පාදයකට හානි වූ අලි පැටවෙකුට ප්‍රතිකාර


(රෝවන් පෙරේරා සහ ප්‍රියානි මංගලිකා ) 

නවගත්තේගම වෙළේවැව කුරුළුවැව ප්‍රදේශයේ සැරිසරමින් සිටී අලි පැටවකුට ප්‍රතිකාර කිරීම අද(15) දි සවස වයඹ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් පැමිණ සිදුකළ බව නවගත්තේගම වනඅඩවි ආරක්ෂක නිළධාරී නවරත්න බංඩාර මහතා පැවසීය.
 
වයස අවුරුදු පහක් පමනවූ උස අඩි පහ මාරක් පමනවූ මෙම අලි පැටවාගේ ඉදිරි වම් පාදයේ ඇතිවි තිබූ අභාදයකට ප්‍රතිකාර කිරීම සිදුවීය.පාදයේ ඇතිවූ  අස්ථිවල අබාදයක් හේතුවෙන් මෙම වන අලි පැටවාට මීට පෙරද ප්‍රතිකිර ලබා දී ඇත.
 
කුරුළුවැව ප්‍රදේශයේ අක්කර දෙකක පමණ ප්‍රමානයේ කැළැ බවට පත්වූ පුද්ගලීක ඉඩමක දින කිහිපයක සිට මෙම අලි පැටවා රැඳී සිටිමින් වගාබිම්වලට හානි කරන බවත් නිවෙස් ඉදිරිපිටට පැමින සිටින බවත් ප්‍රදේශවාසින් පැවසීය.
 
ප්‍රදේශවාසින්ගේ දැනුම්දීමකට අනුව අලි පැටවාට ප්‍රතිකාර ලබාදීම සිදුකෙරිණි. ජන ජීවිතයට තර්ජනයක් වන අකාරයට මෙම අලි පැටවා ගමට පැමිනෙන්නේ නම් ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරියේදී යම් ක්‍රියා මාර්ගයක් ගැනීමට සිදුවන බවද වනජීවී නිළධාරින් පැවසීය.