ගල් කටස් මැදින් රතු පලස මතට


සිනමා සක්විතිගේ දේශපාලන කලාව 2

ගාමිණී ෂෙල්ටන් ෆොන්සේකා යනු අපේ යුගයේ දේශපාලන චරිතයකි. ඔහු මෙරට ප‍්‍රධාන දේශපාලන භූමිකා රැුසක් නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සමගි පෙරමුණ අතර සීතල යුද්ධයේ දී කැපී පෙනුණු චරිතයක් විය.


එසේම ගාමිණී ග‍්‍රාමීය මට්ටමෙන් එතෙක් නියෝජනය කළ දේශපාලන භූමිකාව උත්තේජනයක් ලැබුණේ ජනපති ආර්. පේ‍්‍රමදාස මහතා 1989 මහා මැතිවරණයට එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසීමට ඔහුට දොරටු විවර කළ බැවිණි.


මෙම යුගයේ රට පුරාම පැවතියේ ගැටුම්කාරී වාතාවරණයකි. එක අතකින් උතුරින් අරඹා දකුණින් ආක‍්‍රමණය කළ එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයේ අනුඵලය වූ යුද්ධයයි.


තවත් පසෙකින් දේශපේ‍්‍රමී ව්‍යාපාරය යයි. අලූතින් නම් කළ ජනතා විමුක්ති පෙරමුණයි. අනිත් පැත්තෙන් රජය තුළින්ම ක‍්‍රියාත්මක වූ හමුදා ක‍්‍රියා මාර්ග හා එතුළින් නිර්මාණය වූ කල්ලිවාදී මර්දනයයි.


මෙම හේතු නිසා මරණ තුනක් මැද පැණි කෑ මිනිසාගේ කතාව සිහිපත් කරමින් ඡුන්දදායකයෝ පහරදීම් මරණීය තර්ජනය, පැහැර ගැනීම් හා අතුරුදහන්වීම්වලට නිරන්තරයෙන් ලක්වූහ.


”මෙහෙම ගියොත් ඡුන්දෙ දෙන්න තියා ඡුන්දෙ ඉල්ලන්නවත් එකෙක් ඉතිරි වෙන එකක් නෑ” ජනතාව සුසුම් හෙළුෑහ.
 ”ඉස්සෙල්ලාම ඡුන්දෙ දෙන එකාට හිමිවෙන්නේ මරණයයි.”


පෝස්ටර් එල්ලූ දේශපේ‍්‍රමී කල්ලිය පාරම් බෑහ. 


”ඡුන්දෙ නොදී ඉන්න එපා. එතකොට ද්‍රෝහීන්ගේ ගාණට වැටෙනවා” යැයි හමුදාව බලපෑම් කළහ.


ඒ සියල්ල සැබෑ කරමින් මුල් දින කිහිපය තුළට මරණ වැළක් හා කලබල රැුසක් වාර්තා විය. ඡුන්ද පොළට එන ජනතාවගේ ගණනත් අවිනිෂ්චිත වූ වකවානුවක ජනපති ආර්. පේ‍්‍රමදාස කළේ වඩාත්ම උද්ඝෝෂණ පැවැති දකුණු පළාතේ මාතර දිස්ත‍්‍රික්කයේ ඡුන්ද අපේක්ෂකයකු ලෙස ගාමිණී ෆොන්සේකා නම් කිරීමය.


සෑම අභියෝගයක්ම භාරගන්නා ජනප‍්‍රිය ගාමිණී රට වෙනුවෙන් එම යෝජනාව භාරගත් අතර එතෙක් එම දිස්ත‍්‍රික්කයේ සියලූ ප‍්‍රබලයන්ට වඩා වැඩි ඡුන්දයෙන් දිනා පාර්ලිමේන්තුවට පත් විය. ඒ හපන්කම නිසා ගාමිණීට නියෝජ්‍ය කථානායක ධූරය පිරිනැමිණ.


