වැලිගම සංචාරක නිකේතන විවෘත කරයි


(සුමතිපාල දීයගහගේ)

වැලිගම ප්‍රාදේශීය සභාබල ප්‍රදේශය තුල පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි සංචාරක නිකේතන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව අද ( 1) සිට නැවත විවෘත කළ බව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා පවසයි.
 
වැලිගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් මිදිගම සිට කඹුරුගමුව දක්වා පිහිටි සංචාරක නිකේතන නැවත මෙසේ විවෘත කර ඇත.
 
එම බල ප්‍රදේශය තුල සංචාරක නිකේතන හාර 400 ක් පමන ක්‍රියාත්මකවන නමුත් සංචාරක මණ්ඩලයේ ලියාපදිංචිවී ඇත්තේ විසි හයක් බවද ඒ මහතා පැවසිය. මේ අතර සෞඛ්‍ය ක්‍රමවේදයන්ට යටත්ව ඉතිරි සංචාරක නිකේතනද පියවරෙන් පියවර විවෘත කිරිමට බලපොරොත්තුවන බවද පුෂ්පකුමාර මහතා වැඩි දුරටත් සදහන් කළේය.
 
මෙම සංචාරක නිකේතනවලින් වැඩි ප්‍රමාණයක් මිරිස්ස ප්‍රදේශයේ පිහිටා ඇත.