ජපානයේ ඔකිනාවාහි ඇමෙරිකානු හමුදා කඳවුරෙන් තවත් ආසාදිතයන් 36ක්


ජපානයේ ඔකිනාවාහි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් හමුදා කඳවුරේ තවත් වයිරස ආසාදිතයන් 36 දෙනකු හඳුනාගෙන ඇතැයි ජපාන බලධාරීහු පවසති.

බලධාරීන් උපුටා දක්වමින් ජපානයේ කියඩෝ පුවත් සේවය අද (15) ඒ බව වාර්තා කර තිබිණි.

ජපානයේ ඔකිනාවා දූපතේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හන්සෙන් කඳවුරෙන් මේ වනවිට වාර්තා වන නව කෙරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 136කි.

කඳවුර තුළ වයිරසය පැතිර යෑම ආරම්භ වූයේ පසුගිය සතියේදීය. මේ තත්ත්වය හේතුවෙන්ඔකිනාවා ආණ්ඩුකාරවරයා ද දැඩි ලෙස කෝප වී ඇති අතර වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ඇමෙරිකානු හමුදා ගත් පියවර මොනවාදැයි ද හෙතෙම ප්‍රශ්න කළේය.

 

රොයිටර්

 

055