ගෝලිය කොවිඩ් මරණ ලක්ෂ 12 ඉක්මවයි


 
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ගෝලීයව මරණයට පත්වූ ගණන අද (2) මිලියන 1.2 ඉක්මවා ගියේය.
 
මේ වනවිට වාර්තා වන සමස්ත ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 46,452,818ක් වන අතර ඉන් වයිරස ආසාදිත මරණ ගණන 1,200,042ක් වේ.
 
මේ වනවිට නව කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ගෝලීයව වාර්තා වන සෑම ‘කොවිඩ්-19’ ආසාදිත මරණ පහකින් එකක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.

ඇමෙරිකාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 230,996ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,207,364කි. දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ බ්‍රසීලයෙන් වන අතර එම ගණන 160,074කි. බ්‍රසීලයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 5,545,705කි. තෙවැනියට වැඩිම වයිරස ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි.

ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 122,607ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 8,229,313කි. මෙක්සිකෝවෙන් මරණ 929,392ක් ද බ්‍රිතාන්‍යයෙන් මරණ 46,717ක් ද වාර්තා වේ.
 
ඒ.එෆ්.පී.
055