සාමූහික තීරණවල දී අත ඔසවන්නට සිදු වූවද ගාමිණී ආණ්ඩුවේ රූකඩයක් නොවන බව ජනතාව හොඳින් දැන සිටීම ගාමිණීගේ ජයග‍්‍රහණයට හේතුවයි.


තද බැල්මකින් යුතු මුහුණක් සෘජු නැහැයක් හා දැඩි මස්පිඬු හා හිතුවක්කාර කතා විලාසයක් ගාමිණී සතු වුවද ඔහු තුළ වූ සරල ගැමි මිනිසාට මෙන්ම අසාධාරණයට නැගී සිටින පෙරළිකාරයාට ඔවුහු ගරු කළහ.


ගාමිණී රඟපෑමෙන් හා අධ්‍යක්ෂණයෙන් සිනමාවට දායක වූ හැම නිර්මාණයක් තුළින්ම පවත්නා සමාජ අසාධාරණය පිළිබඳ ජනතාව දැනුම්වත් කළ අතර සාමාන්‍ය ජනතාව තලා පෙළා සූරාගන්නා ධනවාදී රදල දේශපාලකයන්ට මරණ මංචකයේදීමවත් සැනසුමක් නොලැබෙන බවට පණිවුඩයක් දුන්නේය. ‘පරසතුමල්’ ඊට උදාහරණයකි.


ගාමිණී චිත‍්‍රපට 108ක රඟපෑ අතර ඉන් 86කම ප‍්‍රධාන චරිත ද 19ක උප ප‍්‍රධාන චරිත කර 10ක් අධ්‍යක්ෂණය කළ අතර දෙකක් නිෂ්පාදනය කළේය. මේ අතරින් ඇතැම් චිත‍්‍රපට බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ අතර රංගනයට දෙන විදෙස් සම්මාන වලින් පිදුම් ලැබිණි.


ඔහු ලෙස්ටර්ගේ ‘සංදේශයෙහි’ පරංගින්ට එරෙහි සිංහල සෙනෙවියෙකි. ‘ගම් පෙරළියෙන්’ දියුණුව සොයා සිංහලේ කැලැවදින ගැමියෙකි. ‘වැලිකතරෙන්’ අයුක්තිය මැඩලීමට සටන් වදින පොලිස් නිලධාරියෙකි. ‘නිධානයේ’ වස්තු තණ්හාවෙන් මිනිස්කම කෙලෙසාගත් විලී අබේනායකය. ‘හුලවාලියේ’ අසාධාරණය වෙනුවෙන් සටන් වදින ගෝත‍්‍රික නායක ධාරාය.


‘උතුමාණනි’ හි නැඟණියට වූ අසාධාරණය ගැන නැඟී සිටින සහෝදරයෙකි.


මේ සෑම නිර්මාණයකින්ම පෙනෙන්නේ ගාමිණීට ලැබෙන චරිතවල පිරී  ඇති මිනිස්කමයි.


1980 දී සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘සරුංගලේ’ නඩරාජා නම් ලිපිකරුගේ චරිතය තුළින් මිනිසා ජාතිකුල ආගම් හෝ පක්ෂවලට බෙදීමෙන් සමාජයට වන විපත අපූරුවට රූපණය වෙයි.


ගාමිණිගේ නිර්මාණ තුළින් වඩාත්ම සමාජ කතිකාවතට අසුවූයේ ‘නොමියෙන මිනිස්සු, කොටි වලිගය හා සාගරයක් මැද’ වැනි චිත‍්‍රපටයි. උතුරේ ප‍්‍රශ්නය ගැනත් වීරෝදාර රණවිරුවන් ගැනත් කියැවෙන එම කතාව ගාමිණී මෙම ගැටලූව ගැන දක්නා අන්දම නිරූපණය කිරීමක් හා සමානය. පසු කලෙක උතුරු නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලෙස ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග විසින් ඔහු පත්කරන්නට යෙදුණේ ද මෙැවනි හැඟීම් දුටු නිසාය.


