දකුණු අප්‍රිකාවේ කෝවිඩ් ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි


දකුණු අප්‍රිකාවේ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ලක්ෂය ඉක්මවා ගොස් ඇත.

මේ අනුව අප්‍රිකානු මහද්වීපයෙන් වැඩිම නව කොරෝනා ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද දකුණු අප්‍රිකාවෙනි.

දකුණු අප්‍රිකාවෙන් අද (23) පස්වරුවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 101,590ක් වූ අතර එරටින් වාර්තා වන මරණ ගණන 1,991කි. වයිරසය ආසාදනය වී සුවය ලැබූ පිරිසගේ ගණන 53,444කි.

දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන මරණ ගණන 2,000කට ආසන්න වුවද එරට මරණ අනුපාතය ඇත්තේ සියයට 2ක් වැනි ඉතා අඩු අගයක ය. නව කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලැබූවන්ගේ ගණන ප්‍රතිශතයක් ලෙස සියයට 52.6කි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් දකුණු අප්‍රිකාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ‘වෙස්ටර්න් කේප්’ පළාතට ය. කොරෝනා වයිරස ආසාදිත මරණවලින් 1,458ක්ම වාර්තා වන්නේ එම පළාතෙනි.

නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් අඩක් වාර්තා වන්නේ ද මුහුදු බඩ පළාතක් වන එම පළාතෙනි.

ද ගාඩියන්

055