බස්නාහිර සිරවූ 50,000ක් නිවෙස් කරා යැවීමේ මෙහෙයුම පෑලියගොඩින් අරඹයි


 

ළහිරු හර්ෂණ

කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ පොලිස් වසම්වල රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද(02) ආරම්භ කෙරිනි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කැළණිය පොලිස් කොට්ඨාසය තුල රැදී සිටි ගැබිණි මාතාවන් , දිර්ඝ කාලීන රෝගීන් , කුඩා දරුවන් ඇතුළු 360 දෙනෙකු පමන ⁣මූලික වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෑලිය⁣ගොඩ පොලිස් වසමේ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට පිටත් කර යැවිය.