මාස දෙකකට පසු තායි වැසියෝ පන්සල් යති


මාස දෙකකට ආසන්න කාලයකට පසු තායි වැසියෝ අද (2) වෙහෙර විහාරස්ථාන වැඳ පුදාගැනීම සඳහා එම ස්ථානවලට ගියහ.
බෞද්ධ රටක් ලෙස පිළිගැනෙන තායිලන්තයේ ද කොරෝනා වයිරස ව්‍යාප්ත වී ගිය අතර ඒ හේතුවෙන් ආගමික ස්ථාන ඇතුළු පොදු ස්ථාන වසා දැමිණි.

තායිලන්තය ද ලොව බොහෝ රටවල් මෙන් ‘ලොක්ඩවුන්’ සීමා පැනවූ අතර එරටින් අද (2) පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 3,083ක් විය.

විහාරස්ථානවලට ඇතුළුවීමට පෙර එම ස්ථානවලට පැමිණෙන සියලු දෙනාගේ උණ පරීක්ෂා කරන අතර මුඛ ආවරණ පැළැඳීම අනාවර්ය වේ.

පසුගිය සතියක කාලයේදී සමාජය තුළින් ආසාදිතයන් වාර්තා නොවීමත් සමඟ තායිලන්තය මේ වනවිට ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

තායිලන්තයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන 58කි.

අල්ජසීරා
055