1966දී ‘පරසතුමල්’ නම් තම අධ්‍යක්ෂණ තුළින් ගාමිණී ගරා වැටෙන රදල මානසිකත්වය මැනවින් නිරූපණය කළේය. බොනි මහත්තයා දුප්පත් ගැමියන් තම සෙල්ලම් බඩු කරගෙන ඔවුන්ගේ ජීවිත සමග කරන අරගලය අවසන් වන්නේ කාලයත් සමඟ අන්ත අසරණ වීමෙනි.


1981 බලයෙන් උමතුව සිටි ඇමැතිවරයකු හා ඔහුගේ පවුල වටා ගෙතුණු ‘සාගරයක් මැද’ රටේ විශාල ආන්දෝලනයකට ලක්වූ සිනමාපටයකි. එහි එන ඩොක්ටර් මොරලන්ද ප‍්‍රභූවරයාගේ චරිතය මුහුණුවර පමණක් නොව ඔහුගේ ගමන් විලාසය ඇවතුම් පැවතුම් හා භාෂා උච්චාරණය ගාමිණී මැනවින් නිරූපණය කළ අතර ඔහුගේ භාර්යාව ලෙස රඟපෑ ප‍්‍රවීණ නිළිි අයිරාංගනී සේරසිංහ එම ප‍්‍රභූවරයාගේ බිරිඳ පිළිබඳ සමාජයේ තිබූ අප‍්‍රසාදය මැනවින් උද්දීපනය වන අයුරින් රැුගුවාය.


ගාමිණිගේ මෙවැනි කෙළින් පෙරළිකාර ක‍්‍රියාදාමයන් නිසා ධනවත්, රඳල මානසිකත්වයක් ගැන හා බලතලවලින් ඉදිමුණු දේශපාලන චරිත බොහෝ කැලඹුණු අතර ගාමිණීට අපහාස නීතිය යටතේ දඩුවම් කිරීමට ද උත්සාහ ගත්හ.
මල්ලි අපි පව් නොකරන්න  ඕනැ අපායට බය හින්ද නොවෙයි. අපායක් නැතත් මනුස්සයෝ වගේ පිරිසිදුව ඉන්න  ඕනැ නිසා. ගාමිණී වරක් මිතුරකුට පැවසීය. මිනිසුන්ට පමණක් නොව විසකුරු සතුන්ට ද හිරිහැර කිරීම ගාමිණී හෙළා දුටුවේය.


”ඔය සතාට තියෙන එකම ආයුදේ තමයි විස දළ” ඒකෙන් තමයි ඌ ආරක්ෂා වෙන්නෙත් ජීවත් වෙන්නෙත්.
මිනිස්කම වෙනුවට මුරණ්ඩුකම නිසා අවි අතට ගන්න මිනිසුන් ගැන ගාමිණී මෙසේ කීවේය ‘ ඕනෑම මුරණ්ඩු මිනිහෙක් ඇහුම්කන් දෙන කෙනෙක් ලෝකෙ කොහේ හරි ඉන්නවා. එයාට විතරයි පුළුවන් මිනිහාව හදන්න.’
‘කඳුළ හෙළිය යුතු තැන කඳුළු හෙළන්නත් අවි අතට ගත යුතු තැන ගන්නත් සමාජයට ඉගැන් වූ ගාමිණී ෆොන්සේකා නම් දේශපාලන කලාකරුවා මුදල් හා බලතල පසුපස දිවගිය අයකු නොවීය.


එහෙත් ගාමිණී කලාව ආවාට ගියාට කරන වෙස්සන්තර කෙනෙක් ද නොවීය.


තිර නාටකයක් අතුළු වාණිජමය පරමාර්ථයක් නැත්නම් ඒකට මුදල් කන්දරාවක් වැය කිරීම බොරු වැඩක්”
චිත‍්‍රපට සංස්ථාව තුළින් සිනමාවේ දියුණුවක් සිදු නොවන බැවින් කිසි දා සංස්ථා බිමට මා එන්නේ නැතැයි ගාමිණි පැවසුවා ද ශිල්පීන් යහපත් පරමාර්ථයෙන් එක්වන සෑම විටම ගාමිණී ද පැමිණ ඔවුන් හා එක්වීය.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි