“මිලක් නැතිව කල්පිටියේ වගාබිම් වැනසෙයි‘‘


( හිරාන් ප්‍රියංකර ජයසිංහ  )
 
නිසිඳු මිලක් නොමැති කමින් කල්පිටියේ වගාබිම් වල අස්වැන්න එම භුමි තුලම විනාශ වෙමින් ඇති බව වගාකරුවන් පවසයි .
 
කොරෝනා වසංගතයත් සමඟ එළවළු සදහා නිසි මිලක් නොමැති විමේන් තමන් අන්ත අසරණ වි වගා බිම් තුළ  විනාශ විනාශ වෙමින් ඇති බව වගා කරුවන් කියයි.
 
කල්පිටිය අර්ධද්විපයේ වගා කර ඇති එළවළු හා පලතුරු සදහා මාස දෙකකට ආසන්න කාලයක් මිලක් නොලැබුුන බවත් මේ හේතුවෙන් අක්කර සිය ගනනක වගාවන් නැවත වගා ආරම්භ කිරිමේ අරමුණින් බිම් සැකසිමට කටයුතු කරන බව වගා කරුවන් පවසයි .
මේ වන විට දළුව ,නාවක්කඩුව , මාන්පුරිය, නාරක්කල්ලිය , පනිඅඩිය , පුලච්චේන, නොරෝච්චෝල ,  ආලංකුඩා, ආන්නන්කන්ඩි, පාලකුඩා, තලවිල , කුරිඤඤංපිටිය , සේතපොල, මුසල්පිටිය, ඇතුළු ගම්මාන රැසක වගාබිම් අක්කර සිය ගනනක් වගාවන් වල මිල නොමැති කමින් වගා බිම් තුලම විනාශ වන බව කියයි.
 
මේ වන විට කල්පිටියේ මාළු මිරිස් කිලෝව රුපියල් 20 ක් බවයි, මෑ කිලෝව රුපියල් 30 ක් ද, බණ්ඩක්කා රුපියල් රුපියල් 30 ක් ලෙසද , බිට් කිලෝව රුපියල් 20 ක් ලෙසද , පිපිඤඤා කිලෝව රුපියල් 25 ක් ලෙසද , හින් මිරිස් රුපියල් 80 ලෙසද , බටානා රුපියල් 40 ක් ලෙසද ඒසේම අනිකුත් සියලුම එළවළු රුපියල් 50 කට අඩු බවද වගාකරුවෝ කියති.
 
මේ පිලිබදව අදහස් දැක්වු වගාකරුවකු වන රේජීනෝල්ඩ්  ක්‍රිස්ටි අප්පුහාමි  මහතා මෙසේ පවසන්නට විය .
 
“ මේ වසංගත තත්වය කල්පිටියේ ගොවින් අන්ත අසරණ වුනා . මොකද මේ කාලයට සාමානයෙන් එළවළු කිලෝවක් රුපියල් 50 කට වැඩි මිලක් යනවා වෙනත් කාලවලදී . නමුත් මේ වසංගතය නිසා අපි අන්ත අසරණ වුනා .එළවළ වල පවතින මිල අඩු නිසා අස්වැන්න නෙලන්න යන ශ්‍රමික කුලියවත් අපිට නොලැබෙන නිසා අස්වැන්න  නෙලන්නේ නැහැ .
 
ඒ නිසාම මේ වෙද්දි මාළු මිරිස් , මෑ , කොමඩු , බණ්ඩක්කා , ඇතුළු එළවළු වර් ග විශාල වශයෙන් වගා බිම් වල විනාශ වෙනවා .මේ වෙද්දි මේ වගා බිම් වල නැවත වගා ආරම්භ කරන්න බිම් සැකසිමට ට්‍රැක්ටර් යොදා ගනිමින් සිටිනවා .
 
මේ පිළිබදව තවත් අදහස් දැක්වු කේ.එල් .පොඩි නිළමේ මහතා පවසා සිටියේ මෙවැන්කී.
 
“ අපි දහ දුක් විදලා කරන වගාවන්ට සමහර කාල වලදි අධික මිලක් ලැබේනවා .නමුත් සමහර කාලවලදි අපේ වියදමවත් පියවා ගන්න බැරි තරමට මිල පහත වැටිමක් සිදුවෙනවා .
මේ නිසාම මම වගාකරුවකු ලෙස කල්පනා කරන්නේ කිසිම ලෙසකින් පාරිභෝගිකයා සේම වගාකරුවන් ආරක්ෂා වන ආකාරයෙන් මිලක් නියම විම විශේෂ කාරණාවක් . 

මේ නිසා වගකිව  යුතු අංශ මේ සදහා නිසි මැදිහත් විමක් විය යුතුයි . යැයි ඔහු පැවසිය.