන් වැඩි අවදානමක් පිග්මි ජාතිකයන්ට ලබා දෙයි.
සාමාන්‍යයෙන් ඔවුන්ගේ ළදරු මරණ අනුපාතිකය ඉහල මට්ටමක පවතින බවත් ආගන්තුක රෝගයකට ස්වාභාවික ප්‍රතිශක්තියක් ඔවුන් තුළ ඇති බවට සාක්ෂි නොමැති බවත් වෛද්‍යවරු පවසති.
පිග්මින්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 35 - 38ත් අතර අගයක පවතී.
වෛද්‍යවරු පවසන්නේ ඔවුන්ගේ අර්ධ සංචාරක ජීවන රටාව මගින් වයිරසය වේගයෙන් පැතිර යාමට හැකි බවයි.
(ඒ්ඒෆ්පී ඇසුරිණි - 085)