අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාවක් සිටින මැලේසියාවේ කොරෝනා වෛරස පරීක්ෂණ වේගවත් කරමින් සිටින බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම සතිය අවසානය වනවිට දිනපතා පරීක්ෂණ 7,000 ක් පමණ කිරීමට සිදුවනු ඇතැයි ද එය දැනට සිදුකරන සංඛ්‍යාව මෙන් දෙගුණයක් බවද ඔවුහු පවසති.
එසේම අප්‍රේල් පළමු සතිය වනවිට දිනකට16,500 ක් පමණ පරීක්ෂා කිරීමට සිදුවනු ඇතැයි ද ඔවුහු අනුමාන කරති.
මැලේසියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් නූර් හිෂාම් මෙසේ පැවසීය." අපි නරකම අවස්ථාව සඳහා සූදානම් වෙමින් සිටින නමුත් හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙමු. "
මැලේසියාවේ මේ වනවිට කොරෝනා ආසාදිතයින් 1 518ක් වාර්තා වන අතර මරණ14ක් සිදුවී ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
’නරකම අවස්ථාවට මුහුණ දෙන්න මැලේසියාව සූදානම් වෙයි’
Recommended Articles